IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති

(ඩයනා උදයංගනී )  

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති.

ඒ මහතාගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර කරමින් කරුණානායක මහතා එනතුරු බලාසිටිති.
‘අපේ රවී අපට ඕනේ‘ යැයි කෑ ගසමින් ඔවුහු මෙසේ මාර්ගය අවහිර කරමින් සිටිති.

විදේශ ඇමතිකමින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා ද එම ස්ථානයට පැමිණියේය.

(ඡායාරූප ඩයනා උදයංගනී)

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (78)

රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති

danne Thursday, 10 August 2017 08:40 AM

අං තියෙන අයද????

:       0       13

[email protected] Thursday, 10 August 2017 09:06 AM

මේ වගේ පස්සෙන් යන මිනිස්සු තාමත් ඉන්නවනේ...

:       0       10

mahee Thursday, 10 August 2017 09:12 AM

මෙච්චරකල් කරපු කොන්ත්‍රාත්වල සල්ලි ඉල්ල ගන්න වෙන්න ඇති...

:       0       7

hasantha Thursday, 10 August 2017 09:22 AM

"අප වෙනස්කල යුත්තේ දේශපාලකයන් නොව ඔවුන් පත්කරගන්නා ජනතාවයි". මෙවැනි ජනතාවක් සිටිනා කල් රට දිනෙන් දින අරාජිත වීම වැළැක්විය නොහැක.

:       0       22

Ranjith Thursday, 10 August 2017 09:28 AM

මෙහි ඉදිරියෙන් වෙන්නේ මොකක්ද?

:       0       0

ඉෂංක අමිලරත්න Thursday, 10 August 2017 09:29 AM

අනේ මෙහෙමත් මිනිස්සු .....

:       0       13

wedage Thursday, 10 August 2017 09:31 AM

නිවස කියන්නේ කොයි එකද අප්පා...

:       0       0

hasaan Thursday, 10 August 2017 09:32 AM

මෙවැනි මිනිස්සු ඉන්න කම් නිවැරදි සමාජයක් ගොඩනැගීම ඉතාම අපහසු කාර්යක්. පුද්ගලික වාසි වෙනුවන් දේශපාලනඥයින් පිටුපස යාම අපේ සමාජයේ ඉතාම වැරදි පුරුද්දක්..

:       0       4

priya Thursday, 10 August 2017 09:33 AM

හොරු සමග හෙළුවෙන්...

:       0       32

sudes Thursday, 10 August 2017 09:35 AM

මෙන්න මේ වගේ අය නිසා තමයි අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. රස්සාවටයි, බත් පැකට් එකටයි, අරක්කු බෝතලේටයි, මැති ඇමතිවරුන්ට කඩේ යන මේ වගේ මෝඩයින් ඉන්න කම් මේ රට හදන්න බැහැ.

:       0       19

lanka Thursday, 10 August 2017 09:42 AM

ඔබතුමා ඊලඟ මැතිවරණයත් ජයගනු නියතයි. අපි ඔබ සමඟයි..

:       44       0

Shanaka Thursday, 10 August 2017 09:45 AM

ඔන්න අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව....

:       0       16

Hafeel Thursday, 10 August 2017 09:50 AM

එතන මහේන්ද්‍රන්, ඇලෝෂියස්ලත් ඉන්නවා ඇති....

:       0       14

gayan Thursday, 10 August 2017 10:11 AM

හොරුන්ගෙන් බඩකට පුරවා ගත්ත අය... පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමා...

:       0       22

PRIYANTHA Thursday, 10 August 2017 10:12 AM

ඒක තමයි ඔය දීල තියෙන්නේ අරන් ගෙදර යන්න. බැඳුම්කර අලාභය ඔබලා ගෙවන්න.

:       0       9

kcp ferdinando Thursday, 10 August 2017 10:14 AM

ඔබ නිවැරදි තීරණයක් ගෙන ඇත. කලබල නොවී බලා ඉන්න. සත්‍ය ජය ගන්නවා ඇති. ඔබට ජය වේවා!!!

