IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුසියානු ගුවන් යානයක කුරුලු රංචුවක් ගැටෙයි - මගීන් 23කට තුවාල

කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

යානය මොස්කව් නගර ආසන්නයේ ඉරිඟු වගා භූමියකට ගොඩබස්වා ඇති බවත් එම අවස්ථාවේ එහි මගීන් 233දෙනකු සිටි බවත් බලධාරීහු පවසති.

ගුවන්යානයට සැලකියයුතු තරමේ අලාභහානි සිදුවී ඇති අතර එය ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මොස්කව් නගරයේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ක්‍රිමියාවේ සිම්ෆෙරෝපොල් වෙතගමන් කරමින් සිටියදී  යානයට මෙම අනතුර සිදුවී ඇත.

යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදුණු බවත් යානයේ එන්ජිම ක්‍රියා විරහිතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුවූ බවත් ගුවන් නියමුවා පවසයි.

මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ප්‍රාතිහාර්යක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් යානාවල පක්ෂින් ගැටීම බොහෝවිට සිදුවුවද එමගින් ගුවන්යානාවලට අනතුරු සිදුවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව ගුවන් බලධාරීහු සඳහන් කරති.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (17)

රුසියානු ගුවන් යානයක කුරුලු රංචුවක් ගැටෙයි - මගීන් 23කට තුවාල

අපි යාපනේ Thursday, 15 August 2019 11:42 AM

මත්තල මතක් වුණා...

:       68       85

ධනුෂ්කFriday, 16 August 2019 02:09 AM

ඇතුලේ හිටපු මිනිස්සු එලියට බැස්සහම තමා වෙලා තියන හදිය දකින්නේ. එලියට බැස්සහම දැක්ක දෙයින් මොනවා හිතෙන්න ඇද්ද?

:       0       1

sirimal Thursday, 15 August 2019 11:45 AM

ඔය හේතුව නිසා තමයි මත්තලට කිසිම ගුවන් යානයක් එන්නේ නැත්තේ... හම්බන්තොට ගුවන් තොටුපලක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක්, නව නගරයක් ආදී සියල්ල නිර්මාණය කලේ ඇඟේ අමාරුවට නොවේ. ඒ වතාවේ දිනුවා නම් ඊළඟ වැඩපිළිවෙල වශයෙන් සැලසුම් කර තිබුනේ අලුතෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක්, රජයේ කාර්යාල ගොඩනැඟිලි, දුම්රිය ස්ථානයක්, මහාමාර්ග නවීන හෝටල්, සාප්පු සංකීර්ණ වගේ දේවල් ගොඩනංවා රටේ අගනුවර හම්බන්තොට බවට පත්කිරීමයි. එ් සමගම අලුතෙන් දළඳා මාලිගාවක් ගොඩනංවා දළඳා වහන්සේත් එතැනට වැඩම්මවන්නයි හිතාගෙන ඉඳල තියෙන්නේ. පුරාණ කාලයේ සිට මහනුවර යුගය දක්වාම රජතුමා සිටි නුවරට දළඳා වහන්සේ වැඩමවීම සිරිතක් නිසා මෙවර ඒ ගොල්ලෝ දිනුවොත් එම චාරිත්‍රය නැවත ඇතිවීමටද බොහෝ දුරට ඉඩ තියෙන බවයි පෙනෙන්නේ. ජයවර්ධන ජනපති වරයාට ජයවර්ධනපුර නමින් අගනුවරක් හදන්න පුළුවන් නම් අපට මොකද බැරි කියලා කියාවි...

:       1203       1135

පොහොට්ටු පාක්ෂිකයාThursday, 15 August 2019 12:08 PM

ඇත්තටම හම්බන්තොටට දළදා මාලිගාව ගෙනයන්න ඕනෑ. නුවරට අධිවේග මාර්ග නැති නිසා සංචාරකයින්ට යන්න අමාරුයි. සීගිරි ගල වුණත් හම්බන්තොටට ගේන්න පුළුවන් නම් වටිනවා.

:       231       510

sirimalThursday, 15 August 2019 12:33 PM

කතා කරලා වැඩක් නැහැ. පොහොට්ටු පාක්ෂිකයින් සේරම ඔයජාතියේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       84       253

KaveenThursday, 15 August 2019 01:09 PM

සන්චාරකයා එන්නේ සංචාරය කරන්න.. අඩිවේගී සංචාරයකට නෙවෙයි බ්‍රෝ... එහෙම වෙන්න ඕනෑනම් සංචාරකයෝ වැඩිපුර එන රටක ඉඩමක් අරන් මාලිගාව හදමු කියලත්... තව කෙනෙක් කියයි.

:       10       49

අපි හම්බන්තොට Thursday, 15 August 2019 01:13 PM

අනිවා, අනුරාධපුර අටමස්ථාන. දඹුලුගල, පිදුරුතලාගල කන්ද වුනත් හම්බන්තොට ගෙනියන්න පුළුවන් නම් හොඳයි. අපිට හරිම ළඟයි...

