IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රනිල්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනය ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත යවන්න’යි නියෝග

(විනීතා එම් ගමගේ)


රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ලබා දුන් වත්කම් බැරකම් ප‍්‍රකාශනය ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර ඇත. 


තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වූ පනත සම්මත වීමත් සමඟ 2017 පෙබරවාරි 3 වැනිදා, තම සංවිධානය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප‍්‍රකාශිත වත්කම් බැරකම් ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ අතර අගමැතිවරයාගේ වත්කම් බැරකම් ලබා දීම කොමිසම මගින් දෙවතාවක් ප‍්‍රතික්ෂේප කළ බවත් දෙවතාවක් අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු මේ අවස්ථාවේ එය ලබා දෙන ලෙෂ නියෝග කර ඇති  බවත් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේ සේකර මහතා කොළඹ 2, නිපොන් හෝටලයේ අද  (5) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.


තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම වත්කම් ප‍්‍රකාශණය ලබා ගැනීම තුළින් එය ප‍්‍රසිද්ධියට පත් කිරීමට ට‍්‍රාන්ස් පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයට හැකියාව ඇති බවත් මෙම තොරතුරු පෞද්ගලික තොරතුරු වන බවට කළ තර්කය ප‍්‍රතික්ෂේප කරමින් තුන්වන පාර්ශවයන්ට අදාල තොරතුරු ඉවත් කර එම වත්කම් ප‍්‍රකාශනය නිකුත් කළ හැකි බවත් එම කොමිසම සඳහන් කළේ යැයි ද ඔබේසේකර මහතා කීය.


නීති විරෝධීව ධනය එක්රුස් කිරීමේ චෝදනා පිළිබඳව පරික්ෂා කිරීමට හා දුෂණය මැඩලීමේ මෙවලමක් ලෙස දේශපාලඥයින්ගේ වත්කම් ප‍්‍රකාශන භාවිතා කළ හැකි බව තම ආයතනයේ විශ්වාසය යැයි ද ඔබේසේකර මහතා පැවැසීය. 


කෙසේ වෙතත් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ නියෝගය අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමේ හැකියාව ජනාධිපති ලේකම් කාර්යාලයට ඇති නමුත් එවැනි පියවරක් ගැනීමෙන් තම ඡන්දයෙන් පත් කළ ජනතා නියෝජිතයින්ගේ වත්කම් ප‍්‍රකාශන ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය වගවීම හා විනිවිද භාවය යන සංකල්ප ප‍්‍රවර්ධනය කරන බවට ජනාධිපතිවරයා දුන් ප‍්‍රතිඥා උල්ලංඝණය වන්නේ යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. 
 
තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා වන කොමිසමේ නියෝගය ලැබුණු වහාම එම තොරතුරු තමන් වෙත ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කී ඔබේසේකර මහතා එය ලැබුණු වහාම ජනතාව අතට පත් කිරීමට තමන් කටයුතු යොදන බව ද සඳහන් කළේය. 
 
 
 



අදහස් (27)

රනිල්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනය ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් වෙත යවන්න’යි නියෝග

රවින් Wednesday, 05 December 2018 11:00 AM

ඇයි මේ දෙන්නාගේ විතරක්? ගන්න 225ම...

:       71       441

RaveendraWednesday, 05 December 2018 01:36 PM

නැහැ, මේ අහිංසකයාගේ වත්කම් ගනින්න හරිම ලෙහෙසියි ඕනෑම නම් මහබැංකුවේ පොත් ටික ගෙනැල්ලා එකතු කරගන්නත් පුළුවන්. අනිත් අම්බරුවන් 224 ම වත්කම් එකතු කරගන්න නම් " අනන්තය ගැන "හොඳ දැනුමක් තියෙන්නම ඕනේ.

:       3       273

sankaWednesday, 05 December 2018 02:30 PM

මේකට ඩිස්ලයික් දාලා තියෙන්නේ මහින්දගේ කට්ටිය වෙන්ට ඇති.

