IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ලක්ෂ 30 ක මුදල් වංචා කළ නිලධාරීනියට අත්හිටවූ සිරදඬුවම්


 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ රුපියල් ලක්‍ෂ 30ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරද පිළිගත් එම ජාත්‍යයන්තර පාසලේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිණියට අත්හිටවු සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා රුපියල් ලක්‍ෂ 11ක වන්දියක් එම ජාත්‍යයන්තර පාසලට ගෙවීමට නියම කළේය.

විත්තිකාරියට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර එම දඬුවම වසර 07 කාලයක් සඳහා අත්හිටුවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 10,000/-ක දඩයකටද ඇය යටත් කළේය.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුවේ ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කළ ෆාතිමා නසීනා කිල්රූ නමැත්තියටය.

2007 දෙසැම්බර් මස පළමුවැනිදාත් 2008 නොවැම්බර් මස 30   වැනිදාත් අතර කාලයේ ගේට්වේ ජාත්‍යයන්තර පාසලේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරමින් එම පාසලේ රුපියල් 3002997/- ක මුදලක් විශ්වාසය කඩ කිරීම සහ එම මුදල් සාවද්‍ය පරිහරණය කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව නඩු පවරා ඇත.
 



අදහස් (5)

ලක්ෂ 30 ක මුදල් වංචා කළ නිලධාරීනියට අත්හිටවූ සිරදඬුවම්

Bamunuarachchi Wednesday, 20 February 2019 11:51 AM

මට නම් නඩු තීන්දු ගැන පුදුම හිතෙනවා. ලක්ෂ 30ක් වංචාව ලක්ෂ 11 ක වන්දියක් 10000 ක දඩයක් වංචාවක් කළ පුද්ගලයාට 18 ලක්ෂ 90 දාහක ලාභයක්...

:       0       663

samantha Wednesday, 20 February 2019 03:47 PM

හොරකම් කිරීම ලාභ ලැබියහැකි ව්‍යාපාරයක් කරගෙන...

:       0       123

Sarasi Wednesday, 20 February 2019 08:09 PM

කාන්තාවක් හැටියට කියන්නත් ලැජ්ජයි අපේ රටේ කාන්තා පක්ෂයේ සමහරුන්ට , සමාජ විරෝධී වැඩ කරන්න , නීතිය උල්ලංගනය කරන්න , ආචාර ධර්ම කඩ කරන්න දැන් කිසිම පැකිලීමක් නැහැ . මේ කාන්තාවගේ නම ප්‍රසිද්ධ කළා කියලත්. දැන් සමහරු දොස් කියාවි. හොර රහසේ දඬුවම් වින්දාට පසුව තවත් තැනක රැකියාවකට ගොස් එතන සේප්පුවටත් වග කියපුවාම තේරේවි. මම ළඟදී දැක්කා ඕස්ට්‍රේලියාවේ තැපැල් භාණ්ඩ සොරකම් කල ලාංකිකයෙකුව රටෙන් පිටුවහල් කල පුවතක්. එතැනදී කියලා තිබුනේ ඥාතියෙකුට ලක්ෂ ගානක් ණය වුන නිසා සොරකම්. කළා කියලා. මෙහෙම හොරකම සාධාරණීකරණය කරමින් රටේ හැමෝම හොරකම් කලොත් මොකද වෙන්නේ ? අපේ රටේ තිබෙන්නේ මානුෂික හේතු මත වැරදි කලාට කමක් නැහැ කියන ඉතා පිළිකුල් සහගත මතයක්. එහෙම නැත්තන් රටේ දේශපාලකයන් හොරකම් කරන නිසා අපි කලාට මොකද කියලා අහනවා. අනුන් කල නිසා මම කලාට මොකද නැති නම් , මේක තමයි දැන් අලුත්ම රැල්ල කියමින සමාජ විරෝධී වැඩ කරන එක අපි නම් අනුමත කරන්නේ නැහැ .

:       0       2

Bamunuarachchi Thursday, 21 February 2019 01:37 AM

අපේ ගෙදරකට හොරුපැනලා උසාවියෙදී වරදකාරයා ලෙස පිළිගෙන හොරකම් කල මුදලින් වන්දියි දඩයයි ගෙවලා ඉතිරි සල්ලි සාක්ක්කුවේ දමාගෙන ඊළඟ හොරකමට යාවි. වෙන්න බැරිද මේ නඩු තීන්දුව අනුව?

:       0       10

Sumith Thursday, 21 February 2019 04:31 AM

පව් දෙයියනේ !

:       101       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 591 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 112 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 819 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 840 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1232 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1113 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site