IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියල් ලක්ෂ 10 කට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රීඩකයකු දාන්න මට කිව්වා -

(නිමල කොඩිතුවක්කු)

“මම මේ දිනවල ක‍්‍රිකට් ශුද්ධ කරන්න යනවා. කොයි වෙලාවේ මගේ බෙල්ල ශුද්ධ වෙයිද  කියලා දන්නේ නැහැ. ක‍්‍රිකට් ආයතනයේ වැඩ කරන සේවකයෙක් රුපියල් ලක්ෂ දහයකට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රිඩකයකු දාන්න  කියා මට කිව්වා. මට එය වට්ස් ඇප් පණිවිඩයකින්ම  එවපු එක හොදයි. නැත්නම් මම චන්ඩියෙක් වෙන්න කිව්වා කියලා ඒක අල්ලගෙන මට මඩ ගහවි“  යයි විදුලි සංදේශ, විදේශ රැකියා හා ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා කොළඹදී අද (22) පැවැසීය. අල්ලසින් දූෂණයෙන් තොර රටක් ගොඩනැඟීම සඳහා මෙරට තරුණ පරපුර පෙරට ආ යුතු බවද ඇමතිවරයා කීවේය.

ඇතැම් රාජ්‍ය ආයතන අල්ලසින්, දූෂණයෙන් පිරී ඇති බවත් පෙන්වා දුන් හරීන් ප‍්‍රනාන්දු මහතා ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන්ටද ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් අල්ලස් දෙන තත්වයට පත්ව ඇතැයිද සඳහන් කළේය.

“අද ලංකාවේ අල්ලස කියන එක කොතෙන්ට ගිහින් තියෙනවද කියලා හිතාගන්න පුලුවන්.  සමහර රජයේ ආයතනවලත් මේ දේවල් වෙනවා. මේවට විරුද්ධව තරුණ පිරිස් මැදිහත් විය යුතුයි’’   යැයිද හරීන් ප‍්‍රනාන්දු මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 413ක් සඳහා උසස්වීම් ලබා දීමේ උත්සවයකට එම කාර්යාංශයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීය.

‘‘මේ අමාත්‍යාංශයේ කටයුතු වලට අපි කිසිදු අයුරකින් දේශපාලනය අදාළ කර ගන්නේ නැහැ. පසුගිය දින පනහේ කාලයේදීත් මට එය පාරාවලල්ක් වුණා. ඒ කාලයේදී ඇතිවූ තත්වයත් එක්ක ඉදිරියේදි අපි කරන්නේ දේශපාලනය පමණයි කියලා අපි යම් යම් අවස්ථාවලදී ප‍්‍රකාශ කළා. නමුත් දැන් අපි දේශපාලනය පැත්තකින් තියලා යලිත් අමාත්‍යාංශ කටයුතු වල නිරත වෙනවා.“

“මේ උසස්වීම් ලබාදීමේ ක‍්‍රියාවලියේදීත් අපි දේශපාලනය ගාව ගත්තේ නැහැ. සුදුස්සාට සුදුසු දේ ලබා දෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පසුගිය දවස්වල සමාජ මාධ්‍යවලින් දක්වලා තිබුණේ රකුසෙක් විදියටයි. මිනිස්සුන්ගේ සල්ලි හූරං කන කිසිම වැඩක් නොකරන ආයතනයක් විදියට මේ ආයතනය දක්වලා තිබුණා.“

“මේ ආයතනයෙන් කෙරෙන කටයුතු සහ අපිට මැදිහත් වෙන්න පුලූවන් ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කරන්න කියලත් අපි මේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මට විරුද්ධවත් විවිධ චෝදනා යනවා. සමහරු  මගෙත් එක්ක සෙල්ෆි ඡායාරූප අරගෙන මගෙ නම භාවිතා කරලා විවිධ අක‍්‍රමිකතා කරනවා. ඒ ගැන කෙලින්ම මාව දැනුවත් කරන්න කියලා මම ඉල්ලිමක් කරනවා.“ යයිද ඇමතිවරයා පැවසීය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (12)

රුපියල් ලක්ෂ 10 කට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට ක‍්‍රීඩකයකු දාන්න මට කිව්වා -

sena Tuesday, 22 January 2019 02:44 PM

වට්ස්ඇප් කෙටි පණිවිඩයක් ඇවිත් තිබුනනම් පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ මොකද?

