IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රුපියලට හොඳ කලක්

මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය අද (15) 190න් මෙපිටට පැමිණියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය.

‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය.

මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.

ජනවාරි 1 වැනිදා සිට මැයි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල  3.9 % කින් අවප්‍රමාණය වී ඇත. 


055

 



අදහස් (28)

රුපියලට හොඳ කලක්

isuru Friday, 15 May 2020 04:48 PM

රුපියලට හෙන ගැහුවත් කම්නෑ රාජපක්ෂලාට නම් හොදකලක් යයි.

:       4659       4729

vipulaSaturday, 16 May 2020 02:03 PM

සිරිසේන පාලන සමයේ රාජපක්ෂලා ගැන ඔබ දන්නා දේවල් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන සක්ෂි පෙන්වා දඩුවම් ලබාදෙන්න තිබුනනේ... ළිදළග සංගමයෙන් මිදිලා ...

:       5       17

dumindaTuesday, 19 May 2020 11:24 AM

ඉස්සර මල් වට්ටි අරන් ඩොලර් එක ගැන කතා කරපුව මතක නැද්ද .... අන්දන එක ඇන්දුවා අඩන්න... දැන් පුසෝ වගේ ....

:       0       0

NishanSunday, 17 May 2020 02:33 AM

ඔව් අනිවාර්යෙන්ම. එයාලගේ කල හොඳ කරගෙන ඉවර වෙලයි රටේ ජනතාව ගැන බලන්නේ.

:       2       1

kithsiri Friday, 15 May 2020 05:00 PM

රුපියලට හොද කලක් කෙසේවෙතත් ... රාජපක්ෂ පවුලට හොද කලක් සුවර්.

:       3205       2171

මුණසිංහSaturday, 16 May 2020 01:51 AM

ඇයි රාජපක්ෂලාට ඔය තරම් බය? නැත්නම් වෛරය? ඊට වඩා විනාශයක් පහුගිය යහ පාලනයේ අය කලේ නැත්ද? ඒ කරපුවගේ පව් නේද මේ ගෙවන්නේ? රටේ ආරක්ෂාව බිංදුවට දැම්මේ පහුගිය කාලෙනේ. දැන් මුහුදු මහ විහාරෙත් ආරක්ෂිතයි. ඒ කාලේ මොකද කළේ? මේ රාජපක්ෂලාට කඩේ යාමක් නොවෙයි. සංසන්දනයක්.

:       2568       3380

Buddhika P Friday, 15 May 2020 06:52 PM

අපි ඉන්න තත්වේ අනුව දැන් වෙන්න ඕනේ මේකේ අනික් පැත්ත. ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන තැනක අපි ඉන්නේ. ගෝලීය ප්‍රශ්නයක් නිසා, මිනිස්සු ටිකක් දරා ගන්න උත්සාහ කරාවි, ආනයන මිල වැඩි උනාට. හැබැයි පවුල් දේශපාලනයෙන් තොර ලී ක්වාන් යු කෙනෙක් වෙන්න ඕනේ අපේ ජනපතිතුමා. අපනයන දිරි ගන්වන, අඩු ඩොලර් මිලක් ගෙවන මුල් සාධකය රටට ඉබේ ලැබෙනවා. මිල ඉහල යාම නිසා ලැබෙන, ආනයන අධෛර්යය කිරීමත් ඉබේම ලැබෙනවා. සංචාරක කර්මාන්තෙටත් හොඳයි, විදේශිකයෝ අඩු ඩොලර් ගානකින් හොටෙල් බිල ගෙවන්න මෙහෙ එනවා. රුපියල අපේ ආර්ථික ශක්තිය අනුව, කෘතිමව පාලනය නොකර, 100% මාර්කට් මුලධර්ම මත යැපෙන්න ඇරීමට මේ හොඳම කාලේ. ආයිමත් මේ වගේ කාලයක් එන්නේ නෑ. ජීවිත කාලේ හම්බ වෙන එකම එක අවස්ථාව, අපනයනවල ඩොලර මිල අඩුවෙනවා. ආනයන මිල ගණන් ඉහල යනවා. සංචාරකයෝ අඩු ඩොලර් ගානකින් ජීවත් වෙන්න මෙහෙ එනවා. මම නම් හිතන්නේ දොලරය රු. 200 ඉක්මවා යැවිය යුතුයි.

