( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පළමු වැනි චෝදනා පත්‍රයට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම මැයි මස 29 වැනිදා තෙක් කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට වෙනත් කරුණකට රිමාන්ඩ් භාරයේ පසුවන වගඋත්තරකාර රංජන් රාමනායක මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලදී.
මෙම පැමිණිල්ල අද(26) සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.
අද දින මෙම නඩුවට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා වෙනත් කරුණකට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ යම් වෙනසක් මේ වන විට සිදුව ඇති නිසා දැනට ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මත මෙම නඩුව පවත්වාගෙන යන්නේ ද? නැතිනම් අලුතින් සාක්ෂි කැඳවීමට පියවර ගන්නේද? යන්න සළකා බැලීමට හැකියාවක් තිබෙන බව සඳහන් කළේය.
අධිකරණ සංවිධාන පනත අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීමේ බලය අධිකරණය සතු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් තම සේවාදායකයා ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවද සඳහන් කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුවට අදාළ වාචික දේශන මැයි මස 29 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශවකරුවන්ට නියම කළේය.
අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කරන ලද ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වාචික දේශන ඉදිරිපත් කරන අවස්ථාවේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නගත ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය අධිකරණයේ වාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්රාර්වරයාට නියම කළේය.
2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා අරලියගහ මන්දිරයේ දී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බව ප්‍රකාශ කර තිබිණි.
ඒ තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියමින් ගුවන් හමුදා නිලධාරියෙක් වු සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව මෙම අධිකරණ අපහාස චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන සඳහා දිනයක්