IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප

 

 

ටෝනි කරුණනායක

 

කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇප දීමට මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (18) නියම කළේය.

රුපියල් 1000 බැගින් වු මුදල් සහ රුපියල් 75,000 ක් බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරිණි.

ඉකුත් 9 වැනිදා රාත්‍රී වත්තල, එඩේරමුල්ල ප්‍රාදේශීය කායවර්ධන ශිල්පියකුට පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංක යන මාධ්‍යවේදී නිවේදකයා සහ ඔහුගේ වැඩිමහල් පුත් තනුජ කාවින්ද නිශ්ශංක (24) යන දෙදෙනාට මෙසේ ඇප නියම විය.

සිද්ධියට සම්බන්ධ ඇප මත සිටින නිවේදකයාගේ බාල පුතු ද අද (18) අධිකරණ හමුවේ පෙනී සිටියේය.

අධිකරණයෙන් ඇප නියමවු සැකකාර නිවේදකයාට සහ සැකකාර පුතුන්  දෙදෙනාට නැවත ඔක්තෝබර් 22 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.  



අදහස් (13)

රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප

dharmawansa Monday, 18 June 2018 11:01 AM

අපි මේ සිද්ධිය දන්නේ නැහැ. මහේෂ් කියන්නේ ඉතා සංවේදී චරිතයක්. ඔහු මෙවැනි දෙකට සම්බන්ධ වීම පුදුමයක්...

:       295       136

RaveendraTuesday, 19 June 2018 03:41 AM

ඇත්තෙන්ම අප කිසිවකු සත්‍ය සිදුවීම දන්නේ නැහැ. එය අවංකවම දන්නේ මෙම දෙපාර්ශයම හැර ඔබවත් අපවත් නොවේ. සංවේදී උනත් හික්මීම, ඉවසීම වැනි වැදගත් ගුණාංග ප්‍රගුණ කරන්නේනම් ඔබ, අප මෙන් සියල්ලෝම මෙසේ අපහසුවට පත්වේද යන්න සිතිය යුතුය. තවත් වැදගත් දෙයක් ඇත එය ඔබට මෙන් අපටද, සියල්ලන්ටම අදාලවේ. "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා " මොහිදෙන් බෙග් මහත්මාගේ සුන්දර අරුත්බර ගීතය නැවත ශ්‍රවනය කිරීමට උත්සහ කරමු.

:       7       54

PradeepTuesday, 19 June 2018 04:23 AM

මාධ්‍ය ඉදිරියේ සංවේදී වෙන්න ඕන එයාලගේ රැකියාවේ ස්වභාවය අනුව. මොකද කළහ කාරීව වැඩසටහන් ඉදිරිපත් කරන්න බෑනේ. නමුත් දැන් පේනවනේ යථා ස්වරුපය.. බොහෝ තැන්වල ඉන්නේ බැටළු සම් පොරවාගත් වෘර්කයන්. මේ ඊට හොදම උදාහරණයක්.

:       101       6

BamunuarachchiTuesday, 19 June 2018 05:04 AM

ඒ ටෙලිනාටක රඟපාන හැටි බලා මිනිසුන්ට චරිතක සහතික දෙන්න එපා.

:       0       104

kalani Monday, 18 June 2018 11:43 AM

මහේෂ් නිස්සංක සැබවින්ම සංවේදී චරිතයක්. ගීතයක රසභාව හෙළිකරමින් ඔහු ඉටුකරන කාර්ය හමුවේ මෙම සිද්දිය හරිම කණගාටුයි.

:       246       286

kamjay Monday, 18 June 2018 12:00 PM

මට නම් කිසිම දෙයක් හිතා ගන්න බැරුව ගියා... කොච්චර ලස්සනට රූපවාහිනී වැඩ සටහන කරනවද?

:       152       153

C.K.Lankaputhra Monday, 18 June 2018 12:14 PM

සෙනෙවි වුණාට තමන් පාලනය කරගන්න බැරිවීම තදබල දුර්වලතාවයකි.

:       1       131

jim kuru Monday, 18 June 2018 12:19 PM

අදහාගන්න බැරි පුවතක්... පුද්ගලික ප්‍රශ්නයක්ද?

:       51       28

Cyril Monday, 18 June 2018 04:46 PM

ටිවී වැඩසටහන් ලස්සනට ඉදිරිපත් කරනවා. ඒක හැකියාව දක්ෂකම... නළුවන්ගේ වුණත් ඇතුලාන්තය කව්රුත් දන්නේ නැහැනේ.

:       0       96

Alwis Monday, 18 June 2018 05:05 PM

ඕනෑම මනුෂ්‍යයෙක් ඇතුලේ රාක්ෂයෙක් ඉන්නවා කියන්නේ මේකට තමයි. මේක ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්....

:       1       53

BamunuarachchiTuesday, 19 June 2018 05:06 AM

රාස්සයින් කන බරාස්සයොත් ඉන්නවා.

:       0       0

නුමා Monday, 18 June 2018 11:38 PM

නිවේදකයෝද අද නළුවෝය! බොහෝවිට ජනප්‍රියත්වය නිසාම හිස උදුම්මාගන්නා පිරිසක්....මෙයද එසේ වන්නට හැකිය.

:       37       20

jayath Tuesday, 19 June 2018 03:43 AM

වැඩසටහන නම් සාපේක්ෂව ලස්සන වෙන්න ඇති. නමුත් ඔයාලට තේරෙන්නේ නැත්ද මෙයාගේ මේ ලස්සන ඇතුලේ වයස , තරාතිරම නොබලා එන අයගේ පුද්ගලික "ආදර " සම්බන්ධතා හාර අවුස්සලා බලන්නේ නැත්ද මෙයා. සමහර අය අන්ත අසරණ වෙනවා.

:       0       84

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 122 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 333 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 822 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1119 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 389 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site