:       5       0

රොමේෂ් Thursday, 10 August 2017 10:16 AM

අනේ මෙහෙමත් හරක්. තමන්ගේ සල්ලි හොරාකාපු කෙනාවම ඕනෑ කියලා අඬන මේ ගොල්ලන්ට රටේ මිනිස්සු එකතු වෙලා ගහන්න ඕනා. රවීලා හිතන් ඇති හොරාකාපු සල්ලිවලින් සැබෑ මිනිස්සුන්වත් මිලට ගන්න. අපේ රටේ "මිනිස්සු" පුන්නක්කු නම් කන්නේ නැහැ තවම.

:       0       20

asanka Thursday, 10 August 2017 10:31 AM

මේ වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් මේ හොරකම් නතරවෙන්නේ නැහැ

:       0       13

pradeep Thursday, 10 August 2017 10:33 AM

මේ අයට දවසට කියක් ගෙව්වද ?? රුපියල් 1000.00 බත් පැකට් එකයි ද

:       1       19

raveendra Thursday, 10 August 2017 10:34 AM

අප ලාංකිකයන් හැටියට මොනතරම් දුර්වල තැනකද සිටින්නේ යන්න මෙම චායාරුපවලින් මොනවට පැහැදිලිවේද ????

:       1       15

චමින්ද Thursday, 10 August 2017 10:39 AM

බුද්ධිමත් ජනතාව

:       2       2

geegana Thursday, 10 August 2017 10:41 AM

ලංකාව මුදලට කෑදර වුන මෝඩයන්ගේ රටක් බවට පත්වී ඇත.

:       0       9

sanju Thursday, 10 August 2017 10:42 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු ලංකාවේ තවම ඉන්න එක ගැන දැක්කම සසර කලකිරෙනවා.

:       0       7

gallage Thursday, 10 August 2017 10:45 AM

කෝ මෙතන ඉන්නේ ඔක්කොම හොඳ සල්ලි කාරයෝ වගේ.

:       0       0

indika Thursday, 10 August 2017 10:50 AM

මේ වගේ අය ඉන්නකල් මේ රට හදනවා බොරු ...!

:       0       3

ජයන්ත මිලානෝ Thursday, 10 August 2017 11:19 AM

අනෙ මෙහෙමත් මෝඩ රැලක් .මෙහෙව් අය නිසා රටක් හැදෙයි?

:       0       54

Asanka Thursday, 10 August 2017 11:25 AM

හොරුන්ට කඩේ යන ජනතාවක් ඉන්න කම් හොරු එලවනවා බොරු තමයි.

:       0       19

ajith Thursday, 10 August 2017 11:29 AM

මෙහෙම හොරුන්ට හුරේ දාන මෝඩ මිනිස්සු ඉන්දැද්දී රටක් හදන එක නම් බොරු. රවීත් මෙතන බබා වගේ අඬනවා. වෙන රටක නම් මේ වෙනකොට මෙයා හිරේ.

:       0       5

Ranil Thursday, 10 August 2017 11:31 AM

අලියෙක් බලන්න පොඩි අලි ගොඩක් ආපු නිසා පාර වැහිලා...

:       0       4

viraj Thursday, 10 August 2017 11:32 AM

මිලියන ගණන් ගෙවල් කුලී ගෙවන හිතමිතුරෝ ඉන්න මෙතුමාට මෙහෙම සෙනඟ ඉන්න එක අහන්නත් දෙයක්ද? ඇත්තෙන්ම අපේ රටේ මිනිස්සු අප්‍රිකාවේ ඉන්න ගොත්‍රිකයන්ටත් වඩා බුද්ධියෙන් පහළ තැනකයි ඉන්නේ.. මෙච්චර මහජන ධනය හොරා කෑමක් වෙලා දැන දැනත් තවත් මිනිස්සු පස්සෙන් යනවා.

