IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රාජ්‍ය ආයතන වල රැස්වීම් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම තහනම්

(රංජන් කස්තුරි)

රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහාත් රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අද (6) සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.



අදහස් (20)

රාජ්‍ය ආයතන වල රැස්වීම් පෞද්ගලික හෝටල්වල පැවැත්වීම තහනම්

chamath Thursday, 06 December 2018 04:34 PM

ජය වේවා

:       13       230

kamal Thursday, 06 December 2018 04:47 PM

නියමයි

:       7       329

ගයන්ත Thursday, 06 December 2018 05:33 PM

රජයේ මුදල් අපේම මුදල් බව ආයතන වල ඉන්න නිලධාරීන් දන්නේ නෑ. රටේ අහිංසක ජනතාවට මේ විනාශ වන මුදල් බරක් බව මේ වන විට ජනාධිපතිතුමාගේ උගත් ආර්ථික උපදේශක මහතුන් පවා දන්නේ නෑ. තමන් කිහිපදෙනෙක් රජයේ මුදල් අයතා ලෙස වැයකරමින් කරනා දූෂණයන් වසා ගැනීමට ඊට පහලින් ඇති සේවකයන් තරු හෝටල් වලට ගෙනගොස් පුහුණු දේශණ පවත්වනවා. ඇති තරම් ශාලා පහසුකම් තියෙද්දී තමා මෙසේ කරන්නේ. සමහර ආයතනවල පසුගිය කාලයේ තමන්ගේ රියදුරන් පවා පුහුණු වීම් සඳහා යයි කියමින් පිටරට යැව්වා. ඒ නිසා ජනාධිපතිතුමා මේ කරපු වැඩේ හොඳ වැඩක්.

:       6       726

RaveendraFriday, 07 December 2018 02:58 AM

ඔබගේ නිවැරදි අදහස් සමග අපද සිටින්නෙමු. මෙය බොහොම සරලව රටේ මුල් පුරවැසියාට මිට පෙරද නවතා දැමීමට ඕනා තරම් අවස්ථාව තිබුණු එසේ නොකළේ මන්ද ?? කෙසේ වෙතත් පසුව හෝ මෙම තීරණය ගැනීම පිලිබදව අපද අගය කරන්නෙමු. ( අපගේ මෙම අදහස් රතු කොළ නිල් නමැති මුසල පක්ෂවලට කිසිදු ලෙස සුදු හුණු ආලේප කිරීමක් නොවනබවට කාරුණිකව සලකන්න ). මෙලෙසම රටේ මුල් පුරවැසියාට ඔහුද නිතරම සහභාගි වෙන අනේක විධ විවෘත කිරීම් , මුල්ගල් තැබීම සදහා වැයකරන සියලුම මුදල් ද නැවැත්විය යුතු බවට අප මිට පෙර කීපවරක්ම සදහන් කර ඇති නමුත් ඒ පිළිබදව 225 වූ ගවයාන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැති බවත් සදහන්න් කිරීමට කැමැත්තෙමු.

:       1       216

Nandalal DE SILVA - France Thursday, 06 December 2018 06:15 PM

දැන් ඉතින් 2015 ට පෙර, බොහෝවිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව හතු පිපෙන්නාක් මෙන් රට වටා ඉදිවුන සුඛෝපබෝගී හෝටල් වහන්න වෙයි ! පිනට දීපු කොළඹ වටිනාම ඉඩමේ ඉදිවුන ශ්‍රැංග්‍රීලා හෝටලයේ අධිමිල සම්මන්ත්‍රණ ශාලාවල මෙතෙක් පැවැත්වුන සාද, සම්මන්ත්‍රණ, රැස්වීම් සඳහා අසරණ බදු ගෙවන්නන් කොතරම් මුදලක් වැයකර තිබේද කියා ගණන් බැලුවොත් නරකද ?

:       0       0

විජිත් Thursday, 06 December 2018 06:58 PM

මෙය ඉතාම හොඳ කාලෝචිත අදහසක්. නමුත් ජනාධිපතිතුමාට මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්නට තිබුනේ එතුමා ජනාධිපති ධුරයට පත්වුන වහාමයි. ඉතින් පමාවෙලා හරි මෙවැනි මහජන සල්ලි ගිලින කපොල්ලක් වැසීම ගැන නම් සතුටුයි.

:       0       0

perera Thursday, 06 December 2018 09:27 PM

සල්ලි නැත.