:       94       71

channaWednesday, 05 December 2018 03:22 PM

මෙයාට ඉතුරු කරලා දෙන්න පරපුරක් නැහැ. අනිත් අය පරම්පරා 10කට හම්බකරලා ඉවරයි.

:       78       172

BamunuarachchiWednesday, 05 December 2018 04:44 PM

ඒකටවත් හැකියාවක් නැත. පරපුරක් හිටියානම් කොහොමවෙයිද කියා සිතාගන්න පුළුවන්. හිටපු එක ඇමතියෙක් දුවගේ උපන්දිනයට වරායේ පෞද්ගලික ගුදමක් තෑගීදීලා තිබෙනවා.

:       26       313

K PereraWednesday, 05 December 2018 03:53 PM

රනිල්ගේ විතරද? එතකොට ජනාධිපතිගේ සහ ඔහුගේ පවුලේ සහ නෑයන්ගේ වත්කම්?

:       26       365

liyanageWednesday, 05 December 2018 05:30 PM

රනිල්ගේ වත්කම් ඔහු රටටම පෙන්වා තිබේ . උගත්කම , බුද්දීමත්කම, ඉවසීම, දුරදක්නා නුවණ ඔහුගේ වත්කම, ප්‍රජාතන්ත්‍රවාදීකම සහ නිතිගරුකබව, සැම දෙනාටම එක හා සැලකීම ඔහුගේ ප්‍රතිපත්තියයි.............

:       114       391

RaviThursday, 06 December 2018 08:21 AM

liyanage, රනිල්ගේ වත්කම් ඔහු රටටම පෙන්වා තිබේ . උගත්කම , බුද්දීමත්කම, ඉවසීම, දුරදක්නා නුවණ ඔහුගේ වත්කම, ප්‍රජාතන්ත්‍රවාදීකම සහ නිතිගරුකබව, සැම දෙනාටම එක හා සැලකීම ඔහුගේ ප්‍රතිපත්තියයි... බුද්දීමත්කම, දුරදක්නා නුවණ, සැම දෙනාටම එක හා සැලකීම?

:       14       10

harsha Wednesday, 05 December 2018 11:32 AM

තවත් තුරුම්බුවක් ඇදල වගේ

:       108       324

sirimal Wednesday, 05 December 2018 12:17 PM

ලංකාවේ ධනවත්ම පුද්ගලයින් 6 දෙනා අතරේ ඉන්න දේශපාලඥයින් එතරම් ධනයක් එකතු කරගත්ත්ගේ කෙසේද කියලත් හෙව්වොත් නේද හොඳ?

:       0       283

jayantha Wednesday, 05 December 2018 12:22 PM

හපොයි, මේ තුරුම්පුවෙන් පස්සේ ගොඩක් අය නිශ්ශබ්ද වෙයි වගේ...

:       120       284

iron Wednesday, 05 December 2018 12:54 PM

මහින්දගේ වත්කම් ඉල්ලන්න බයද?

:       309       752

shan saudi Wednesday, 05 December 2018 12:55 PM

එතකොට මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ වත්කම් බලලද? දැන් මෙයාලගේ හොයන්නේ... ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිලධාරින් කාටහරි කඩේ යනවද? අපිට ඔය සේරම දෙනාගේ වත්කම් දැනගන්න ඕනේ... හැබැයි 99% දෙනා දෙන්නේ බොරු විස්තර කියලා රටම දන්නවා. 2005 කලින් මේ ගොල්ලනු උන්නු හැටි... ඒ කාලේ ගත්ත ෆොටෝවල පැහැදිලිව පේනවා එ්ත් දැන් මෙයාලා ඉන්න හැටි දැක්කම අපිට නම් ඔය වාර්තා ඕනේ නැහැ අමුතුවෙන් බලන්න රට විකුණගන කාලා තියන තරම හොඳට පේනවා... නැත්නම් පෙට්ටි කඩයක් දාගෙන උන්නු කෙනාට කොහෙන්ද කෝටි 15 -17 වටිනා ගෙවල් හදන්න වත්කමක්..