:       37       471

Prasanna PereraSunday, 17 May 2020 11:14 AM

දේශපාලකයොන්ට බැනල දොස් කියල කිසිම වැඩක් නෑ. මෙතන බුද්ධික අලුත් යමක් ලියල තියෙනවා, තමන්ට ලැබෙන පුංචි ඉඩ තුල. කවුරුත් එකතුවෙලා මේ ගැන කල්පනා කරමු. මෙතනට තව පුංචි පුංචි අදහස් ටිකක් එකතු උනොත්, රටට ලොකු උපාය මාර්ගයක් හදා ගන්න හැකි වේවි. එයත් එක්ක පොඩි කතා බහකට යමු.

:       13       86

charminiSunday, 17 May 2020 08:47 PM

බුද්ධික, අපට කියන්න අපේ ගෙවන්න තියෙන ණය කන්දට මොකද වෙන්නේ මෙහෙම උනාම ?

:       1       39

Buddhika PMonday, 18 May 2020 11:05 AM

Charmini - ඔබට පිළිතුර මම ලියපු සටහනේ සැඟවිලා තියෙනවා. මේවා පේලි 10 - 15 කින් කියනන පුළුවන් දේවල් නෙවෙයි. එක උදාහරනෙකින් මේක විස්තර කරන්නම්. ණය/ද.දේ.නි. අනුපාතය හරියට අපේ වාහන වල තියෙන ස්පීඩ් මීටරේ වගේ. ස්පීඩ් එක වැඩි කරන්න, කරන්න ඉක්මනින් යන්න පුළුවන්. හැබැයි අවදානම වැඩියි. ආර්ථික චක්‍රය වේගයෙන් කැරකෙන කොට ආර්ථිකයට අගයන් එකතුවීමේ වේගය වැඩිවෙනවා. රට ඒ වේගයෙන්ම ඉහල යනවා. මුළු ලෝකෙන්ම ජපානේ තමයි මේ ණය අනුපාතේ වැඩිම. 240% කිට්ටු කරලා. හැබැයි, මුළු ලෝකෙන්ම 3වෙනි ලොකුම ආර්ථිකේ, 2020 දී ජපානෙ බව පුරෝකථනය වෙලා. දැනටත් ඉන්නේ 3 -4 මට්ටමේ. ලංකාව එක්ක බලන කොට ජනගහන මල්ටිපල් එකයි වර්ග කිමි මල්ටිපල් එකයි, අපිට වඩා 5 ගුණයයි වැඩි. හැබැයි අපේ ද.දේ.නි. එක ජපානේ ද.දේ.නි. එකෙන් 0.03% වත් නෑ. ඒ කියන්නේ අපේ ණය වගේ 100% ගුණයකට වැඩියෙන් ජපානේ ගත්ත ණය වල පලදායිතාව වැඩියි. මේ අපිට වඩා, 100 ගුණයකට වැඩි ආර්ථික වටිනාකම එන්නේ, ආයෝජන කාර්යක්ෂමතාව මත. ඔබම හිතාගන්න ලංකාව ගත්ත ණය කන්දට වෙලා තියෙන දේ...

:       52       125

Samsam Friday, 15 May 2020 11:23 PM

නම් කීපයකින් අදහස් දැක්වූ වද එකම කණ්ඩායමක අදෝනාව. පරාජයේ කෙදිරිය පමණක් ඇසෙන්නේය.

:       0       19

Ruwan Saturday, 16 May 2020 01:54 AM

රුපියල ශක්තිමත් වීම හොදයි. ඒකෙන් ලංකාව ගොඩ යන්න ඕනේ. පහත් දේශපාලකයින් විතරක් නෙවේ.