:       0       0

ranjith Thursday, 06 December 2018 10:04 PM

මෙරට දේශීය රැස්වීම් සිංහල භාෂාවෙන් කලුතු බවටත් උපදෙස් දෙනවනම් හොදයි අපේම අයට තමන්ගේ භාෂාව මොකද්ද කියල අමතක වෙලා

:       0       0

ලුම්බිණි Friday, 07 December 2018 02:24 AM

ඒ එක්කම මන්ත්‍රී වරුන්ටත් උපදෙස් දෙනවද අලාභ හානි කරන්නේ නැතුව විනීතව පාර්ලිමේන්තුවේ හැසිරෙන්න කියලා.....

:       1       55

Pathirana Friday, 07 December 2018 02:51 AM

රාජ්‍ය ආයතන වල උත්සව රැස්වීම් සහ විවිධ වැඩසටහන් පන්සල්වලත් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ.

:       147       182

kamal Friday, 07 December 2018 03:53 AM

අපේ ජනාධිපති කියන දේවල් කරන කෙනෙක් නෙවෙයි, රජයේ වැඩවලට පාසල් ළමුන් ගන්න එපා කිව්වා කෙරුනද,

:       0       16

මල්ලී Friday, 07 December 2018 03:55 AM

හෝටල් අයිතිකරුවන් සංචාරක සම්මාන උළෙල වර්ජණය කරනවා කියපු නිසා නේද මේ??? අපිව තම්බන්න ටිකක් අමාරුයි... ඇත්තටම සල්ලි ඉතුරු කරන්න ඕනේ නම්, ඔයා ජනාධිපති උන ගමන් ඔය වැඩේ කරන්න තිබුණා... මෙච්චර කල් නිකන් පිටරට ගිහින් හෝටල්වල නැවතිලා රටට ගෙනාපු ප්‍රතිඵල කිව්වානම් මීට හොදයි...

:       309       1197

jayath Friday, 07 December 2018 05:35 AM

මරේ මාරු ! හුරේ ! නියම එඩිතර තීරණයක් ජනපති තුමනි ! හැබැයි සාමාන්‍ය පුරවැසියාට තියන ප්‍රශ්නයක් මම මේ නිකමට අහන්නේ අර කෘෂිකර්ම අමාත්‍යංශයේ නිකන් තියන ගොඩනැගිල්ලට 1) වසර ගණනක් නිකරුනේ මුදල් ගෙවීම 2) අලුත් වැඩියාවට තවත් මිලියන ගණනක් වැයකිරීම ඔය විෂය පථයට අයත් වන්නේ නැත්ද ?

:       15       127

ඩී. ජයදේව Friday, 07 December 2018 05:41 AM

අරලිය හෝටල් වලවත් බැරිද

:       105       116

frank Friday, 07 December 2018 05:58 AM

රාජ්‍ය බැංකු මේ අතින් ඉහලින්ම ඉන්නවා. කිසිම වැඩක් නැතිව පුහුණු සැසි සහ රිවිව් මිටින්ග් තියල තරු හෝටල්වල සති අන්තය ගතකරලා එනවා. ලංකා බැංකුවේ මේ අතින් වාර්තා තියල සමහර ඒවා තියන්නේ පිට රටවල හෝටල් වල.

:       1       161

rohana kumara Friday, 07 December 2018 09:03 AM

දැන් කට්ටිය මාර හොඳ වෙන්න යනවා. මහ ඡන්දයක් ළඟ නිසා. අපිට අමතක නැහැ කෝටි ගණන් වියදම් කරලා උත්සව තියලා කලාකාරයන් ගෙන්වලා (හම්බන්තොට වරාය එහෙම)කොටින්ම ඡන්දෙට පවා සිල් රෙදි ඔරලෝසු දුන්නු හැටි..

:       0       0

rohana kumara Friday, 07 December 2018 09:03 AM

දැන් කට්ටිය හොද වෙන්න යනවා.මහා ඡන්දයක් ළඟ නිසා. අපිට අමතක නැ

:       0       0

sirimal Friday, 07 December 2018 09:34 AM

ඕක අර සංචාරක ව්‍යාපාරයේ සම්මාන උළෙලට ජනාධිපති තුමා සහභාගී උනොත් සමහර ප්‍රධාන පෙලේ සංචාරක ආයතන සහභාගී නොවන බවට කල ප්‍රකාශය හේතුවෙන් ගත්තු තීරණයක් කියලයි අපට හිතෙන්නේ.

:       0       0

Nandana Friday, 07 December 2018 10:19 AM

ඔබ තුමාට ආරධනා කරපු උත්සවයකට නැවත එන්න එපා කියලා අවලංගු කලානේද? පව් ඕවා දුකට කරන දෙවල් ,ලොකු හෝටල් වලට යන්න බයද?

:       0       0

lakmal Friday, 07 December 2018 11:32 AM

මේක හොඳ තීරණයක්. නමුත්, මෙයා අවුරුදු 3.5 කට කලින් කරා නම් තමයි හොඳ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 128 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 715 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 593 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 540 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 276 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 715 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site