ඩයනා උදයංගනී
රාමලාන් සමයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය රට ඉඳි සවුදි අරාබි රජය මගින් ප්‍රදානයක් ලෙස ලබාදීම සාමාන්‍යයෙන් සිදුවුවද මෙවර එසේ නොලැබීම හේතුවෙන්, ආර්ථීක අපහසුතා ඇති මුස්ලිම් පවුල් වෙත බෙදාදීම සඳහා සතොස ආයතනය මඟින් රට ඉඳි මෙට්‍රික් ටොන් 250ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම රට ඉඳි මුස්ලිම් දේවස්ථාන හරහා ඉස්ලාම් බැතිමතුන් අතර ඛෙදාදීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මීට අමතරව ඒ සඳහා පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙකු විසින් රට ඉඳි මෙට්‍රික් ටොන් තුනක තොගයක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාමලාන් වෙනුවෙන් රටඉඳි මෙට්‍රික් ටොන් 250ක් ගන්න කැබිනට් අනුමැතිය
ruchi Wednesday, 16 May 2018 02:06 PM
වෙසක් එකට දන්සැලක්, තොරණක් පෙන්නන්න දෙන්න ආණ්ඩුවට බැහැ. හැබැයි මේවට නම් ඉහළින්ම සහයෝගය... මම මේ ජාතිවාදය අවුස්සනවා නෙවෙයි. මහ ජාතියටත් මේ සැලකිල්ල මේ ආකාරයටම තියෙන්න ඕනෑ. අැයි සිංහලයාට විතරක් වෙනස්කම් කරන්නේ?
UpaasakaThursday, 17 May 2018 12:29 AM
සිල් රෙදි බෙදුවොත්
DarshanaThursday, 17 May 2018 05:25 AM
චීනෙන් ලබාදුන් බුදු පිළිමවලට බදු ගහනවා. රට ඉදි නොමිලේ....
sena Wednesday, 16 May 2018 02:35 PM
අනිත් ආගම්වලට මේ සැලකිල්ල නැත්තේ මොකද? උදාහරණයක් හැටියට කතෝලික බැතිමතුන්ටත් උපවාස කාලයක් තියෙනවා. හින්දු බැතිමතුනුත් උපවාස කරනවා බෞද්ධයෝත් සිල් ගත්තම රෑට කන්නේ නැහැ. මුස්ලිම් කට්ටිය විතරක් මහජනතාවගේ බදු මුදල් වලින් හුරතල් කරන්න ආණ්ඩුවට ඇති වුවමනාව මොකක්ද?
sehan amarasinghe Wednesday, 16 May 2018 03:11 PM
බුදු පිළිම චීනෙන් දීපු ඒවාට ටැක්ස් ගැහුවා. දැන් නිකන් දෙනවා රටඉඳි... ඉන්නකෝ තව පොඩි කාලයක්...
surath Wednesday, 16 May 2018 03:34 PM
ජාත්‍යන්තරයත් එක්ක හොඳ සම්බන්ධතා තියෙන ආණ්ඩුවට දැන් රටඉඳි සල්ලි වලට ගන්නවෙලා... පම්පෝරිය විතරයි.
සඳුන් Wednesday, 16 May 2018 03:48 PM
හැමදෙයක්ම අනාගන්න ආණ්ඩුවක්... ඔහොම යං ඔහොම යං... ඊළඟ ඡන්ද වලදී අපි දෙන්නම් ඔය ගොල්ලන්ට ජම්බු...
සංජීව Wednesday, 16 May 2018 04:25 PM
චීනෙන් පරිත්‍යාග ලෙස ලැබුණු බුදුපිළිම 1000 ට ලක්ෂ 32ක බදු ගැහුව ආණ්ඩුව දැන් රාමලාන් වලට සතොස හරහා ගෙන්වා නොමිලේ බෙදා හරිනවා.. ඔතන තමයි ආණ්ඩුව වරද්දගත්තෙ.. දිගින් දිගටම මහජාතියට සිදුකරන කුඩම්මගෙ සැලකිලි හින්දා ඇතිවෙලා තිබුණ පීඩනය තමයි පසුගියදා මහනුවරදි පුපුරා ගියෙ.. රටේ සෑම ජනවර්ගයකටම සමානව සැලකිය යුතු ආණ්ඩුව එක් ජනවර්ගයකට විශේෂිත සැලකිලි දක්වනකොට නුවර සිද්ධිය අවසාන සිද්ධිය වනු ඇතැයි කාහටනම් කිවහැකිද..?
