ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ආහාර පානාදිය පවා ලබාගත නොහැකි තත්ත්වයට පත්ව සිටින මොවුන් යළි ගම්බිම් කරා යාමට නොහැකිව දිල්ලියේ සහ උත්තර් ප්‍රදේශ්හි රැස්ව සිටිති.
කොරෝනා අවදානම ද නොතකා විශාල වශයෙන් වීදිවල රැස්ව සිටින මෙම සංක්‍රමණික කම්කරුවන්ට නිවෙස්වලට යාමට බස් රථ ලබාදීමට පළාත් පාලන ආයතන කටයුතු කර තිබේ. උත්තර්ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී අදිත්‍යනාත් මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මොවුන්ට ගම්බිම් බලා යාමට රජයේ සහ පුද්ගලික බස්රථ 1,000ක් යොදවා ඇති බවයි.
දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල් සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (28) සටහන් කර ඇත්තේ බස් රථ සූදානම්ව ඇතත් දැනට රැඳී සිටින ස්ථානවල ම සිටින ලෙස ඔවුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින බවයි.
''කරුණාකර ඔබ සිටින තැනම රැඳී සිටින්න. ඔබේ ගමට නොයන්න. ඔබ එසේ ගියහොත් කොරෝනා පාලනය සඳහා වසා දැමීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනයක් නොවනු ඇති." යනුවෙන් ඇමැතිවරයා සඳහන් කර තිබිණි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති
jayath Sunday, 29 March 2020 09:55 AM
සමහරු දේශපාලනය කන්නාඩි දමාගෙන විවේචනය කෙරුවට මේ රටේ හමුදාව යෙදවීම් නිසා අපි තවමත් හුස්මගන්නවා මේක දිහා බැලුවම තේරුම් යන සත්‍යය ඒකයි...
de silva Sunday, 29 March 2020 09:55 AM
කන්න බොන්න ඉදින්න හිටින්න ස්ථානයක් නැතුව මේ මිනිස්සු මොකද කරන්නේ ? මේ මිනිස්සු කොරෝන කෙසේවෙතත් වෙන ලෙඩ රෝග සැදිලා සහ කන්න බොන්න නැතුව මැරේවි...
Raveendra Sunday, 29 March 2020 10:39 AM
මෙය මොනතරම් අනුවන ක්‍රියාවක්ද? රැකියා අහිමි වෙලා තමයි... ඒත් මේ අවස්ථාවේ වෛරස් පිලිබදව මේ මිනිසුන්ගේ දැනුම කෙබදුද? ඒ කෙසේවෙතත් ලෙඩේ ව්‍යාප්ත වීමේ අවදානම නම් ඉතාම ඉහලයි ..පව් ....
Nihal Sunday, 29 March 2020 11:20 AM
අපේ ගම් පළාතෙත් මේසන්, කම්කරු එදාවේල හොයා ගත්තු අය මේ වෙනකොට ඒ අයගේ දරුවොත් බඩගින්නේ... මුලදී කාරුණික පින්වත් අය උදව් කලා. දැන් තත්වය සම්පුර්ණයෙන් වෙනස්.... පිලි නොගන්නව නම්? ගමකට ගිහින් බලන්න
RaveendraSunday, 29 March 2020 12:14 PM
ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. එමෙන්ම ඔබගේ අදහස් අප පිලිනොගන්නවා නොව. කිසිවෙකු හෝ කුසගින්නේ ඉන්න එක මනුස්සයන්හැටියට අපට සතුටුවිය නොහැකිය. වෛරස් පැතිරයාමේ අවදානම වැඩිනම් හා එහි අවදානම අප සියල්ලෝටම නිසිලෙස අවබෝධවී තිබේ නම් අප එයින් කෙසේ හෝ ආරක්ෂා වියයුතු නොවේ... එමෙන්ම මෙම අවදානම් අවස්ථාවේ අප අපගේ ආරක්ෂක අංශවලටද ඒ ඒ නීතිමය පැනවීම් වලට අනුගතවී ඔවුන් කරනා සේවයට උදව් කලයුතු නොවේද ? ඔබලා මෙන්ම අපද විදේශ රටවල හිරවී කිසිවක් කරකියාගත නොහැකිව සිටින බවත් කණගාටුවෙන් දන්වන්නෙමු. එනමුත් අපගේ හිත් සම්පුර්ණයෙන්ම යොමුවී ඇත්තේ අපගේ මාතෘ භූමිය .... නිතරම අන්තර්ජාලය ඔස්සේ අප අපගේ රටේ තත්වය සොයමින් ලත වෙන්නොය. අප ඉන්න තැන්වලට කොටුවී දැනට දින10 කි. එසේඋවත් අපගේ ප්‍රාර්ථනය අපගේ මාතෘබුමියට හොදක් යහපතක්,වේවා !! ඉක්මනින් මෙම උවදුරෙන් අපේරට නිදහස් වේවා යන්නය.!! අප ඉතාම අවදානම් තත්වයක සිටියත් අප ධනාත්ම සිතුවිලිවලින් සිටින්නෝය.