:       0       5

wasantha Thursday, 10 August 2017 11:41 AM

අනේ මෙහෙමත් මෝඩ මිනිසුන්... ගිය ආණ්ඩුවේ හොරුන් පස්සේ යන අයත් ඉන්නවා. හොරු නම් අපට එපා.

:       0       4

kumar (galf) Thursday, 10 August 2017 11:44 AM

මෙයාගේ මැරයින්ටම මෙයාව තියාගන්න කියමු... රටට හොරු ඕනෑ නෑ.

:       0       5

ravi Thursday, 10 August 2017 12:39 PM

ආධාරකරුවන් යැයි කියා ගන්න මේ හොර රංචුවම අල්ලල හිරේ දාන්න පොලිසියේ කොන්දක් නැද්ද? නිතිය නැමෙන්නේ අහිංසක ළමයින් පොලු වලින් ගහන්න විතරද?

:       46       1571

samith Thursday, 10 August 2017 12:50 PM

මේ වගේ හරක් ඉන්නකන් මේ රට හැමදාම හිඟන රටක් තමා

:       12       1071

amithFriday, 11 August 2017 06:31 AM

ඔබගේ කටේ මසුරන් දාන්න ඕන !

:       1       155

රජින්ද Thursday, 10 August 2017 02:04 PM

ලංකාවේ දේශපාලනය දැන් දෙමළ චිත්‍රපටි වලටත් වඩා අන්තයි. ඒත් වැඩේ කියන්නේ මේ හැමදේම සත්‍යක් කියල දකින පිරිසක් තවමත් මේ රටේ ඉන්න එකයි.

:       11       639

ranjith Thursday, 10 August 2017 02:08 PM

මේ රටේ දේශපාලකයන් තව තවත් දුෂණයට තල්ලු කරන්නේ මේ මෝඩ පාක්ෂිකයෝ රැලයි. චෝදනාව එළිපිටම ඔප්පුවී ඇතත් පාක්ෂිකයන්ට තේරෙන්නේ නැහැ ඒ බව. ඔවුන් තවමත් දුවන්නේ එම චෝදනාවට ලක්වූ දේශපාලකයා පසුපසයි. මෝඩ ජනතාව තමන් පසුපස එනවිට දේශපාලකයන්ට තමන් කල වැරදි ගැන පසුතැවීමක් ඇතිවෙන්නේවත් ඒවා හදාගන්න උවමනාවක්වත් ඇතිවන්නේ නැහැ.

:       254       1230

aseFriday, 11 August 2017 08:46 AM

නියමයි.., රන්ජිත් ඕක අනිත් අයටත් කියා දෙන්නකෝ...

:       0       173

shantha Thursday, 10 August 2017 03:02 PM

මේ රවී ගේ ආධාරකරුවෝ කියන්නේ මුදල් ආධාර දීල ගෙන්න ගත්තු කරුවෝද?

:       113       1034

Anton CroosThursday, 10 August 2017 06:57 PM

මේ අයගේ හොර සල්ලි වලට කඩේගිය ගොඩාක් ඉන්නවා... ආ !!! මේ ඉන්නේ

:       0       4

shyamaliFriday, 11 August 2017 04:40 AM

අනිවා සල්ලි දීලා ගෙන්න ගත්ත අය තමා

:       0       6

rizwan dubai Thursday, 10 August 2017 03:20 PM

ඉතින් කොහොමද ලංකාව දියුණු වෙන්නේ මේ වගේ හරක් ඉන්නකොට ?

:       13       957

ONE SRILANKAN Thursday, 10 August 2017 03:26 PM

අපි හතුරෙකුටවත් දුකක් ඇතිවෙනවට කැමති නැත. නමුත් අපි රවී හරිද වැරදිද යන්න නොදනී. නමුත් දන්නා එක අයෙක් සිටී.ඒ රවීගේ හෘද සාක්ෂියි.. එය විනිවිදබවය වේ. ඔබට හරි හෝ වැරදි හෝ ඔබට යහපතක් වේවා යන්න පතමු

