IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රෝහිත බෝගල්ලාගම එජාප සාමාජිකත්වයෙන්- ජාතික ලැයිස්තුවෙන් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගල්ලාගම මහතා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

එම ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද යවා ඇත.

ඒ අනුව ජූනි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් සහ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.

පක්ෂ දේශපාලනයේ සීමාවලින් ඉවත් ව ‘‘ශ්‍රී ලංකාවට මුල්තැන’’ යන ආදර්ශ පාඨය ඔස්සේ යමින් ජාතියට සේවය කිරීමේ කාලය එළැඹ ඇතැයි ද බෝගල්ලාගම මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.

අපගේ සාම්ප්‍රදායික විශ්වාස සහ ජනතාවගේ බලාපොරොත්තු එකිනෙකට නොපෑහෙන බවත් ඒ සියල්ලටම වඩා ජාතික අභිලාෂ සඳහා වැඩි ඉඩක් දීමේ අවශ්‍යතාව පැන නැගෙමින් තිබෙන ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.

‘‘කොවිඩ්-19 වසංගතයෙන් පසු රට ප්‍රබල අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. ඒවාට විසඳුම් සෙවීම සඳහා බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමඟ එක්සත්ව හා එකමුතුව, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කළ යුතුයි. එබැවින් රටටත් ජනතාවටත් බාරදූර වගකීමක් තිබෙන බව මම දැඩි සේ විශ්වාස කරනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වීමෙන් මේ රටේ ජනතාවට සේවය කිරීමට මට වැඩි අවස්ථාවක් ලැබෙනවා’’ යැයි රෝහිත බෝගල්ලාගම මහතා තවදුරටත් සඳහන් කර ඇත.  


055 



අදහස් (25)

රෝහිත බෝගල්ලාගම එජාප සාමාජිකත්වයෙන්- ජාතික ලැයිස්තුවෙන් ඉවත් වෙයි

rama Wednesday, 08 July 2020 11:12 AM

තානාපති කමත් හරි, සංස්ථා සභාපතිකමක් වත් ලැබෙන්න වගේ යන්නේ...

:       0       0

de silva Wednesday, 08 July 2020 11:26 AM

මෙයාලට මිනිස්සු ඡන්දේ දෙන්නේ නැති බව දැනගෙන ලැජ්ජාවෙන් බේරෙන්න කළින්ම ඉවත්වෙලා.

:       0       1

පහන් Wednesday, 08 July 2020 11:28 AM

ආණ්ඩුවකට නම් වද්දගන්න එපා. රට සවාරි ගිහින් දුප්පත් ජනතාවගේ සල්ලි කනවා.

:       0       54

මහසෙන් Wednesday, 08 July 2020 11:42 AM

එහෙට මෙහට ගිය වාර ගණනයි.. එහෙම ගිහින් ගත්තු වර්ප්‍රසාද මොනවද කියලයි මෙයාටවත් මතකද දන්නෑ. රටට, දැයට ආදරේ... පුත්තු..!!!

:       0       130

rama Wednesday, 08 July 2020 11:56 AM

මෙයා තමයි දුවගේ උපන්දින පාටියට ලක්ෂ 70ක් වියදම් කළේ... ඒවා රජයේ සල්ලි...

:       0       149

[email protected] Wednesday, 08 July 2020 12:14 PM

මෙයා නම් කිසිම පක්ෂයකට ගන්න හොඳ නැති පහත් ගතිගුණ තියෙන උද්දච්ඡ මනුස්සයෙක්...

:       0       173

Hafeel Wednesday, 08 July 2020 09:10 PM

එහම කියන්න එපා. මෙයා සුදුසු එජාප යට, පොහොට්ටුවට, සමගි ජන බල වේගයට. මොකද්ද ඔවුන්ටත් ලැජ්ජා නැහැ, මෙයාටත් ලැජ්ජා නැහැ.

:       0       50

Prabha Wednesday, 08 July 2020 12:20 PM

ලංකාවට මුල්තැන නැතිනම් බඩගෝස්තරේට මුල් තැනද? දැන් වැඩ යන බලලා හෙමීට මැස්ස ගහයි.