:       0       244

Pradeep Saturday, 16 May 2020 02:22 AM

මේ තත්වය දිගටම තියාගන්න අනවශ්‍ය භාණ්ඩ ආනයනය නතර කරන්න. දේශීයව නිපදවිය හැකි භාණ්ඩ නිපදවීමට ආයෝජකයින් හා නිෂ්පාදකයින් දිරිමත් කරන්න. අපිට දියුණු වෙන්න පුළුවන්. අපි උත්සාහ කරමු.

:       0       144

ravindra silva Saturday, 16 May 2020 03:17 AM

රුපියල අමතක කරලම දාන්න. ඒ පවුලට දැනටමත් හොඳ කලක් ලබලා ඉවරයි සහෝදරවරුනි.

:       553       541

ධම්ම Saturday, 16 May 2020 03:21 AM

යහපාලන අවුරුදු හතර හමාරේම අල්ලලා හිරේ දාන්න නොහැකි උන රාජපක්ෂලා ගැන ද නැත්නම් රජයට පක්ෂ ජනතාව ගැනද මේ කියන්නේ ?

:       59       129

සනත් Saturday, 16 May 2020 04:24 AM

ඇමරිකානු ඩොලරය රූ 200 ඉඳන් රූ. 184 වෙනකම් පහළට එන්න හේතුව මොකක්ද ? රුපියල ශක්තිමත් වෙන්න නම් ලංකාවේ ආර්ථිකය හොඳ වෙන්න ඕන නේද ? එහෙම කොහොමද වෙන්නේ ? විදේශ ශ්‍රමිකයන් ගෙන් ලංකාවට ආපු ආදායම නැවතිලා. විදේශ ණය සහ ආධාර තවම ලැබිලා ත් නැහැලු. අපනයන ආදායම ඇනහිට ලා. ඇත්ත හේතුව මොකක්ද ?

:       0       282

HimashaSaturday, 16 May 2020 05:25 AM

ඇත්ත හේතුව තමයි ආණ්ඩුව මුදල් අච්චු ගැසීම. එහෙම කළාම තාවකාලිකව රුපියලේ අගය කෙටි කාලයක් තුළ ඉක්මනට ඉහළ යනවා. හැබයි බොහොම ඉක්මනට ආපහු කඩාගෙන වැටෙනවා. නිකන්ම නෙවෙයි.රටේ සම්පූර්ණ ආර්ථිකයත් එක්කම.

:       230       476

ට්‍රම්ප්Saturday, 16 May 2020 06:56 AM

ඇත්ත හේතුව ලංකාව රුපියල් අච්චු ගැසීම නෙවෙයි. ඇමරිකාම ට‍්‍රිලියන ගණන් වලින් ඩොලර් අච්චුු ගහන එක...

:       1       106

සදුන් Saturday, 16 May 2020 09:40 AM

Himasha, ඔබ කියන පරිදි ශ්‍රී ලාංකික මුදල් නෝට්ටු අච්චු ගැසීමෙන් වන්නේ, ලංකාව තුල සැරිසරන මුදල් ප්‍රමාණයේ වැඩිවීමක් නේද? එහෙම උනොත් ඩොලරයේ අගය ඉහල යන්න නේද ඕන? නමුත් වෙලා තියෙන්නේ අනිත් පැත්තනේ...

:       1       70

mangala Saturday, 16 May 2020 06:22 AM

මේ අයට තාම රාජපක්ෂ බය. රටට හෙන ගැහුවත් කමක් නැහැ. කාලකන්නි...

:       1038       1356

amila Saturday, 16 May 2020 06:23 AM

රුපියලේ අගය කෙටි කාලයක් තුළ ඉක්මනට ඉහළ යනවා. හැබයි බොහොම ඉක්මනට ආපහු කඩාගෙන වැටෙනවා. නිකන්ම නෙවෙයි.රටේ සම්පූර්ණ ආර්ථිකයත් එක්කම.