:       1595       579

sachith Thursday, 10 August 2017 03:35 PM

ශ්‍රී ලංකාවේ දේශපලන්ගයන්ගේ තරම මෙතැනින්ම පේනවා. මෙයාලට ඕනි හැමදාම මිනිස්සු අසරණ වෙලා ඉන්නවා දකින්න. එතකොට බත් පැකට් එකට, ටකරම් ටිකකට මේවගේ ඕනි වැඩකට ගෙන්නගන්න පුළුවන්. අපේ මිනිස්සුන්ගේ මේ වහල් මානසිකත්වය නැති වෙනකම් මේවගේ දේශපාලකයන්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. දේශපාලකයන් කියන්නේ ජනතා සේවකයන්, අපේ බදු මුදල් වලින් තමයි මේ අය නිත්‍යානුකුල විදිහට පෝෂණය වෙන්නේ. කවදාවත් මේ වගේ වහල්ලු වගේ ඉන්න ඕනි නෑ කිසිම දේශපාලකයෙක්ට,

:       40       968

Roshan Thursday, 10 August 2017 03:47 PM

එක්කෙනෙකුට මිලියනය ගානේ.

:       282       445

samira Thursday, 10 August 2017 03:52 PM

බත් කන හරක්

:       409       1551

raveendraFriday, 11 August 2017 07:43 AM

ඔබගේ අදහසට පොඩි යමක් එකතු කිරීමට කැමැත්තෙමු. බත් කන වෙනුවට "අසූචි කන" වඩාත්ම සුදුසු යන්න අප හට හැඟෙන බව කාරුණිකව දන්වමු.

:       0       138

SL Thursday, 10 August 2017 05:14 PM

කෝ දැන් අර වැඩකරන ජනතාවගේ කාලය කනවා මේවගේ වැඩ වලින් කියක කොමෙන්ට් දාන කට්ටිය.,

:       46       663

තුශාරFriday, 11 August 2017 05:47 AM

පාර්ලිමේන්තු පාරනේ වහලා තියෙන්නේ. එකේ වැඩ කරන මිනිස්සු නෑ හලෝ. ඉන්නේ ඔක්කොම පිනට කකා අනුන්ට පව් දෙන අය තමයි.

:       0       7

raveendraFriday, 11 August 2017 07:25 AM

ඕනෑම ජඩ වැඩක් කල තැනැත්තා වීරයකු ලෙස පිළිගැනීමට සැදීපැහැදී සිටින එකම රට ලංකාව වීම ඉතා කණගාටුදායක තත්වයකි. මෙහි දැක්වෙන ඡායා රූපවලින් එය හොඳින් අප සැමටම දැකගත හැක. මෙය හැම පක්ෂයකම සිටින හොරුන්ට අපගේ පුරවැසියන් විසින්ම ලබාදී ඇති අසීලාචාර ක්‍රියාවකි. මෙවන් රට ගැන නොසිතා තම පක්ෂය ගැන පමණක් සිතන අනුවණ ඡන්ද දායකයින් සිටින ලෝකයේ එකම රට අප රට වියයුතුමය. එබැවින් රටේ දියුණුව ගැන කතා කිරීම හෝ සිතීමවත් විහිළුවකි.

:       0       9

sam Thursday, 10 August 2017 06:38 PM

අද රටට කෙලවෙලා තියෙන්නේ මේ වගේ අය ඉන්න නිසා. මෙච්චර හරියක් වෙලත් තවමත් මොලේ පෑදිලා නැහැ. මේක අපේ කරුමේ මේ වගේ අය ඉන්න කාලෙක ඉපදෙන්න වුණ එකට නම් ....

:       0       3

Anoton Croos Thursday, 10 August 2017 07:06 PM

ඔය අර බණ්ඩාර කෙනෙක් නේද?

:       0       0

indra Thursday, 10 August 2017 07:59 PM

මේ අය බත් කන අය නම් නෙවේ. මහජනයාගේ ජාතික ධනය කා දමන මෙවැනි අය තවත් කුමකටද?

