( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප දුන් කොළඹ ප්‍රධාන මහේසත්රාත්වරිය දුන් නියෝගය අවලංගු කර, තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (30) අවසර ලබා දුන්නේය.
එම ප්රතිශෝධන පෙත්සම අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බැලීමෙන් පසවු මෙසේ නියෝග කෙරිණි.
මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පෙත්සම අද (30) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත මුදා හැර ඇති බවයි.
ඒ අනුව සියලු කරුණු සළකා බැලූ අධිකරණය එම පෙත්සම අස් කර ගැනීමට අවසර දෙන ලදී.ඒ අනුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව රහස් පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ අතර ඒ අනුව තමන්ට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.
එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කල ප්රතිශෝධන පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු කළ බවද පෙත්සම්කරු කියා සිටී.
ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.
නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම අස්කර ගන්න අවසර ගනී