(මනෝප‍්‍රිය ගුණසේකර)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම ලබන 28 වැනිදා තෙක් වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් පත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලයක් නොතිබියද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නියෝග මත ලිට්රෝ ගෑස් සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කොට ඇතැයි කියමින් ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙර අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඔවුන්ගේ කටයුතු වලට බාධ නොකරන ලෙසද නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට නියම කළේය.
නව අධ්‍යක්‍ෂ මණ්ඩලයට එම තනතුරු වල කටයුතු කිරීම තාවකාලිකව වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා මෙම පෙත්සම යළි කැඳවන ලබන 28 වැනිදා විරෝධතා ඇත්නම් ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට නියම කළේය.
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.
තමන් ලිට්රෝ ගෑස් සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ලිට්රෝ ගෑස් සමාගමට නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර ඇත.
ලිට්රෝ ගෑස් සමාගමට මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එම තත්වය තුළ මුදල් අමාත්‍යාංශය ලේකම්වරයාට ලිට්රෝ ගෑස් සමාගමට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ බලයක් නොමැති බවද සඳහන් කරති.
මෙම තත්වය මත ලිට්රෝ ගෑස් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ තමන්ට එම සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කිරීමට බාධා නොකරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කර ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලිට්රෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්
kule Wednesday, 15 May 2019 06:18 PM
මට මතක් වෙන්නේ පසුගිය ඔක්තෝබර් 25 සිදු වුණුදේ වගේමයි කියලයි ලොක්කාගෙන් ඉගෙනගෙන වගේ...
nihal Wednesday, 15 May 2019 06:21 PM
අැයි බණ දේශනාකරන්න මුදල් ඇරලා නැද්ද?