(නිමන්ති රණසිංහ)
ගෝල්ෆෙස් කෝට් තට්ටු නිවාසයේ සිව්වැනි මහලේ නිවසක අභිරහස් ලෙස ඝාතනය කර තිබියදී සොයාගන්නා ලද ශ්‍රී ලාංකික රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සදහා මරණකරු සේවය කළ විදේශීය යුවළගේ ඞී එන් ඒ සාම්පල ලබා ගෙන ඒවා පරීක්ෂා කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (23) මෝසමක් මගින් කළ ඉල්ලිමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජකයකු වූ පී. ආර්. ක්ලේමන්ට් නැමැති එංගලන්ත ජාතිකයා සහ ඔහුගේ හැට හැවිරිදි තායිලන්ත ජාතික බිරිඳ ගේ රියැදුරු ලෙස සේවය කළ තලංගම හෝකන්දර පදිංචිව සිටි සේනක ශ්‍රීලාල් (49) නැමැත්තා අභිරහස් ලෙස මියගොස් සිටියදී කොල්ලූපිටිය පොලීසිය සොයා ගනු ලැබුවේ ඉකුත් 19 වැනිදාය.
මෙම රියැදුරා එම නිවසේ යාබද කාමරයක පුටුවක ගැටගසා මුහුණට කොට්ටයක් හිරකර එයට ගිනි තබා ඝාතනය කර තිබියදී පොලිසිය සොයා ගනු ලැබ තිබුණේ විදේශීය යුවළ කරන ලද පැමිණීල්ලකට අනුවය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රියැදුරාගේ මරණය සම්බන්ධයෙන් විදේශීය යුවළකගේ ඞී එන් ඒ සාම්පල සොයයි