IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංගමයට ප්‍රවාහන ඇමැතිගෙන් තරවටුවක්

(අංජුල මහික වීරරත්න)

පොසොන් සමයේ වැඩ වර්ජනවලට ගොස් මහජනතාව අපහසුතාවයට පත්කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කී ප්‍රවාහන හා සිවිල්  ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා   ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිවාඩු අවලංගු කරන බවත්, එය නොතකා සේවයට වාර්තා නොකරන සියලු දෙනාම සේවය අතහැර ගියා සේ සලකන්නට සිදුවන බවත් පැවසීය. 

දිනෙන් දින දියුණුවට පත්වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දේශපාලනීකරණය කර විනාශ නොකරන්නැයිද, අමාත්‍යවරුන් දෙදෙනාට නොදන්වා වැඩ වර්ජනයකට යෑමෙන් වෘත්තීය සමිතිය බරපතල වරදක් කර ඇතැයිද ඇමතිවරයා ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් හමුවේ අද(13) පැවැසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සුළු සේවක කණ්ඩායමක් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව කීය.

සේවකයන්ට සහන සැලසීම ගැන තමාගේ කිසිදු විරෝධතාවක් නැතැයිද නමුත් වත්මන් ආණ්ඩුව යටතේ පෙර ආණ්ඩුවල වැරදීම් තවදුරටත් වෙනවා නම් ඊට ඉඩදිය නොහැකි යැයිද අමාත්‍යවරයා පැවැසීය.

බස් රථ නියමිත පරිදි ධාවනය කිරීම ප්‍රාදේශීය කළමනාකරුවන්ට සහ ඩිපෝ කළමනාකරුවන්ට පැවරෙන වගකීමක් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ වගකීම ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන බවද කීය.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුද, ජාතික සේවක සංගමයේ නියෝජිතවරුද සහභාගී වූහ.



අදහස් (7)

ලංගමයට ප්‍රවාහන ඇමැතිගෙන් තරවටුවක්

janis Thursday, 13 June 2019 01:36 PM

හරියට හරි ඇමතිතුමනි. ඔබතුමා ඉන්න එක ගැන රටවැසියන් වශයෙන් අපේ ප්‍රණාමය ඔබට.

:       365       833

Raveendra Thursday, 13 June 2019 02:37 PM

ඇත්තෙන්ම් හොද ක්‍රියාවක්. තම තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් අරගල කිරීම කිසිදු වැරද්දක් නොමැත. නමුත් අහිංසක මිනිසුන්ව පිඩාවට පත්කර ලබා ගන්නා ජය නම් ජයක් නොව පරාජයකි. දොස්තර මහත්හොරුන්ට මෙය කියවීමට, දැකීමට හැකි වේවා....

:       2       728

Chamin Thursday, 13 June 2019 04:52 PM

අර්ජුන මහතා මෙම ප්‍රවෘත්තිය බලනවා නම් කරුණාකරලා නාවලපිටිය සිට ගම්පොල, වෙලම්බොඩ, ලියන්ගහවෙල ,අඹගස්තැන්න හරහා පිලිමතලාවට CTB එකක් දාන්න. නාවලපිටියෙන් උදේ 6 ට පටන්ගෙන පිලිමතලාවට 8 හෝ 8.30 විතර වෙනකොට එන්න. 60/80 කට වැඩි පිරිසක් ඉන්නවා වැඩට එන්න. ආයේ සවස 4 ට විතර පිලිමතලාවෙන් යන්න. ගොඩක් තේ වතුවල වැඩකරන යත ඉන්නවා යන්න. පින්සිද්ද වෙයි

:       1       197

Nandalal DE SILVA - France Thursday, 13 June 2019 05:54 PM

හොස්ස ලඟින් මැස්සා ගියොත් වැඩ වර්ජන කිරීමට පොළඹවන වෘත්තිය නායකයන් ඉන්න රටක් දියුණු කරන්නේ කොහොමද කියා අපට තේරෙන්නේ නැහැ! මේ අය සේවකයන් අතකොළු ලෙස යොදවා මහජනයා අසරණ කරවා ඉන් විඳින්නේ අසමසම වින්දනයක් නොවේද? ගමනාගමන සේවකයන් වැඩ වරන්නේ දරුවන් විභාග වලට යාමට ගෙදරින් යන දිනවල හෝ පින්වතුන් පොහොය දිනවල වන්දනාවේ යාම පිණිස තෙල් මල් අතට ගැනීමට සුදානම් වන විටයි! අත්‍යවශ්‍ය සේවා හැටියට සෞඛ්‍යය, ගමනාගමන සේවා නීතිගත කිරීමට රජය හදිසි පියවර ගත යුතු වෙනවා.

:       1       314

de silva Thursday, 13 June 2019 09:15 PM

රටේ ආර්ථිකය පහලට වැටිලා ජනතාව අසරණ වෙල් ඉන්න වෙලාවේ , වැඩ වර්ජන කරමින් එක එක දේවල් ඉල්ලන නරුමයෝ රස්සාවෙන් එලවල දමන්න ඕනේ , ඕනේ තරම් රැකියා නැති බරවාහන බලපත්‍ර තිබෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා . දැන් මේ රට්ටට ඕනේ කරලා තිබෙන්නේ රණතුංග මැති තුමා වැනි කෙලින් තීරණ අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලකයෝ .

:       49       392

rohana Thursday, 13 June 2019 11:24 PM

අන්න හරි එහෙම තමයි කරන්න ඕන. චන්ද පදනමක් නැති එවුන්ට ඕන හැටියට පාලනය කරන්න දෙන්න එපා.

:       0       31

jayath Friday, 14 June 2019 04:12 AM

ලන්ගමෙන් සේවයක් වෙනවා තමයි නමුත් 100% ක් ඉන්නේ දේශපාලන "ජුන්ටෝ " නව ඒ නිසා මේක "පව්ලේ ප්‍රශ්නය ක් " මේක කොච්චර දේශපාලනීකරණය වෙලාද කියනවනම් එක්තරා යුගයක ඔය වෘත්තීය සමිති නායකයෙක් හැන්දෑවට ගෙදර එන්නේ බස් එකක් අරගෙන් හැබැයි හුඟක් දවසට දෙපැත්තේ තියන වටවලුත් මාන ගෙදර අරන් යනවා ( ඒ කාලේ එච්චර තාප්ප නැහැ )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1161 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site