:       2       870

විජිත් Wednesday, 05 December 2018 12:56 PM

"බැඳුම්කරේ" සල්ලි ඔය වත්කම්, බැරකම්වලට වැටෙන්නේ නැහැ. ඒවා මල්ල පිටින්ම සිංගප්පූරුවේ තියෙන්නේ...

:       1148       846

kamil Wednesday, 05 December 2018 12:56 PM

රාජපක්ෂ පවුලේ වත්කම් ඉල්ලන්නේ නැද්ද..?

:       719       1412

iron Wednesday, 05 December 2018 12:58 PM

මහින්දගේ, පුතාලගේ, නෝනගේ, මල්ලිලාගේ, මස්සිනාලාගේ, මැණික් ආච්චිගේ, තොරතුරුත් ගත්තොත් ඒවාත් හෙළිකළොත් නරකද..?

:       190       1021

Nuwan Wednesday, 05 December 2018 02:07 PM

225 වත්කම් බැරකම් පත් වූ දා පටන් ප්‍රසිද්ධ කරන්න ඕනේ... කරුමෙටම කොන්ද පණ තියෙන පෙරකදෝරු මහත්තයෙක් වත් නැහැ ඕක ඉල්ලුම් කරන්න...

:       1       18

Nandalal DE SILVA - France Wednesday, 05 December 2018 03:21 PM

මොකද අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනය පමණක් විදේශීය ආයතනයකට ඉදිරිපත් කරන්න නියෝග කරේ ? මීට පෙර රටේ හිටපු නායකයන්, මැති ඇමතිවරුන්, ඒවගේම "පොඩි මන්ත්‍රීන්ල" එහෙම ඒවා නියම අන්දමට, අවංකව ඉදිරිපත්කර තිබෙනවා කියන්නද ඒ අය තටමන්නේ ? නැත්නම් රනිල් හැකි තරම් ඉක්මනට රජයේ බෝඩිමකට යැවීමේ තවත් පියවරක් ඉදිරියට තැබීමේ පියවරක්ද මේකත් ? දැන්වත් රට ඇතුලේ ප්‍රශ්න විදේශ ආයතනවලට පටවා යවා රටේ නායකයන් හෑල්ලු කිරීමේ කැත තුට්ටු දෙකේ ක්‍රියාකාරකම් නැවත්වීමට මේවා නිරන්තරයෙන් ඉදිරිපත්කරන ගොබ්බ රැලට නැණ නුවන පහල වේවායි පතමු !

:       0       13

SL Wednesday, 05 December 2018 03:29 PM

රනිල්ගේ වත්කම් නොවෙයි, 2014දී සිරිකොතේ විදුලි බිලවත් ගෙවාගන්න බැරිවුණු එජාපයට, 2015 දී පාර්ලිමේන්තු ඡන්දෙට වියදම් කරන්න සල්ලි ලැබුනේ කොහොමද කියලා හොයන්න...!

:       266       853

විජිත් Wednesday, 05 December 2018 04:24 PM

2015 ඡන්දෙට වියදම් කලේ එන්ජිඕ සහ සමහර විදේශීය රටවල්........... තවත් සමහර " කට්ටිය " ණයටත් දුන්නා. බඳුම්කරෙන් හම්බවුණ සල්ලිවලින් ඒ ණය ගෙවලා දැම්මා. දැන් එයාලට ඕන තරම් සල්ලි තියෙනවා. එදා අතේ සතේ නැතිව හිටපු අය අද කොහොමද ඉන්නේ...........

