IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

(ටී.කේ.ජී.කපිල)

ලොව පුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැඳී සිට, මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.

මේ ආකාරයට මේ වනවිට විවිධ රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් , ඒ වනවිට පැවති තත්වයන් යටතේ ඔවුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බවත් සභාපතිවරයා පැවසීය.

දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංසංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කර දෙන බව ද සභාපතිවරයා කීය.

මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන් , ශ්‍රී ලංකා රේගුව , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනක් බවත් , එසේ මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මේ සදහා තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය , ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඉදිරි දින කීපය ඇතුළත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

ලාංකික ගුවන් මගීන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

Ruhunu Wednesday, 01 July 2020 05:37 AM

ගාණ ටිකක් වැඩිවුණාට කමක් නැහැ. ගන්න තියෙන දෙයක් වගකීමක් තියෙන තැනකින් පිටින් ගන්න. ඔය සාප්පුවලින් පෙන්නන දේ නෙමෙයි අපිට දෙන්නේ.. ඒ වගේම ඒ සාප්පුවල භාණ්ඩ විකුණුවට යම් දෝෂයක් තිබුණොත් අලුත්වැඩියා කරන්න යන්න වෙන්නේ වෙනත් ආයතනවලට.. ඊට පස්සේ නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම අත්දැකීමෙන් කියන්නේ.

:       8       218

ramaWednesday, 01 July 2020 06:19 AM

සහතික ඇත්ත, පිටින් ගන්න අවස්ථාවක් දෙනවා නම් මීටවඩා වටිනවා... තීරුබදු කඩවල ඉන්නේ හොරු...

:       8       133

Piyasingha Wednesday, 01 July 2020 06:33 AM

ඔය තීරුබදු නැහැයි කිව්වට පිටින් ගන්න බඩු හොඳයි... අනික විකුණන මිනිස්සු සුහදයි.

:       4       43

de silva Wednesday, 01 July 2020 06:43 AM

රුහුණුගේ අදහස මමත් අනුමත කරමි.

:       11       40

palitha Wednesday, 01 July 2020 07:42 AM

ඒක ඇත්ත. තීරු බදු රහිත වුණාට.., ඔතන තියෙන කඩ 90%ක් ම පුද්ගලික තනි ව්‍යාපාර... හොඳම දේ නම්, තමන්ට අවශ්‍ය බදු ඒ ඒ අදාළ ආයතනයේ නිල වශයෙන් සිටින සාප්පුවෙන්ම බදු ගන්න එක...

:       3       67

අමල් Wednesday, 01 July 2020 08:21 AM

දැන් ගෙදර ගිය මිනිස්සු බඩුගන්න ආපහු ගම්වල ඉඳන් කටුනායක එන්න ඕනෙද ඩියුටි ෆ්‍රී බඩු ගන්න. ඒ වියදම එක්ක බැලුවාම ඕක ප්‍රායෝගික වැඩක්ද?

:       1       20

sugath Wednesday, 01 July 2020 09:38 AM

මිනිස්සු ඔතෙන්ට ගෙන්වනවාට වඩා හොඳයි, ඔන්ලයින් ඇප් එකක් හඳුන්වලා දීලා කැමැති කෙනෙකුට පාස්පෝර්ට් විස්තර පුරවලා.. කාර්ඩ් එකෙන් පේ කරලා ඕඩර් කරන්න අවස්ථාව දුන්නා නම්... ඩිලිවරි චාර්ජ් එකක් ගහලා අදාළ තැනට ඩිලිවරි කරන්න පුළුවන්නේ...

:       0       30

nandana Wednesday, 01 July 2020 10:06 AM

පත්වන සෑම ආණ්ඩුවක්ම විදේශ ශ්‍රමිකයින්ගේ ගුණ කියයි. අද මේ ශ්‍රමිකයින් ගෙනෙන මුදල් නොමැති නම් රටේ ණය පවා ආපසු ගෙවිය නොහැකි තත්වයක් ඇත. අප මේ අයට මීට වඩා හොඳින් සැලකිය යුතුයි. ගුවන් තොටුපොළේ ඇති තීරුබදු රහිත සාප්පුවල මිනිසුන් රස්තියාදු කරන්නේ නැතිව, මිනිසුන්ට තමන් ජීවත්වන ප්‍රදේශයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවකාශය දිය යුතුයි. එයින් ඔවුන්ට කාලය සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අවම කර ගත හැක.

:       5       33

විපරමා Thursday, 02 July 2020 12:11 PM

තීරුබදු රහිත කිව්වට තියෙන බඩු ගිනි ගණන්. ආපු ගමන් ගිලගන්න බලාගෙන කට්ටිය නම් ඉන්නවා.

:       0       0

damith Saturday, 04 July 2020 01:19 AM

ඩියුටි ෆ්‍රී වේලිලා හින්දා ඒ අයගේ ඉල්ලීමට කරන වැඩක් ද කොහෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 9 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 41 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 109 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 572 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 958 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 796 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site