(නාලක සංජීව දහනායක)
සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (11) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ හෙළි කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් ක්‍රියාත්මක කරනු ලබන ටොප් -20 වැඩසටහන යටතේ දොළොස්වැනි පැමිණිල්ල ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඞී.වී චානක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් 52 සතොස ආයතනයට බඳවාගෙන ඔවුන්ට එම ආයතනය මගින් වැටුප් ගෙවා රුපියල් ලක්ෂ සියයක පමණ පාඩුවක් සිදුකිරීම, හිතවතකුගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යමින් එම නාලිකාවට මසකට සතොස ආයතනය මගින් රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවා සතොසට රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුකිරීම පිළිබඳව මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇත.
එමෙන්ම සතොස ආයතනයේ ගබඩාවක සහල් මෙට්‍රික්ටොන් 80000 ක් පමණ තිබියදී එම ආයතනයටම අමතරව සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමෙන් සතොස ආයතනයට රුපියල් බිලියන දෙකහමාරකට අධික පාඩුවක් සිදුකිරීම පිළිබඳව චෝදනා එල්ල කර තිබේ.
එමෙන්ම එම සහල් තොගය නිෂ්කාෂණය හා ප්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ඇපකරයකින් තොරව අමාත්‍යවරයාගේ හිතවතකු වන ලිවර්පූල් නැවිගේෂන් නැමැති ආයතනයේ සභාපතිවරයා වූ වින්සේද්ර රාජන් නැමැත්තාට සතොස මගින් රුපියල් මිලියන 1224ක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා ඇති අතර එසේ ගෙවන ලද මුදලින් රුපියල් මිලියන 267ක මුදලක් මේ දක්වා සතොස ආයතනයට නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල මගින් චෝදනා නගා තිබේ.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Chanak los angeles Thursday, 11 July 2019 09:28 PM
හෝව් හෝව්.. පොඩ්ඩක් ඉවසලා ඉන්න
Chathuri Friday, 12 July 2019 02:26 PM
මේ ටිකම නේද? මහින්දගේ ගෝලයොත් සතොසටයි, රජයේ ඉඩම් වලටයි කෙරුවේ... රෙදි ඇඳගෙනද ගියේ නඩු පවරන්න. සිංහලයට කමක් නැහැ. හොරකම් කෙරුවාට අන් ජාතීන්ට බැහැයි කියන එකද තේරුම...? මහින්දගේ පාලනයේදී රජයේ සියලුම ආයතන මේ විදියට ගසා කමින් පාඩු ලැබුවා... ගෙදර බලලත් හිටියේ සීතල කාමර වල, මේ ගොල්ලෝ කොහොමද තව කෙනෙක්ට ඇඟිල්ල දික්කරන්නේ... මෝඩ රැල කියන්නේ නිකම්ද? දැන් කට්ටියම නෙලුම් මලෙන් යන්නේ... ඡන්දෙ ළඟ නිසා...
Chanak los angelesFriday, 12 July 2019 03:47 PM
මටත් පුදුම මේවා දැනදැනත් මේ හොරුන්ට කඩේ යන්නේ ඇයිද කියලයි?