Sri LankanThursday, 17 May 2018 04:01 AM
ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි දක්වනකොට එකේ ප්‍රතිපලේ පෙන්නනන්න ඕනේ ආණ්ඩුවට. එහෙම නැතුව නුවර උනා වගේ ජාති වාදය ඇවිස්සුවට ප්‍රශ්න විසදෙන්නේ නෑ. අහක ඉන්න අහිංසක මිනිස්සු ඕකට මොනවා කරන්නද. මෝඩ අදහස් ප්‍රකාශ නොකර හිටිය නං ගොඩක් හොදයි.
vernonThursday, 17 May 2018 04:29 AM
බුදු පිළිම නෙවෙයි ඕනම දෙයක් වානිජමය වශයෙන් කියලා හිතන්න පුළුවන් විදිහට ආනයනය කරොත් බදු ගෙවන්න වෙනවා. පිළිගන්නේ නැත්නම් රට ගිහින් එනකොට තේ හැඳි 1000ක් විතර අරන් ඇවිත් රේගුවට අහුවුනොත් බදු ගෙවන්න වෙනවා. නමුත් මේ කියන සිද්ධියේදි ඇත්තටම බදු නොගෙවා ඒ පිළිම නිදහස් කරගෙන තියෙනවා. එහෙම නම් කොහොමද කියන්නේ බුද්ධාගමට නොසැලකිල්ලක් දක්වනවා කියලා. තමන්ගේ ධර්මය රැක ගන්න ඒ ධර්මය අදහන අය දැන ගන්න ඕන. වෙන ආගම්වල අයට බැනලා වැඩක් නෑ.
pahan Thursday, 17 May 2018 06:23 AM
රට ඉදි වාණිජ නොවෙන්න බැරිද ? ගොරකා දඩමස් වෙන රටේ...
hiras Thursday, 17 May 2018 02:59 AM
දැන්නම් ඉන්නේ කාලකන්නි දේශපාලන රැලක්. උන්ට රටක්,ජාතියක්,ආගමක්,තිබුනත් එකයි නැතත් එකයි. උන්ගේ පවුල සහ නෑ පරපුර විතරක් සුර සැප විදගෙන හිටියොත් ඇති. මුස්ලිම් ඇමතිවරු එවුන්ගේ සංවරය වෙනුවෙන් නිර්බිතව හැම දේකටම පෙනී සිටිද්දී අපේ හැත්තත් උන්ටම විතරක් කොරන්නයි ට්‍රයි කරන්නේ. යකෝ සිංහලයෝ දැන් ජීවත් වෙන්නේ මැදපෙරදිග ඉන්නවා වගේ.
nihal Thursday, 17 May 2018 03:44 AM
මේ රට ඉඳි වෙනදා වගේම නොමිලයේ ප්‍රධානයක් ලෙස ලැබෙනවා ඇති... මේකටත් වැය ශීර්ශයක් පෙන්නන්න හදන්නේ.
CHARITH Thursday, 17 May 2018 05:10 AM
මස් වලට ඌරො ටොන් 250 කුත් ගේන්නකො
කුමාර් (ගල්ෆ්) Thursday, 17 May 2018 06:01 AM
මැද පෙරදිග රටවලින් එන රට ඉඳි ඉතා විෂ සහිතයි කෘමි නාශක සහිතයි, රතු කුරුමිණියන් මර්ධනයට ඔවුන් කබෝෆුරාන් වැනි කෘමිනාශක අධික ප්‍රමාණයක් පාවිච්චි කරනවා, සෞදියේ රජයේ පරීක්ෂණයකට අනුව එක් විවෘත වෙළඳ පොලක තිබු සියලු රට ඉඳි පරීක්ෂා කිරීමෙන් පසු විනාශ කර තිබෙනවා, මේ ගෙන්නන රට ඉඳි එසේ විෂ තත්ත්වයන් සඳහා පරීක්ෂා කලොත් හොඳා.
Soma dubayi Thursday, 17 May 2018 06:15 AM
සාමය සංහිඳියාව ඇති කිරීමට සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන යහපාලන රජයට අපේ ප්‍රණාමය.