IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රන්ජන්ගෙන් පැය පහක් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

(නිමන්ති රණසිංහ)

බුදු දහමට අපහාස වන අයුරින් අන්තර්ඡාලය ඔස්සේ මාධ්‍ය සාකඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශය ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (22) දහවල් 1.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණී අතර පැය පහකට ආසන්න කාලයක් ප‍්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සවස 5.30ට පමණ ඉන් පිටව ගොස් ඇත.

 

 



අදහස් (25)

රන්ජන්ගෙන් පැය පහක් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

නිර්වාන් Friday, 22 May 2020 01:33 PM

මේ වගේ සාකච්ඡාවක් නිසා දහමකට හානිවෙනවා නම් එ්කෙන්ම පේන්නේ ඒ දර්ශනයේ ශක්තිමත් බව නෙමෙයි. දුර්වල බවයි. අප දන්නා සැබෑ බුදුදහම නම් කිසිම විවේචනයක් නිසා හානිවන එකක් නෙමේ... විවේචන නිසා බුදුදහම තවතවත් බැබලීමයි වෙන්නේ... හැබැයි, අපේ රටේ දැන් තියෙනා තලේබාන් බුද්ධාගම නම් එහෙම එකක් නෙමේ... එ්කේ ආරක්ෂකයින් වගේ ඉන්නෙත් තමුන්ගේ බලය වෙනුවෙන් දහම වෙනස් කරපු දේශපාලකයින්, ඇතැම් ජනමාධ්‍ය, සිවුරු දාගෙන ඉන්නා නූගත් තක්කඩි මැරවරයින්. ඒ අය නම් විවේචනවලට මාරාන්තික ලෙස බයයි.

:       150       3342

Tharindu Friday, 22 May 2020 02:08 PM

නම නිර්වාන් වුණාට ඔබගේ නමේ තේරුම වගේ අදහස්වල කිසිඳු තේරුමක් නැත. ඔබට කවුරුන් හෝ හොරෙක් ලෙස විවේචනය කරන එක ඔබගේ ප්‍රතිරූපයට හානිවිමක්ද වර්ධනය වීමක්ද? තලේබාන් බුදුදහම යනු කුමක්ද?

:       1       1

chinthakaFriday, 22 May 2020 03:54 PM

මොහු අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් නෙමෙයි... අර කවුරුත්, කවදාවත් නොදැකපු, ලෝකය සහ සියල්ල තම කැමැත්තට පැනයක් සිදුකරනවා යයි කියන මනක්කල්පිත "දෙවියන්" වන්දනා කරන්නෙක්, බුද්ධාගම වැනි ඇති උතුම් ශ්‍රේෂ්ඨ දර්ශනය විවේචනය කිරීමට නම් අඩුම ගානේ සාමාන්‍ය මට්ටමේවත් බුද්ධියක් තිබිය යුතුයි. මේ වගේ OL වත් පාස් නැති, පුද්ගලයෙක්ට මෙවැනි දර්ශනයක් විවේචනය කිරීමට නොහැකියි, රටේ පවතින නීතිය අනුව උපරිම දඬුවම් මෙම පුද්ගලයින්ට දිය යුතුයි..

:       8       2

BamunuarachchiSaturday, 23 May 2020 02:25 AM

බුදුදහමට හානි කොරන්න කාටවත්ම බැහැ. එ්ත් අතීතයේ බුදුදහමට හානිකලේ විජාතික ඉන්දියාවෙන් පැමිණි සොලී වැනි අන්‍ය ආගමිකයින් මිස සිවුරු දාගත්ත අය නොවෙයි. මෙයත්, බුදුදහම තබා තම ආගමවත් නොදන්නා අන්‍ය ආගමිකයෙක්... මොවුන් වැන්නන් බුදුදහමට අපහාස කළාට ඒකාලේ සොලීන්ට දුන් දඬුවම් දිය යුතුයි. සිවුරු පොරවාගත්ත කෙනෙක් බුද්ධාගමට අපහාස කළොත් එය අපි විසඳාගන්නම්... මේ අන්‍ය ආගමිකයා බුද්ධාගමට අපහාස කළොත් එය සිංහල බෞද්ධයන් එකතුවී මොහු සමග හොඳින් හෝ නරකින් විසඳාගත යුතුයි. මේ මංගල කල්ලියයි.

