IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුපියලේ අගය ඉහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

දින ගණනාවකට පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ ගියේය.

පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී රුපියල ඔක්තෝබර් (9) වැනිදා ඉතිහාසයේ පළමු වතාවට ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 172 ඉක්මවා ගියේය. 

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 171.60ක් වූ අතර ගැනුම් මිල රුපියල් 167.73ක් ලෙස දැක්විණි. 

ඉකුත් සිකුරාදා (12) ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 172.93ක් විය. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 සිට ඔක්තෝබර් 12 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 10.8කින් අවප්‍රමාණය වී ඇත.  එම කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.1කින් ඉහළ ගොස් තිබේ. 
 



අදහස් (8)

රුපියලේ අගය ඉහළට

Hafeel Monday, 15 October 2018 01:47 PM

මේ මොන අපරාධයක්ද? දැන් මංගලගේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්...

:       82       152

සතයපාල Monday, 15 October 2018 02:27 PM

අපේ බන්දුලතුමා කරණ විග්‍රහය පසුගිය දවස්වල ඩොලරයට සාපේක්ෂව රුපියල අගය ඉතාමත් සුළු ප්‍රමාණයකින් ඉහළ ගියබව තමුණ්නාන්සේලාට මතක ඇති. දැන්මේක යහපාලන ආණ්ඩුව පෙන්වන්න හදනවා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිවල තියන නිවැරදි භාවය සාර්ථකභාවය හා ආර්ථික උපාය උපක්‍රමවල තියන සාර්ථකභාවය නිසා මේ දේ සිදුවූ බවට. නමුත් ඇත්ත කතාව ඒක නොවේ.. මේ යහපාලන ආණ්ඩුවේ දක්ෂකමකටවත් එහෙම නැත්නම් ආර්ථික කළමණාකරනයේ හොඳකමටවත් සිදුවෙච්ච දෙයක් නොවේ. ලෝකයේ ඩොලරය මිල ඉහළ යාමත් සමග අනික් මුදල් ඒකකවලට සාපේක්ෂව ඩොලරයට තියෙන ඉල්ලුම අඩුවීම නිසා ඇතිවු තත්වයක්... සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවන් පවා දන්නවා ඉල්ලුම හා සැපයුම අතර තියෙන සම්බන්ධතාව... එහෙම නැතිව මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥයන් කියාගන්නා උදවියගේ හපන්කමකටවත්, දක්ෂතාවයකටවත් නොවෙයි ඩොලරයට සාපේක්ෂව රුපියලයේ අගය සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ ගියේ...

:       570       800

dumindaTuesday, 16 October 2018 04:47 AM

එතකොට බන්දුල ඇමති තුමා ගේ කාලයේත් මේ දේවල් මෙහෙමම වෙන්න ඇති. මේ රටට ආණ්ඩු වැඩකුත් නෑ ඇමතිලා වැඩකුත් නෑ ප්‍රතිපත්ති වැඩකුත් නෑ.

:       0       1

OMG Monday, 15 October 2018 03:58 PM

මම ලංකාවේද ඉන්නේ?

:       26       35

ashan Monday, 15 October 2018 10:58 PM

සත්‍යපාල ඩොලරයේ මිල ඉහල ගියේත් ඔය වගේම හේතු නිසා කියලා පිලිගන්ඩ අකමැති ඇයි? රුපියල පහත වැටෙනකොට ආන්ඩුවේ වැරදිත් ඉහල යනකොට ආර්තික විද්‍යාවත් මතක්වෙන්නෙ ඇයි?

:       49       0

Sathyayaa Tuesday, 16 October 2018 12:46 AM

රුපියල බාල්දු වෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව. ඒ ගැන ඒකාබද්ධ විරුද්ධ පක්ෂය වගේම ආණ්ඩුවේ අයත් කතා කරනවා. ආණ්ඩුවේ පණ්ඩිතයෝ කියන්නේ ලංකාවේ රුපියල ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ මුදල් වලට සාපේක්ෂව තවම ඒ තරම් පහතට නොවැටුන බවයි. අතීසාරයට අමුඩ ගසන්නාක් මෙන් රුපියල පොළවත් සිදුරු කරගෙන පහළට යන එක නවත්වන්න ආණ්ඩුව දුබල වෑයමක් ගන්න වා. ඒ .බ වි පක්ෂය කියන්නේ ඒ ගොල්ලෝ හිටිය නම් රුපියලට ඔහොම වෙන්නේ නැහැ කියලා.

:       0       10

Sampath Tuesday, 16 October 2018 07:32 AM

චීන වලින් ණය ගත්ත නිසා මුදල් අතිප්‍රමාණය වුනේ කියලා දන්නා අය අත උස්සන්න බලන්න

:       0       0

Sarath Tuesday, 16 October 2018 08:11 AM

චීන සංවර්ධන බැංකුවෙන් ණයක් හම්බුනා කියල කියන්න ලජ්ජද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 100 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 231 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 992 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 125 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 292 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site