IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ලන්ඩනයේ ඩොලර් 200ක්

ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ලන්ඩන් අවන්හලකට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත.

ලොව හොඳම තේවලට ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ දළු නෙළන්නියන්ගේ දෑතින් නෙළාගත් මේ දුලබ තේ  වර්ගය අලෙවි වන්නේ ලන්ඩනයේ බකිංහැම් මාලිගාව ඉදිරියේ පිහිටි ‘ද රූබන්ස් ඇට් ද පැලස්’ නමැති අවන්හලේය.

බ්‍රිතාන්‍යයේ මිල අධිකම තේ කෝප්පයක රස බැලිය හැක්කේ මෙම අවන්හලේදී යැයි බ්‍රිතාන්‍ය  මාධ්‍ය කියයි.

තේ පෝච්චියක් අළෙවි වන්නේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 කට (ඇමෙරිකාන් ඩොලර් 620 එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 109,000 ක) මුදලකටය.

ගෙවන අති විශාල මුදලට සමාන රාජකීය පිරිනැමීමක් තේ පිළිගැන්වීමේදී පාරිභෝගිකයන්ට හිමිවේ.

මෙම අතිවිශේෂ තේ සකසන්නේ ද විශේෂිත ක්‍රමවේදයකට අනුවය. මේ දුලබ තේවල මිහිරි  රසය විඳින්නට නම් කිසිදු ආහාරයක් ගැනීමට පෙර තේ පානය කළ යුතු යැයි හෝටල් කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

‘ගෝල්ඩන් ටිප්ස් ටී’ යනුවෙන් හැඳින්වෙන මෙම විශේෂිත තේ වර්ගය සුදු පැහැයක් ගන්නා අතර ඒවා ලැබෙන්නේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ තේ වතුවලිනි.

මෙම විශේෂිත තේවල වත්මන් මිල ඉතා අධික යැයි පෙනුණද අතීතයේදී මේ තේ අළෙවි වූයේ මීට වඩාත් වැඩි මිලකටය. වසර 1891 ක කාලයේදී මේ තේ අළෙවි වූයේ ඇමෙරිකානු ඩොලර් 1,500කට ආසන්න මුදලකටය.

‘ද රූබන්ස් ඇට් ද පැලස්’ හෝටලයේ හැදෙන මේ විශේෂිත දුලබ හා මිල අධික තේ සපයනු ලබන්නේ විශේෂිත තේ අළෙවිකරුවකු වන පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමෙනි. පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ මූලස්ථානය බර්ක්ෂයර්හි පිහිටා ඇති අතර ඔවුහු විශේෂඥ තේ අළෙවිකරුවෝ වෙති.

“රූබන්ස් ගෝල්ඩන් ටිප්ස් තේ දළුවලින් එහි සාරය තුන් වරක් පමණ උරා ගන්න පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම විශේෂිත සහ අලුත් රසයක් එනවා. ඒ වගේම ඒ සුවඳත් වෙනස්. මුල් අවස්ථාවේදී එන්නේ ඉතා සිනිඳු විල්ලුදවලින් එන සුවඳට සමාන සුවඳක්. දෙවැනි වරට එන්නේ කොමඩු සහ පෙයාර්ස්වල එන සුවඳක්. තෙවැන්නේ ඔබට එන්නේ මී පැණිවලින් එන සුවඳක්” යැයි පී.එම්. ඬේවිඞ් සිල්වා සහ පුත්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ‘ටී මාස්ටර්’ (විශේෂඥ තේ අළෙවිකරු) වන ධනංජය සිල්වා පැවැසීය.

ඬේලි එෆ්.ටී. හා ඬේලිමේල් ඇසුරිනි 

055

 



අදහස් (9)

ලංකාවේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ලන්ඩනයේ ඩොලර් 200ක්

Chathuri Thursday, 18 July 2019 10:31 PM

පුදුමයි මම ඇමරිකාවේ නිව්යෝක් වලින් ගත්තා 34 ස්ට්‍රීට් එකෙන් මේඩ් ඉන් ශ්‍රීලංකා තේකොල පැකට් 100 තියෙනවා ඇමරිකන් ඩොලර් එකයි, එක කෝප්පයක් හදන්න පැකට් 2 දමන්න ඕන, කවුරු හරි කුණු ගොඩක් එවල ලා, මම ලංකාවටත් එව්වා පවුලේ අයට ,

:       0       1

themisSaturday, 20 July 2019 02:41 PM

ලංකාවෙන් වෙන්න බෑ. මෙහෙත් පැකට් 25 පැක් එකක් ඩොලර් 1 පනිනවා. (ලංකාවේ) පරණ වූ ඒවාද දන්නේ නෑ.

:       0       52

SisiraSaturday, 20 July 2019 07:41 PM

ලංකාවේ තේ එකක් කීයද? පැකට් 100 කට කීයද?

:       0       0

කුමර Friday, 19 July 2019 01:06 AM

හදපිරි සුභ පැතුම් ....හරිම ආඩම්බරයකි

:       0       2

lalithm Friday, 19 July 2019 03:10 AM

අපේ මිනිසුන්ට ලංකාවේ හොඳ දේවල් හරියට ඉදිරිපත් කරන්න දැනුම දෙන්න ඕනේ රජයෙන්. ඒත් එහෙම වෙන්නේ නෑ. මේ ශ්‍රී ලංකාවේ

:       0       1

අනුර Friday, 19 July 2019 03:34 AM

ලංකාව ගැන මෙවැනි ප්‍රවෘත්තියක් අසන්නට ලැබීමත් හිතට ලොකු සතුටක් දැනේ.

:       0       2

මිණිරුවන් Friday, 19 July 2019 03:54 AM

මේ වගේ තේ එකක් බොන්න ලංකාවේ අපට පිනක් නෑ වගේ නේද?

:       0       1

leel gunawardena Saturday, 20 July 2019 10:04 PM

මේ තේ , අර රසයි මෙරසයි කියල විශාල මුදලක් ගසා කනවා නමුත් හේ දළු නෙලන අයට ලැබෙනවද ? අමතර දීමනාවක් මොනවද / මේ කතා .පොහොසත් කම කියන්නේ දුප්පත් කම තිබෙන නිසයි.

:       0       2

Sagandhi Tuesday, 23 July 2019 01:53 PM

හොඳම තේ කෙන්නියා තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 25 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1478 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 454 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 537 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 407 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 570 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site