IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ජනමත විචාරණයකට රුද්‍රකුමාරන්ගෙන් විදෙස් මෙහෙයුමක්


 
 තිළිණි ද සිල්වා  
 
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජය    කැනඩාවේදී  වැඩසටහනක් දියත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
තමන්ට අවශ්‍ය  එක්සත් රාජ්‍යයක්ද , ෆෙඩරල් රාජ්‍යයක්ද, සමූහාණ්ඩුවක්ද නැතිනම් වෙනම රාජ්‍යයක්ද යන්න පිළිබඳව විමසීම මෙම ජනමත විචාරණ වැඩසටහනේ අරමුණ වන බව දෙමළ ඊළාම් සංක‍්‍රාන්ති රජයේ නියෝජිතයන් ප‍්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.
 
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඞ් මෙල්කර්ට් ද එක්ව ඇති බවද  බවද වාර්තා වේ.
 
කැනඩාවේ  සිට  දියත් කළ මෙම වැඩසටහනින් අනතුරුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඊට අදාළ ක‍්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවද  ටී.ජී.ටී.ඊ. සංවිධානය සඳහන් කියා සිටී. ලාංකීය දෙමළ ජනතාව සිය දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තීරණය කළ යුතු බවත්, එම ප‍්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, ටී.ජී.ටී.ඊ. සංවිධානය සංවිධානයේ ප‍්‍රධානියා වන රුද්‍රකුමරන් ප‍්‍රකාශ කර තිබේ. 
 
එමෙන්ම එවැනි ජනමත විචාරණ තුළින් ලොව පුරා අරගල රැසක් නිමාවට පත් කිරීමට හැකි වූ බවට ටී.ජී.ටී.ඊ. සංවිධානය ඉදිරිපත් කර ඇති උදාහරණවලට වෙනම රාජ්‍යයන් බිහි කළ දකුණු සුඩාන සහ නැගෙනහිර ටිමෝර ජනමත විචාරණ ද ඇතුළත් වන රුද්‍රකුමරන් ප‍්‍රකාශ කර සිටී. 



අදහස් (5)

ලංකාවේ ජනමත විචාරණයකට රුද්‍රකුමාරන්ගෙන් විදෙස් මෙහෙයුමක්

sathyapala Monday, 16 April 2018 12:00 PM

ඔන්න ඔය කාරණය සඳහා රටින් පිට සිටින ලංකාව ගැන කිසිඳු කැක්කුමක් නැති ද්‍රවිඩ පුද්ගලයින් බුරුතු පිටින් ලංකාවේ පුරවැසි බව ඉල්ලන්නට පටන්ගත්තා. මේබව දැනගත් පසුගිය රජය එ්ක ජන වර්ගයකට පමණක් පුරවැසිභාවය නොදී බැරි නිසා ද්විත්ව පුරවැසිභාවය දීම නවතා දැමුවා. මේ කිසිවක් නොතේරෙන මේ අමන රජය... කොටියා කූඩුවෙන් ඇරියා සේ මේ විනාශයට පාර කැපුවා. දැන් ඉතින් රටින් පිට සිටින "ශ්‍රී ලාංකික පුරවැසි ද්‍රවිඩයින්" රටින් පිටත ඊලාම් රජයක් සදහා පාර කපමින් සිටිනවා.

:       15       535

Chanak Los angelesTuesday, 17 April 2018 01:30 AM

ඔබ කලබල වෙන්න එපා

:       0       0

menna Monday, 16 April 2018 12:52 PM

තමිල්නාඩුවෙන් ගෙනැල්ලා ඡන්දේ ගන්න වෙයි. කාගෙන්ද ජනමත විචාරණයක් ගන්නේ? ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන්ද? මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ගෙන්ද? ලංකාවට ලංකාව නොකියා ලෝකේ කියලා කියන්න වෙයි.

:       35       73

sanath Tuesday, 17 April 2018 03:48 AM

මේ රටේ ඉපදිලා කලා බීලා ලොකුමහත් වෙලා රටටම බෝම්බ ගහලා විනාශ කරන්න බැරි වුණු තැන රටින් පැනලා ගිහිල්ලා පිට රටවල් වල ඉඳලා මිසයිල් එවන්න තමයි මේ දේශද්‍රෝහීන් වලිකන්නේ. ලංකාවේ ජීවත්වෙන දෙමල ජනතාවගෙන් 99.9% කට මේ ඩයස්පෝරා කාරයින්ගේ විකාර වැඩ එපාවෙලයි තියෙන්නේ.

:       0       0

Thanuja Tuesday, 17 April 2018 08:25 AM

දැන් ඉතින් පඹයින්ට ගෙදර යන්න පුළුවන්. ඒ ගොල්ලෝ බලයේ ඉන්න තරමට කොටි ශක්තිමත් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 50 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 65 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 72 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 229 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 608 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site