:       195       94

සදුන්Saturday, 16 May 2020 09:36 AM

අමිල මේ අසාමාන්‍ය ඉහල යාමට ඇත්ත හේතුව පැහැදිලි කරන්න. මෙය ආයෙමත් කඩන්වටෙන්න හේතුවත් මොකක්ද ?

:       24       34

උදය Saturday, 16 May 2020 08:43 AM

මේ රුපියල ශක්තිමත් වෙලා නොවේ. ඩොලරය පිරිහිලා. තවත් මුදල් වර්ග ගණනාවක් පිරිහිලා. ආනයනයන් අඩුවීමත් මේකට වක්‍ර හේතුවක්. ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවත් තාවකාලිකව රුපියල ශක්තිමත් වෙන්න පුලුවන්. ආණ්ඩුව එසේ නොකරන බවයි මගේ පෞද්ගලික විශ්වාසය.

:       31       62

ranga Saturday, 16 May 2020 08:53 AM

රුපියල ඉහලට එන්න හේතුව ආනයන නැවත්වීම.... රට ඇතුලෙම ගොඩක් දේවල් හදාගන්න පුළුවන් නම් සීනි වගේ... රුපියල ගොඩක් උඩට ගෙන්න පුළුවන්... බොරු පෝස්ට් දන්නා කලින් ඇත්ත දේවල් හොයල දැනගෙන ඉන්න. අර මෝඩකමට සල්ලි අච්චු ගැහුවම රුපියල උඩට එනවා කියපු එක පට්ටපල් බොරුවක්.. එහෙම කලාම තව පහලට යනවා මිසක් ඔහොම උඩට එන්නේ නැ දවසකටවත්... මේකේ කමෙන්ට් කරන හැමෝමත් මේ බොරු දේවල් දාන්නේ නැතුව කඩේකට ගියාම පුළුවන් තරම් පිටරටවල බදු අඩුවෙන් ගන්න.. එතකොට රුපියල නිකම්ම උඩට එනවා මේ වගේම ..

:       0       177

manojith Saturday, 16 May 2020 09:04 AM

රුපියල ඉහල යන්නෙ ලන්කාවට විදේශ ආධාර ලබෙන නිසා...

:       90       28

Shahiwal Saturday, 16 May 2020 11:06 AM

රුපියලේ අගය ඉහල යන්න හේතුව තමයි අපේ රටට ආනයනික භාණ්ඩ අඩු කිරීම භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා නිසාම සෑහෙන්න ඩොලර් සංචිත අදින්න වෙනව. මේ දවස් වල පිටින් ගේන බඩු අඩු වුණත් ඒක තමයි ඒකට. ආයෙමත් රුපියල කඩා වැටෙනවා ඒ දෙසීයට...

:       54       115

saja Saturday, 16 May 2020 01:22 PM

විදේශ ආධාර, නය හා LOLC සල්ලි රටට ආපු සල්ලි තමයි. ඇදිරිනීතිය නිසා රටට ඉන්ධන ගේන එක අඩුවීම හා ඉන්ධන මිල අඩුවීම නිසා ඉන්ධන වලට වැයවීම අඩුවීම, අනෙකුත් ආනයන අඩුවීම වියදම් අඩුවීමට හේතුවේ. මේක තාවකාලික අඩුවීමක්. ඒක තමා රුපියල නැගීමට හේතුව.

:       13       3

minipe Saturday, 16 May 2020 03:09 PM

නිදහස ලැබුන දිනයේ සිට අද වෙනතුරු ඔබයි මමයි කලේ..., තමන්ට හැර, අනික් සැමටම දුෂණ සහා වංචා ගැන දොස් පැවරීමයි. අපි ඕවා නවතන්ට කිසිම පියවරක් ගත්තේ නැත. අද සිට නිසි පියවරක් ගැනීමට එකතුවෙන්න. නැත්නම් කටයි, අනිත් හැම එකම වහගෙන බත් ටික ගිලින්න.

:       0       45

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 488 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 399 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 411 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 227 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 660 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1137 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site