:       0       92

fairoos Wednesday, 08 July 2020 12:42 PM

ගෙම්බෝ ටික දැන් එළියට එයි.

:       0       134

Amula Wednesday, 08 July 2020 01:06 PM

මේ පාර කාටද එන්න හදන්නේ මුන්නැහේ...?

:       0       130

විපරමා Wednesday, 08 July 2020 01:21 PM

මෙයා කාලයක් විදේශ ඇමති වෙලා හිටියා. කිසිම වැඩකට නැහැ... පුලුවන් තරම් රට සවාරි ගහලා මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කරපු එකමනේ කෙරුවේ.

:       0       124

Buddika Wednesday, 08 July 2020 01:35 PM

මොකක් කිව්වා...? එජාපයට ජාතික ලැයිස්තුවේ දෙන්නෙක්වත් දාගන්න බැහැ. අනික මෙයා ඇමැති කාලේ නොකරපු සේවය දැන් කොහේ කරන්නද?

:       0       212

liyanage Wednesday, 08 July 2020 01:45 PM

ගෙම්බන්ටත් දැන් තැනක් නැහැ.

:       0       36

Bandara Wednesday, 08 July 2020 02:39 PM

දැන් තමා UNP එකට ලොකුම සේවය කරලා තියෙන්නේ...

:       0       77

kule Wednesday, 08 July 2020 02:54 PM

මහජන මුදල් ලක්ෂ ගණන් ගෙනැල්ලා දූදරුවන්ට කේක් කපන්න පනින්නද යන්නේ...?

:       0       37

sam Wednesday, 08 July 2020 02:59 PM

පොහොට්ටුව පළාතටවත් ගන්න එපා. සල්ලි කාපු එක විතරමයි කළේ.. අනික් අය සල්ලි කන ගමන් මොනවාහරි වැඩකුත් කළා... මෙයා කළේ පාටි දාන්න අරවට, මේවට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තු එක. නාරාහේන්පිට පොළට යවන්න විතරයි හොඳ...

:       8       154

බණ්ඩාර Wednesday, 08 July 2020 03:23 PM

පොහොට්ටුව පැත්ත පළාතකට ගන්න එපා. යන තැන කනවා...

:       6       627

ශ්‍රීලාල් වලල්ලාවිට Wednesday, 08 July 2020 03:48 PM

කෝට්ටේ ඉඩම් ගොඩ කරලා හොඳට හැදුණා..

:       0       88

Ranjith Wednesday, 08 July 2020 04:07 PM

මෙයා නම් ගත්තාටත් වැඩක් නැහැ

:       0       1

Ranjith Wednesday, 08 July 2020 04:29 PM

මෙයා රට වෙනුවෙන් කළ යුතු වගකීම කුමක්දැයි හරියට දන්නේ නැහැ. උඩඟුකමින් කටයුතු කළා හැරෙන්නට වෙන කිසිවක් ජනතාවට කළේ නැත.

:       0       0

විශුද්ධි Wednesday, 08 July 2020 07:55 PM

රටට යම් වැඩක් කළා. ඒ වගේමයි හොරකම් බොහෝ කළා.. බලය අයුතු ලෙස පරිභෝජනය කළා.

:       0       0

Hafeel Wednesday, 08 July 2020 09:13 PM

දිවිත්ව පුරවැසිබාවය තියාගන්න වගේ, මෙයාට හොඳයි දිවිත්ව පක්ෂ සාමාජිකත්වය තියාගන්නවානම්.

:       0       0

Bamunuarachchi Thursday, 09 July 2020 12:16 AM

පොදුජන පෙරමුණේ පොල් පැල දිහාවට හැරෙනවා වගෙයි.

:       0       0

anuradha Melbourne Thursday, 09 July 2020 01:01 AM

ගෙම්බන් දැකලා තියෙනවද?

:       0       0

Rohana Thursday, 09 July 2020 04:50 AM

නොදන්නා අය මේ ගැන සොයා බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 69 0

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 98 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 119 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 158 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 405 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3480 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site