IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රාජිතගේ විස්සේ ලැයිස්තුව ජනපති 14 ට කපයි

(සුජිත් හේවාජුලිගේ)

ජිනීවාහි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වැනි මහ සමුළුවට සෞඛ්‍ය ප්‍රධානීන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් යැවීමට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කළ නිර්දේශය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

ඇමැතිවරයා යවා තිබූ විසිදෙනාගේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් 14 කට අඩුකර යවා තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරයා මේ ලැයිස්තුවෙන් නම් හයක්ම ඉවත් කර ඇත්තේ තමා සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේදීවත් මෙතරම් විශාල පිරිසක් ජිනීවා සමුළුවට එකවර ගෙන ගොස් නැතැයි පවසමින් යැයිද දැනගන්නට තිබේ.
ජිනීවා යෑම සඳහා ඇමැතිවරයා නම් කළ විසි දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ සෞඛ්‍ය පරිපාලනයට සම්බන්ධ නියෝජ්‍ය  අධ්‍යක්ෂකවරුන් පිරිසකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පැවැසුවේ මේ සිද්ධිය සත්‍යයක් බවය.

විස්සේ ලැයිස්තුව ජනාධිපතිවරයා විසින් දාහතරට අඩු කර එවා ඇතැයි ද ඔහු කීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජිනීවා සමුළුව අදින් (21) ඇරැඹෙන අතර එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ සමුළුවට සහභාගිවීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ද පෙරේදා (19) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියේය.

 



අදහස් (27)

රාජිතගේ විස්සේ ලැයිස්තුව ජනපති 14 ට කපයි

Rohan Monday, 21 May 2018 04:51 AM

ඉඳල හිටලා හරි මේවගේ වැඩත් කරනවා මෙයා

:       7       290

prakaash Monday, 21 May 2018 05:02 AM

රාජිත රට යන්න ඇත්තේ කොටින්ගෙන් සන්තෝසම් ගන්න බව පැහැදිලියි. ආයෙමත් මේ රට එන්න එපා. මුළු රටම ශාප කරනවා.

:       2438       6070

RaveendraMonday, 21 May 2018 09:40 AM

ඡායාරූපයේ හැටියට අම්බරුවගේ නාසයත් බුරුල් වෙලා... "ජලදෝෂ" වැළඳිලා වගේ.. අනේ පව්.. එනගමන් සිංගප්පූර් වලින් අපේ බදුමුදල් වලින් කෂාය පැකට් එකක් අරගෙන තම්බලා බීලම අාවොත් හොඳද? මොකද ලක්පුරවැසියන් "හතර වරිගෙම" මතක්කරනවා.

:       24       1332

asanga Monday, 21 May 2018 05:08 AM

රටේ සල්ලි නාස්ති කරන අමනයින් තමයි.

:       254       1331

එර්දි Monday, 21 May 2018 05:14 AM

ජනපති ගැන කව්ද නොදන්නේ? ආවේ හිටං ගුවන් තොටුපළ වහලා හොරු, මිනීමරුවෝ හිරේ දාන්න අල්ලපු අය වැඩිකමටයි පහළ ගියේ එජාපයේ. රාජිතගේ විස්ස දාහතරට අඩු කලේ මේ වෙලාවේ රටේ රාජිතට තියන අප්‍රසාදය ජනපතිටත් දැනිලද..? එහෙමත් නැතිනම් කලක සිට පවතින කන්න දීපු අත හපා කන පුරුද්දක්ද?

:       68       723

Sunil Monday, 21 May 2018 05:18 AM

100ක් වත් නොවුණු නිසා අපිට හිතට මදි. කිසි ගැම්මක් නැහැ !!!

:       143       160

vernon Monday, 21 May 2018 05:22 AM

ජිනීවා නෙවෙයි ලන්ඩන් යන්න ඉල්ලන්න.

:       1       26

සතයපාල Monday, 21 May 2018 05:25 AM

ඊළඟ මාධ්‍ය සාකච්ඡාවේදී මෙහෙම කියයි. රාජිත ඔයා කැමති විස්සක් නම් කරලා එවන්න. මම දාහතරක් තෝරන්නම් කියලා ජනාධිපතිතුමා මට කිව්වා. එහෙම නැතිව විස්සක් අරන් ජිනිවා යන්න මට පිස්සු නැහැ.

:       105       1323

Nnk Monday, 21 May 2018 05:27 AM

රාජිත ඇමැති ආපසු පැමිණි පසු ජනපතිට ධුරය අහිමි වනු ඇත..

:       81       171

රවින් Monday, 21 May 2018 05:28 AM

හා !! හා !! ජිනීවා ගියාම පාටි දාන්න එහේ ඉන්න විශේෂිත කට්ටියගෙන් ආරාධනා ලැබිලා වගේ. පහුගිය ටිකේ එක තමා මෙයා ඒගොල්ලන්ගේ සපෝර්ට් එකට කථා කලේ. කුට්ටිය හොඳට ලැබෙයි වගේ. බළලා මල්ලෙන් එළියට පැන්නා වගේ...