:       0       3

siri Thursday, 10 August 2017 08:41 PM

බැලූ බැල්මට පෙනෙන්නේ, මොවුන් අධාරකරුවන් නෙමෙයි. අරක්කු බෝතලයටයි, බත් පැකට් එකටයි අාපු අය වගේ.

:       0       3

siri Thursday, 10 August 2017 08:56 PM

නීතිය නමලද? නීතිය නමන කෙනාටත් හිතේ අමාරුව ඇති... මේක එයාගේ වැඩක්ද? "යස් සර්"

:       0       0

chris Thursday, 10 August 2017 09:29 PM

බලන්නකෝ රවී එක්ක ඉන්න ජනතාව. ඒ කියන්නේ රවී කියන්නෙත් ඉතාම සාදාරණ කෙනෙක්. මොකද මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අය දූෂණ වංචා එකට යනකොටත් මාර සෙනෙඟක් ඉන්නේ. අබ සරණයි ශ්‍රී ලංකා.

:       0       4

ajtih Thursday, 10 August 2017 09:33 PM

වන් ශ්‍රී ලන්කන්, රවීට දැනටමත් යහපතක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට තමයි රවීගේ වැඩ වලින් අයහපතක් වුණේ...

:       0       3

prasad Thursday, 10 August 2017 09:58 PM

රවීගෙන් වාසි ලබාගත් අයට දුකයි. ඒකයි පස්සෙන් එන්නේ. වෙන අයටත් මේ වගේම බත් බැලයෝ සෙට් එකක් ඉන්නවා. දේශපාලකයෝ පෙන්වන්නේ ඒ අයගේ තියෙන හොඳකමට මිනිස්සු පස්සෙන් වැටිලා ඉන්නවා කියලයි. දන්නෝ දනිති.

:       0       3

Sinhalaya Thursday, 10 August 2017 10:10 PM

ඔයගොල්ලන්ට ඕනේ නම් රවී තියාගන්න. අපිට එපා

:       0       0

Shanaka Thursday, 10 August 2017 10:22 PM

මේ රට කවදාවත් හදන්න බැහැ. හැදෙන්නෙත් නෑ. මේ වගේ මෝඩයින් ඉන්නකොට කොහේ කරන්නද? හොරු සමග හෙළුවෙන්...

:       0       3

sanju Thursday, 10 August 2017 11:22 PM

වෙන රටක නම් මෙච්චර හොරකම් කරලා අහු වුණානම් ගල් ගහනවා. අපේ රටේ ඉන්න අන්ධ භක්තික මෝඩ රැල හොරුන්ගේ පස්සෙන් යනවා. මෙහෙමත් රටක්. මේ මිනිස්සුන්ට මෙහෙම වෙලත් මදි.

:       0       2

Chanak Los angeles Thursday, 10 August 2017 11:58 PM

අපිත් හරි ආසයි!!! මෙහෙදීත් පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක වෙන විට ජනතාව ඔයවගේ පාරවල් වහගෙන අපේ එක්කෙනා අපට ඕනේ කියමින් දඟලන දර්ශනයක් දකින්න කරුමෙට දකින්න නෙහෙනේ. ඒවා දකින්න පුළුවන් ලංකාවේ විතරමලු. පුදුමයි නේද වෙනස?

:       0       3

Nimal Friday, 11 August 2017 02:32 AM

SL හරියටම හරි

:       0       0

Gayan Friday, 11 August 2017 03:03 AM

එතකොට මෙයාලට ගහන්නේ නැද්ද පාර වහගෙන ඉන්නකොට? ඉල්ලීම් ඉල්ලන ළමයිට නම් වැඩේ බලන්න තිබුනා

:       0       4

Nisanka Friday, 11 August 2017 03:10 AM

අනේ මෙහෙමත් ජන්දදායකයො කියලා හිතලා මටත් ඇඬුනා .......

:       0       0

vipula Friday, 11 August 2017 03:23 AM

මේ අයට ආධාරකරුවන් කියල කියන්න එපා. එතරමට පිළිකුල් සහගතයි. සර්වජන චන්ද බලය මේ අයටත් ඉතින් තියෙනවනේ .

