(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා අද (23) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එසේ නොකර සත්‍ය සෙවීමේ කොමිෂන් අතුරුදන්වුවන්ගේ ලේකම් කාර්යාල හානි පූර්ණ වන්දි ගෙවීම් ආදිය කිරීමෙන් පලක් නොවන බව ද ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රජය කටයුතු නොකරන්නේ නම් මින් ඉදිරියට මෙවැනි කටයුතු සඳහා සහය නොදෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සෙවීමේ කොම්ෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පිළිබඳ අදහස් දක්වමිනි.
සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී ඇති බවද වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ත්‍රාන්තික මෙහෙයුමකට පාඨලීගෙන් යෝජනාවක්
CHANDA Wednesday, 24 October 2018 01:35 AM
තමුසෙත් සාජුවම වගකියන්න ඕනි රටේ මේ වෙමින් තියෙන පරිහානියට
lalith Wednesday, 24 October 2018 01:53 AM
ඔය මෙහෙයුම් කරලා, තවත් කීයක් හරි වියදම් කරලා සංදර්ශන පෙන්නන්න එපා. තමුන්ට රජවෙන්න ලැබෙනතුරු වෙනත් කෙනෙකුට ලංකාවේ රජකම් කරන්න බැරිවෙන්න සුදු බාප්පලාට කියලා ඔය යෝජනාව ගෙනාපු අර ගෙවලයටම කියලා ඕක අයින් කරවන්න වෙනවා. මොකද මිනිහ පොරොන්දු වෙලා තියෙනවනේ රජ වූ දවසට ලංකාව බෝල පිට්ටනියක් කරලා දෙන්න. හිතේ හැටියට ඒ අයට සෙල්ලම් කරන්න. ඉතින් මිනිහ රජවෙනකල් අපේ රටට හෙන ගැහැව්වත් මිනිහ අැහැක් ඇරලා බලන්නෙත් නැහැ. ඔය යෝජනාව අයින් වෙන්නෙත් නැහැ.. අම්මපා රටට ආදරයක් නැති මේ බල ලොභියට තවත් අපේ ගොබ්බයින් රැවටෙනවනේ? මේ තරම් රටට දේවල් වෙලා තියෙද්දීත් එ්ක තේරෙන්නේ නැති මොලේ නැති අපේ හරකුන්ට පුන්නක්කු කවන්න තමයි තියෙන්නේ...
dasun Wednesday, 24 October 2018 06:08 AM
අවුරුදු තුනක් තිස්සේ රට කන්න ඇරලා ඇස කන වහගෙන ඉඳලා දැන් මොකද රට බේරගන්න මතක් වුනේ...? මංගල ඇමති ඔය ජිනීවා යෝජනාව පිළිගත්ත වෙලේ රටට ආදරයක් හිතුනෙම නැද්ද? දැන් සරත් වීරසේකර සහ දේශීය විදේශීය ලාංකිකයන් රට වෙනුවෙන් ඔවුන් ජාත්‍යන්තරයට ගිහින් කරපු ටිකට ලකුණු ගන්න වෙන්න ඇති ඔය ලැස්ති වෙන්නේ... !!!