(මනෝප්රිය ගුණසේකර)
ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසූ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (10) සිතාසි නිකුත් කළේය.
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඟා ඇති චෝදනා 14 කින් යුතු අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කොට ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කොට ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් නමැත්තාටය.
2019 ඔක්තෝම්බර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
විත්තිකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි සිදුකොට ඇතැයි නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් දණ්ඩ නීතී සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේ කළ ප්‍රකාශ ඇතුළු නඩු භාණ්ඩ 05ක් ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම විත්තිකරුවන්ට එරෙහි නඩුව සඳහා මාධ්‍ය සාකච්ඡාව සඳහා බොරු රැවුල් වලින් වෙස් ගන්වා ඉදිරිපත් කළ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් ඇතුළු සාක්කිකරුවන් 22 ක්ද අධිකරණයට ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජිතට සිතාසි
PA - RA Monday, 10 August 2020 02:30 PM
හිරේට දාන්නේ නැතිව තාම නලවනවා.
විජේ Tuesday, 11 August 2020 02:50 AM
පුදුම දුකක් විඳලා මැරෙන්න ඉන්න කෙනෙක් තමයි...