:       0       3

ksst Friday, 11 August 2017 03:43 AM

දැන් මේක අයුතු ජනරාශිය නෙමෙයිද? මේකෙන් මහජනයාට පීඩාවක් නොවන්නේද? ඒ අයගේ නීතිය ඒ අයව රකින්න විතරයි.

:       0       2

Nilame Friday, 11 August 2017 04:39 AM

ඉල්ලා අස්වුන දවසේ පාර්ලිමේන්තුවට යන්න පෙර රවීගේ ගමන නවත්වන්න මේ අදබාලයන්ට තිබුනනේ. එවිට මොහුට ඉල්ලලා අස්වෙන බැරිවෙනවනේ.

:       0       3

nilamay Friday, 11 August 2017 04:44 AM

අර හාමුදුරුවෝ කව්ද ?

:       0       3

Thusitha lakmal Friday, 11 August 2017 04:54 AM

පුදුම මෝඩ මිනිස්සු. රටට අනාගතයක් නැහැ මේ අය ඉන්නකන්.

:       0       3

sunil Friday, 11 August 2017 04:58 AM

පාරේ දෙපැත්තේම හොඳට ඉඩ කඩ තියෙනවා නේද සහයෝගය දක්වන්න? පාර අවහිර කරන්නේ ඇයි මහජනතාවට හිරිහැර වෙන විදියට? එතුමාටත් කරන නිග්‍රහයක් නේද එක? ඉතින් එයත් එකයි මේ අයත් එකයි කියන එකේ වැරද්දක් නැහැනේ!

:       0       3

nimal rajapaksha Friday, 11 August 2017 05:21 AM

ගරු මන්ත්‍රීතුමා, ඔබ ගත් තීරණය ඉතාම නිවැරදි කාලෝචිත ක්‍රියාවක්.. මොකද ඔබට විරුද්දව හඬ නැගුවේ.. තවත් කම්බා හොරු ටිකක්.. මෙන්න මේක මතක තියා ගන්න. දේශපාලකයා නිතරම පරිස්සම් විය යුත්තේ තම බිරින්දෑවරුන්ගෙන් බව...

:       11       0

jude prera Friday, 11 August 2017 06:27 AM

රවී ඊලග ඡන්දෙදිත් 100,000 ඡන්ද ගන්නවා. මොනවද ඔට්ටු... මිනිස්සුන්ට ඕනේ තමන්ට සලකන කෙනකු මිසක් වැදි බන කියා කියා යන හොරුන් නොවේ..

:       254       3

sajeew kumara Friday, 11 August 2017 08:27 AM

එතකොට ලොකුම හොරා කිව්වේ කව්ද?

:       0       2

rohan dayadara paris Friday, 11 August 2017 03:46 PM

මේවා යහ පාලනයට නුසුදුසුයි... අපි නීතියට හිසනමා නීතිගරුක විය යුතුයි.. මෙය මා අනුමත නොකරමි.

:       0       0

sarath Friday, 11 August 2017 05:37 PM

රජ වෙලා කරන වැඩ, දොරටුපාලයා වෙලා කරන්න ගිය නිසානේ මේ සේරම වුණේ?

:       0       0

sanath Saturday, 12 August 2017 07:21 AM

දුමින්ද සිල්වාව එළියට දැම්මොත් මිනිස්සු ලක්ෂ ගණනක් රැස්වෙයි වැලිකඩ හිර ගෙදර ඉස්සරහට. මේක ලංකාවනේ මොන මගඩියක් කරලා හරි සල්ලි ගසාකාල සොච්චමක් කටු සූප්පන අයට විසි කළාම ඔක්කොම වටවෙනවා.

:       0       6

alvis rohan Sunday, 13 August 2017 07:59 AM

යහපාලන රජයේ නිසා රවී ඇමතිකමෙන් ඉල්ලා අස්වුණා. මහරජා මෙයාම නම් රවීට තවත් ඇමති කමක් !!!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 721 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 138 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 934 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 968 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1295 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1159 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site