:       152       832

Raveendra Monday, 21 May 2018 05:32 AM

අරාජිතය වුනත් මගේ නම රාජිතයා.. කෙබර කට නිසා අරාජිත වුනේයා.. දැන් මක්කරන්නද මම වෙමි වසලයා.. උත්සහ ගන්නවා වහගන්නට කට නැතේයා..

:       110       913

Prasanna Monday, 21 May 2018 05:35 AM

මේවා බයිලා. රාජිත කියනවා මම 20ක් එවන්නම් ඔයා 14ට කපන්න කියලා. ජනාධිපතිට නැතිවෙලා තියෙන ගරුත්වය ගන්න හදන හැටියි මේ...

:       9       717

Tikiri moleMonday, 21 May 2018 08:42 AM

මෙන්න නියමයි.......රාජිතත් ගොඩ

:       0       28

RaveendraMonday, 21 May 2018 09:54 AM

ප්‍රසන්න මයා වෙත, අප විශ්වාස කරනවා. ඔබ ඉතාමත්ම නිවැරදියි කියා... මක් නිසාදයත්, මේ පුද්ගලයා 97 ඔක්ටේන් 97 පැට්‍රල් යටිනුත් ගින්දර ගෙනියන්න අති දක්ෂයෙක්...

:       0       702

ජගත් ලියනගේ Monday, 21 May 2018 01:22 PM

ඔයදේම මටත් හිතුණා. ප්‍රසන්න මහත්තයෝ...

:       0       3

ලුම්බිණි Monday, 21 May 2018 06:17 AM

ඇයි අපට බැරි මේකට කිසියම් ප්‍රතිපත්තියක් හදන්න. මොකක් හරි ක්‍රමවේදයක් හැදුවම එතකොට කවුරුත් එය අනුගමය කරාවි.

:       0       904

HasithaMonday, 21 May 2018 08:07 AM

අනුගමනය කරන්න වෙන හින්දාම තමයි හදන්නේ නැත්තේ...

:       0       405

maal Monday, 21 May 2018 06:33 AM

අන්න හොඳ වැඩක්.

:       2       12

Bamunuarachchi Monday, 21 May 2018 07:23 AM

තව දෙකකුත් කැපුවා නම් තමයි හොඳ... හැබැයි ප්‍රභාකරන් දිනුවා නම් මෙයා එතැන කැබිනට් එකටත් රිංගනවා අපිව පාවා දීලා. එතැනදී මැතිතුමා කියලා නවතින්න් නැත. හලෝ මේ අයව ගොනාට අැන්දුවාට දෙමළුන්ව ගොනාට අන්දන්න බැරිවේවි !!!

:       1       123

DAYANILIYANAGE Monday, 21 May 2018 09:39 AM

රට විනාශ වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා තමයි.

:       44       601

පිටිගල මිලානෝ Monday, 21 May 2018 09:57 AM

කරන්න තිබුණේ විස්ස නෙවෙයි වෙන එකක්... මොකද මෙයා සිංහලයෙක් නෙවෙයිනේ...

:       85       501

කමනි Friday, 25 May 2018 08:02 PM

ආ..ඔවුනේ මෙයා ...කොටි පැටියෙක්.

:       0       0

sigithi Monday, 21 May 2018 10:26 AM

මෙය ලංකාවට එන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. අපිට බොරු බේගල් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කට ඇරියොත් බොරු වරුසාවයි. දෙවිවරු ඉන්නවා නම් මෙයාට නැවත ලංකාවට යහතින් එන්න සලස්වන්න නරකයි. රට විනාශය ඇදගෙන යන්නේ මේ අය තමයි.

:       133       1002

nuwan Monday, 21 May 2018 11:38 AM

14 නෙමේ ඕකට එක්කෙනෙක් ගියා නම් ඇති. රට ආර්ථික ආගාධයක ඉන්න වෙලාවේ තව සල්ලි කාබාසිනියා කරන වැඩ මේවා....

:       21       472

nuwan Monday, 21 May 2018 12:30 PM

අපේ කරුමෙට තමයි මේ වගේ දේශපාලකයෝ ඡන්දෙන් පරාද වෙලත් කොහොම හරි රිංගාගෙන රටේ සල්ලි කාබාසිනියා කරන්නේ...

:       0       160

Saththaya Monday, 21 May 2018 02:10 PM

ඉස්සර ෆ්ලිට් එකක් පුරවලා.... ටෙලි නාට්‍ය නිළියොත් එක්ක සවාරි ගහද්දි මේ වගේ කැපිලි කතා කියන්න කව්රුත් හිටියේ නැහැනේ.. එහෙම වුණා නම් අර එයාර් ලංකා එක, කෝටි ගණනින් බංකොලොත් වුණු එක නතර වෙන්න තිබුණා. දැන් 14දෙනෙකුත් වැඩිය කියන එක අගය කරන්න ඕනෑ. රට ගැන හිතන අයට මාගේ ප්‍රණාමය!!!.

:       110       77

BamunuarachchiTuesday, 22 May 2018 01:09 PM

ඉතින් හලෝ ඒවා නවත්තන්න තමයි යහපාලකයන් ගෙනාවේ බලනකොට ඒ අයත් එහෙමනේ. ඒ නිසා දැන් ඒ අයට බැනලා වැඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 2 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 495 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 880 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 746 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1009 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 781 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site