:       22       74

appuva Monday, 19 August 2019 10:19 AM

සාක්කුවේ දමාගෙනද බොල සීගිරි ගල ගෙනෙන්නේ? අම්මපා හිතෙන දේවල්... රස්සාවක්, ගොවිතැනක් කරගන්න හිතන්නේ නැහැ.

:       0       2

samanThursday, 15 August 2019 12:55 PM

කටුනායක ගුවන්තොටුපල දවල්ට වසාදමා ධාවනපථය අලුත්වැඩියා කරපු මාස තුනේ මත්තල ගුවන්තොටුපල කිසිඳු අනතුරකින් තොරව ගුවන් ගමන් 400කට වැඩි ප්‍රමාණයක් හැසිරවීම් කළා. කටුනායක ගුවන්තොටුපල තියෙන්නෙත් මුතුරාජවෙල කුරුළු අභයභූමියට ආසන්නව... කටුනායකත් වසරකට කුරුල්ලන් හැපීම් 40ක් පමණ සිදුවෙනවා. ලෝකයේ බොහෝ ගුවන්තොටුපොළ වල මෙය සාමාන්‍ය දෙයක්... එක එක්කෙනෙක්ට මඩ ගහන්න බොරු කිව්වම වෙන්නේ රටේ සංවර්ධනය අදාල වෙන එක විතරයි..

:       667       684

sirimalThursday, 15 August 2019 02:39 PM

හදිස්සියකට පාවිච්චි කරන්න ගුවන් තොටුපලක් පවත්වාගෙන යන එකම රට ලංකාව වෙන්න ඇති... චීනය අතින් වියදම් කර අනුන්නේ හරක් බලන්නේ ඉන්දියානු සාගරයේ සම්පූර්ණ බලය තමන් නතු කර ගන්නටයි. බලලෝභී රාජපක්ෂ පවුල ඒවා ගණන් ගන්නේ නැතුව තමන්ගේ නම ලොකුවට ගහලා එක එක දේවල් හදන්න චීනෙට අවසර දුන්නා. ආපහු ඒ ගොල්ලෝ බලයට ආවොත් වෙන දේ හොඳ හැටි බලාගන්න පුළුවන්. එන්ඩ් ඔෆ් ස්ටෝරි...

:       357       509

dilanThursday, 15 August 2019 02:20 PM

එතකොට ඔය කුරුළු රංචුව වැදිලා යානය අනතුරට පත්වෙච්ච නිසා පුටින් මොස්කව් ගුවන්තොටුපලත් වහලා දායි නේද? දැන් බලන්න සිරිමල් අයියාගේ නායකතුමා මත්තල යාන්තමට හීනෙන් වගේ කුරුල්ලෙක් දැක්කා. එකෙන්ම එයාර්පොර්ට් එක වහලා දැම්මා. කොහොමද ඉදිරි දැක්ම? මරු නේ?

:       232       265

sirimalThursday, 15 August 2019 05:10 PM

ඒක වෙන්න ඇති කිසිම ගුවන් සමාගමක් මත්තල භාවිතා නොකරන්නේ. මහින්ද මහත්තය ආපසු බලයට පත්කල යුතුයි කියල හිතන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒවගේම තමයි අනිත් පැත්තටත්. එබැව පිළිගන්න අකමැතිව පිස්සු අවලාද නගන්නේ මෝඩ මිනිස්සු නෙවේනම් වෙන කවුරුන්ද ?

:       31       3

PeduruThursday, 15 August 2019 03:25 PM

සිරිමල්, ඔයාගේ හොර අඹුවද කිව්වේ ඔය විස්තර ටික? මෝඩ වුණාට ඔය වගේ ප්‍රසිද්ධියේ පෙන්නන්න එපා.

:       123       66

MaheeThursday, 15 August 2019 08:57 PM

ඒ වැඩේ හරියන්නේ නෑ, සිරිමල්. හම්බන්තොට වැඩිය බලන්න දේවල් නැති හින්ද මන් නම් හිතන්නේ හම්බන්තොට ගලවාගෙන ඇවිත් සීගිරිය පැත්තේ හයි කළා නම් හොඳයි කියලයි. කට්ටියට බලේ දීලා එහෙම කරන්න කියමු.

:       0       5

ජයරත්න Thursday, 15 August 2019 11:51 AM

ගුවන් නියමුවාගේ දක්ෂතාවය කොතරම්ද... කියලා හිතෙනවා.

:       34       168

කපිල සම්පත් Thursday, 15 August 2019 12:35 PM

කිසිදු ජීවිත හානියක් සිදු නොකර ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සා වූ පියාසර නිලධාරීන්ට සහ මගීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල නොකළ කුරුළු රෑනට ස්තුතියි...

:       13       113

anura Monday, 19 August 2019 10:21 AM

සමනල පාක්ෂිකයින් සේරම පියාඹලා යන්න ඇති... අනෙක් කට්ටිය බිමට පනින්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1071 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 352 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 427 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 348 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 529 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4392 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site