:       92       88

Hafeel Tuesday, 22 January 2019 03:54 PM

ඔබලාට කොහොමත් කෙටි පණිවිඩ තමයි එන්නේ.

:       25       10

appuhami Wednesday, 23 January 2019 02:21 AM

අරන්චියේ හැටියට වැඩ තහනම් කරලා තියෙන්නේ

:       0       1

akila Wednesday, 23 January 2019 02:36 AM

සෙන ,සාමන්‍ය පුද්ගලයෙක් ඔහොම දෙයක් කියුවනම් පොලිසියෙන් දැනටමත් පරීක්ෂණ ආරම්බ කරලා , මේවා මේ බොරු දේශපාලන රඟ පෑම් විතරයි

:       37       43

Ajith Wednesday, 23 January 2019 02:43 AM

අර මහබැංකු කෙටි පණිවිඩ දැන් කෝ

:       30       12

saleth Wednesday, 23 January 2019 03:09 AM

මේ දෙපලගේ අදහස් බැලුවම හිතා ගන්න පුළුවන් හොද දේවල් කරනවට විරුද්දය් කියා

:       0       40

Raveendra Wednesday, 23 January 2019 04:55 AM

ඇයි කියව කියව ඉන්නේ පොලිසියට අල්ලලා දෙන්න තිබුනනේ. මෙතන බයිලා කියවන්නේ.එකත් හරියට අර මොකක්ද බැලුමක හුටපටයක් තියෙන්නේ.

:       30       214

Amith Wednesday, 23 January 2019 05:41 AM

ඔය කාර්යාංශයේ අයට විනය හා අන්‍යයන්ට ගරුකරන්නේ කොහොමද කියලා කියාදිය යුතුයි‘ ගුවන් තොටුපලේදී මේ අය අපේ ශ්‍රී ලාංකිකයන්ට සලකන්නේ හරිම පහත් ආකාරයටයි. පිටරට සේවය කරන සියළුදෙනා මේ ගැන දන්නවා.

:       0       60

vipula Wednesday, 23 January 2019 07:12 AM

මෙතුමා මොන වැඩේ කලත් මෙතුමාගේ පක්ෂෙ කට්ටිය මහබැංකුවට කරපු වැඩේ ගැන නිකම්ම ඉන්න නිසා හුගක් අයට පෙනෙන්නේ ඇදේට. එක්කෝ හොරා කාපු මුදල් ගන්න ඕනේ නැත්තනම් වැරදි කරුවන් අල්ලන්න ඕනේ. අල්ලසට ගන්නේ පෞද්ගලික මුදල් , මහබැංකුවේ මාටියා ගැහුවේ රටේ මුදල්. දෙකම වැරදී, නමුත් රටේ මුදල් මංකොල්ල කෑම සාප දෙන වැරැද්දක්.

:       0       1

de silva Wednesday, 23 January 2019 08:59 AM

මට පෙනෙන විදිහට මෙතුමාත් අපේ ජනපතිතුමා අනුකරණය කිරීමට පටන් අරන්වගේ ?

:       0       0

Bamunuarachchi Thursday, 24 January 2019 02:56 AM

ලක්ෂ 10ක් කවුරුහරි දෙන්න හැදුවාද මම ඉල්ලුවාද? මට ලොකු ප්‍රශ්නයක්. එ්ත් මට උත්තරය හිතාගන්න පුළුවන්...

:       0       0

krishantha Thursday, 24 January 2019 09:45 AM

දැන් කොළඹ පාසලකට දාන්නත් ලක්ෂ 10 ට වඩා ඉල්ලනවා . ලංකාව නියෝජනය කරන්න දෙන්න හදල තියෙන්නෙත් ලක්ෂ 10 ක් . පගාව හොඳටම මදි . තිර රචනයේ පොඩි අවුලක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 954 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 323 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 398 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 331 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 508 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4300 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site