IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සැරසෙයි

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
ට්‍රම්ප් පරිපාලනය රුසියාවට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (16) වාර්තා කළේය. 

 
සිරියානු රජයේ හමුදා ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල කරමින් ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ගුවන් හා මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මෙලෙස රුසියාවට ආර්ථික සම්බාධක පැනවීමට අවදානය යොමුකර තිබේ. ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට එල්ල කරන ලද රසායනික ප්‍රහාරයෙන් 80කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තමන් එලෙස විස වායු ප්‍රහාරයක් එල්ල කළේ නැතැයි සිරියානු රජයේ හමුදා පවසයි. රුසියාව ද එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
 
කෙසේ වෙතත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයට චෝදනා කරමින් සෙනසුරාදා (14) මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඇමෙරිකා, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය රුසියාවට ද චෝදනා කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදීද ඇමෙරිකා හා රුසියානු නියෝජිතයන් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය. සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රෙජීමය කරන අසම්මත ප්‍රහාරවලට රුසියාව ද සහාය දක්වන බවට ඇමෙරිකාව චෝදනා කරයි. එමෙන්ම රුසියාව සිරියානු රජයේ හමුදාවලට රසායනික අවි භාවිත කිරීමට අවස්ථාව සැලැසූ බවට ඇමෙරිකාව රුසියාවට චෝදනා කරයි. 
 
මේ කරුණු සැලකිල්ලට ගනිමින් රුසියාවට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළේය. 

මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදය රුසියානු නිලධාරීන්, පුද්ගලයන්, සමාගම් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉලක්ක කරගනිමින් අවස්ථා කිහිපයකදීම සම්බාධක පැනවීය. 
 
055



අදහස් (11)

රුසියාවට සම්බාධක පනවන්න ට්‍රම්ප් සැරසෙයි

තරිඳු Monday, 16 April 2018 04:19 PM

මතක ඇති කාලෙක පුටින් කරගත්තු ලොකුම මෝඩකම ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට යටින් උදව් කරපු එකයි.

:       0       0

Sanath Monday, 16 April 2018 08:00 PM

ට්‍රුම්ප් වගේ දේශපාලන කෝඩුකාරයෙකුට මුළු ලෝකයටම බලපෑම් කරන්න පුළුවන් සෑම අතින්ම බලවත් රටේ නායකත්වය ලැබුනට පස්සේ ලෝකයේ ස්ථාවර පැවැත්ම ගැන විශ්වාසයක් තියන්න බැහැ. ඔහු ලෝකය ගැන හිතන්නේ මොනවද කරන්න බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා කිසිවෙකුටවත් සිතිය නොහැකිය. මා සිතන්නේ ඔහු ඉක්මනින්ම මේ තනතුරෙන් ඉවත්කරනේනම් ලෝකයට යහපතක් සිදුවන බවයි.

:       0       0

රාජුන් Tuesday, 17 April 2018 12:05 AM

කෙහෙල් ගහටත් කොටන්න වගෙයි සැරසෙන්නෙ. එදාට දැනෙයි තමා කවුද කියල.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:11 AM

රුසියාව අපේ හොඳම මිත්‍ර රටක් අපේ රට වෙනුවෙන් හැම අවස්තාවකදීම පෙනී සිටිනවා. රුසියාවට තේ කොළ යවන්න එපා කියලා ට්‍රම්ප් අපිට කියයිද දන්නේ නැහැ. ඒකට අපි කොහොම ප්‍රතිචාර දක්වාවිද දන්නේ නැත.

:       0       0

sirisena Tuesday, 17 April 2018 01:57 AM

රුසියාවට සම්බාධක පනවන්න ඉස්සෙල්ල රසායනික අවි තියෙනවා කියලා ඉරාකය, ලිබියාව හා තවත් රටවල් විනාශ කරපු ඇමෙරිකාවට සම්බාධක පනවන්න මුලු ලෝකයම එකතු විය යුතුයි. කවදා හරි පාඩම ඉගෙනගන්නේ පුටින්ගෙන් තමයි.

:       0       0

theshan Tuesday, 17 April 2018 02:22 AM

ඕක කලොත් ඊට පස්සේ ඇමෙරිකාව ඉල්ලගෙන කෑමක් තමයි තියෙන්නේ.

:       0       0

රවින් Tuesday, 17 April 2018 02:28 AM

මෙයාව නැවැත්තුවේ නැතිනම් තුන් වන ලෝක යුද්ධය ආරම්ඹ කරලා තමයි මෙයා නවතින්නේ.

:       0       0

Raveendra Tuesday, 17 April 2018 05:33 AM

මුළු ලෝකෙම මෙයාගෙන් කාලා බිලා ඉන්නවා වගේ නේද ???

:       0       0

abaran Tuesday, 17 April 2018 05:52 AM

මාර වැඩේ නේද ? රුසියන්කාරයෝ කන් නැතුව හාමතේ මැරිලා යයි..

:       0       0

rocky Tuesday, 17 April 2018 12:44 PM

ඔබ තුමා ගත් තීරණය අගේ කරමි. පුළුවන් නම් ඔය ගමන්ම රුසියාවටත් හොඳ පාඩමක් උගන්වන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 18 April 2018 06:30 PM

එතකොට ඔබතුමන්ලාට දෙන රොකට් එන්ජින් නැවත්තුවොත්. ඔබලාගේ රොකට් වල සවිකර තිබෙන්නේ රුසියානු RD-180 රොකට් එන්ජින් බව දන්නො දනිති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 14 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 41 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 84 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 242 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


රෝගය සුවකරගන්න ගිහින් ජීවිතය අහිමි වෙයි
2024 අප්‍රේල් මස 24 431 0

මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල


විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 334 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site