IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලක්ෂ තුන හමාරක රන් මාලය ගිල දමයි



(හැටන් රංජිත් රාජපක්ෂ)            

කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා රන්මාලය කඩා ගෙන දිවගිය පුද්ගලයෙක් පොලිසියට අසුවූ අවස්ථාවේදී එම රන් මාලය ගිලදමා තිබේ.

හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කඩාගැනීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වී හැටන් නගරයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළඳසල් වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා තිබේ. පසුව සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරින් නිලධාරින් විසින් සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් විටදී සැකකරු විසින් ඔහු සන්තකයේ තිබු රන්මාලය ගිලදමා ඇත.

සැකකරු මේ මස (21) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය (08) දින නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් මුතාෂ් මොහොමඩ් අලි නැමැති (33) හැවිරිදි යන අයයි.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියේ නිලධාරින් විසින්  දික්ඔය මූලික රෝහලවෙත ඇතුළත් කර එක්ස්රේ ඡායාරුපයක් ගෙන පරීක්ෂා කර බැලිමේදී එම රන්මාලය සැකකරුගේ උදරයේ රැඳී තිබෙන අයුරු පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර ඇත්තේ සැකකරු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සැකකරුගේ  උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගන්නා ලෙසයි.  එම රන්මාලය වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලිසිය වෙත බාරදී සැකකරු මේ මස (21) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.



අදහස් (5)

ලක්ෂ තුන හමාරක රන් මාලය ගිල දමයි

saman Saturday, 08 August 2020 11:28 AM

මෙයාට නම් එනපාර ඡන්දෙට ඉදිරිපත් වෙන්ට මූලික සුදුසුකම් තියෙනවා.

:       29       286

විජිත් Saturday, 08 August 2020 01:48 PM

රන් මාල කැඩීම පිළිබඳ නම්දරාපු දේශපාලකයෙකුගේ ශිෂ්‍යයෙක් වෙන්න ඇති...!!!

:       15       260

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 08 August 2020 04:34 PM

සාමාන්‍යයෙන් මාල හොරෙකු මාල ගිලින්නේ ඉන්පසු මාලය සොයාගන්න බැරි වෙන්නයි. බොහෝවිට මාලේ ලඟ නැති උනාම පොලිසිය විසින් හොරාව අතහැර දමනවා. එහෙත්, මෙහිදී එසේ නොවීම අගය කළ යුතු දෙයක්. විනිසුරු තුමිය සිදු කොට තිබෙන්නේ ඉතාමත්ම අගනා දෙයක්. එක්ස්රේ කිරීම නිසා මාලය ගිල්ල බව ඔප්පු වෙනවා. ඉන්පසු කුමක් හෝ බොන්නට දී වමාර වන්න ඇති. ආයෙත් මාල නම් ගිලින එකක් නැහැ....

:       0       0

බද්රානි Saturday, 08 August 2020 09:38 PM

අපේ හොර පුතා හරියටම හරි... අපි තුන් වේලටම බත් කාලා, දේශීය ක්‍රමයට අල, බතල ගිල්ල පාපය තමයි මේ තවමත් කර ගහගෙන යන්නේ.. කෝච්චි වල විතරක් නෙමේ, කොටි ග්‍රහණයට ( LTTE) අසු උන අහිංසක ද්‍රවිඩ ජනතාවගේ රත්තරන් ටික මංකොල්ල කාපු අයත් ඉන්නේ අද රජ පුටුවල?? උඹ හරි මගේ පුතේ???

:       0       0

Prasad Sunday, 09 August 2020 05:01 AM

කලුතර ඇමැතිතුමාගෙන් උපදෙස් ගත්තා නම් අහුවෙන්නේ නැතිව වැඩ කරන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 790 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 309 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 679 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 103 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 78 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 778 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site