:       28       48

Jehaan Wednesday, 05 December 2018 06:51 PM

මොහු පරම්පරාගත සල්ලිකාරයෙක්. අනෙක නෝනාටත් වැදගත් රැකියාවක් තිබෙනවා. මොකද අන්න අර නිතරම බෙරිහන් දෙන අමුතු පාස්පෝට් අයිති කාරයාගේ වත්කම් පරික්ෂා නොකරන්නේ. එක පාරට හතර වරිගයම පොහොසත් වුනේ කොහොමද කියලා සොයා නොබලන්නේ මොකද ? නුගත් දුෂිතයන් රට කරවන කොට , ඊළඟට මේ රටේ සාමාන්‍ය වැදගත් එදා වේල හම්බ කරන මිනිසුන්ගේ වත්කම් බලන්න කොමිසම් පත් කරන දවස වැඩි ඈතක නෙවෙයි. මේරටේ මාස් පඩියට වැඩ කරන මිනිහෙක් යන්තම් ගෙයක් අටවාගෙන නිතර කොට උඩ යන වාහනයක් ගත්තත් මේ දේශපාලන ගොයියන්ට නින්ද යන්නේ නැහැ. ඒ මොකද රටේ අනෙක් ම්නිහෙකුගේ උගත් කමක් , වෘත්තීය නිපුණතාවයක් තිබීම ඇහැට පේන්න බැහැ. එකම වචනයයි කියන්නේ . ඉහවහා ගිය හීනමානය !

:       0       130

bandula Thursday, 06 December 2018 02:30 AM

එතකොට ජනාධිපති තුමාගෙයි ගෙදර අයගෙයි විස්තර ගන්නේ නැද්ද?

:       0       51

AS Thursday, 06 December 2018 02:57 AM

ඇමරිකාවේ හිටපු ජනධිපති ඔබාමාගේ රජය​, ශ්‍රී ලංකාව ඇතුලු රජයන් 3ක් පෙරලීම සඳහා ඩොලර් මිලියන 45 පමණ වියදම් කර තිබුණු බව​, ට්‍රම්ප් රජය හෙළිකර තිබුණා. ඒ සල්ලි කාටද දුන්නෙ, ඒවට මොනවද කලේ කියල හොයන්න ඕනෙ නේද​?

:       3       505

ගල්කටස් Thursday, 06 December 2018 03:07 AM

මහින්දගේ වත්කම් මැදමූලනටයි තංගල්ලටයි ගිහින් බලාගන්න පුලුවන් වත්කමි ප්‍රකාශ කරලා තියෙන්නෙ අැයි දැක්කෙ නැද්ද ..නැත්නමි මෙලහාකටත් උසාවි දාලා නේ රු 1000 ලොකු දඩයකුත් කන්න තිබුණා

:       1       73

Chanak Los angeles Thursday, 06 December 2018 03:23 AM

පුද්ගලයෙකුට සාධාණ පොහොසත් වීමකින් සුඛෝපභෝගීව ජීවත්වීමට බාධාවක් නැහැ . නමුත් අසාධාරණ පොහොසත් වීමකින් එසේ ජීවත්වීමට බාධාවක් . අද බහුතරයක් දේශපාලකයෝ සැප විඳින්නේ අයථා මාර්ගයෙන් උපයා තිබෙන සම්පත් මගිනි . එය එසේ කල හැකිව තිබෙන්නේ දේශපාලන බලය ඔවුන්ට වෙස් වෙලාගෙන පැමිණ තිබෙන ආශිවාදයක් හේතුවෙන් ................

:       0       45

Bandula. Thursday, 06 December 2018 04:45 AM

අනේ ඉතින් කාට කියලා ඉතුරු කරන්නද ? ඇති ටිකක් වගේ..... 225 ම බැලුවොත් මෙරටට විදේශ ණය ඔනවෙන්නේ නැහැ මන් හිතන්නේ.

:       0       116

sandy123 Thursday, 06 December 2018 07:51 AM

ඒ ගැන චතුරිකා පොතක් ලියනවා

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 330 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 670 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 801 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 608 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 170 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1787 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site