:       41       2

BamunuarachchiSunday, 24 May 2020 02:05 PM

විභාගයකින් තම ආගමවත් සමත් වෙන්න බැරි මේ හාදයා, රටේ ප්‍රධාන ආගමට කළ අපහාසයට හොඳ දඬුවමක් විඳිනු ඇත.

:       1       0

surath Friday, 22 May 2020 02:01 PM

ලංකාවේ තියෙන්නේ තලේබාන් බුද්ධාගමලු. මේ විවේචන බොහොම පරිස්සමෙන් කියවන්න ඕනෑ. මේවා සුදු කළු ලෙස පැහැදිලි අදහස් නැහැ සැඟවුණු අරුත් තියෙන්නේ. සංඝයා වහන්සේ ගැරහීම මගින් බුදුදහම අතුගා දැමීමයි යටි අරුත...

:       6       1

සමිත සේනක අලුත්ගමගේ. Friday, 22 May 2020 02:05 PM

තව වසර 50කට පසුව ලොව පවතින එකම දහම බුදුදහම බව පැවසුවේ මහා විද්‍යාඥ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතායි. බුදුහාමුදුරුවන් ගැන ලොව විද්වත් මතය එහෙමයි. ඒක එහෙම නම්, මේ වගකීමක් නැති කතා කියන රන්ජන්ට පුළුවන්ද අපේ බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න. බුදු හාමුදුරුවන්ට අපහාස කළේ රන්ජන් වගේ මිනිසුන්ද? ඒ අපහාසකරුවන්ටත් උන්වහන්සේගේ පයට පෑගෙන දුවිල්ලකටවත් හානියක් කරන්න පුළුවන් වුණාද? එහෙනම්, රන්ජන් කවුද? එවන් කෙනෙකු අපහාස කරා කියා උසාවි යන්න දඟලන සමහර දෙනා තරම් බුදු හාමුදුරුවන්ට අපහාස කරන අය තවත් සිටිනවාද? මේ නම්,වෙනත් දේශපාලන උප්පරවැට්ටියක්. මේවාට අප රැවටෙන්න හොඳ නැහැ. මේවා ලාභ සත්කාරවලට ගිජුවන සමහර චීවරධාරීන්ගේ උපක්‍රම. සිල්වත් බුදුපුතුන් කොයි පැත්තේ හෝ දේශපාලකයන් වන්දනා මාන කරන්නේ නැහැ. ගැත්තන් වෙන්නෙත් නැහැ. මේවා බෙන්ස් එකට, සල්ලි කුට්ටියට කෙරෙන දේවල් වගේ තමයි තතු දත් අයට නම් පේන්නේ. මේ රටේ ඉන්න සිල්වත් බෞද්ධයින්ව ඕවායින් රැවටනු බොරු...

:       1       28

Kamal Friday, 22 May 2020 02:08 PM

බුදුසසුන විනාශ කරන චීවරධාරීන්ට එරෙහිව කතාකිරීම බුදුසසුනට කරන අපහාසයක්ලු... කැකිල්ලේ රජු තමා මතක් වෙන්නේ...

:       1       15

Ronald Friday, 22 May 2020 02:10 PM

මෙවැන්නෙකුට වෙනත් ආගමකට අගෞරව කිරීම ගැන පුදුම විය යුතු නැත...

:       0       2

Sugath K Friday, 22 May 2020 02:48 PM

රන්ජන් මහතා කොරෝනා මුවාවෙන් ලක්ෂ ගණනක් මුදල් ආධාර ලබා ගත්තා. හාල්මලු ටිකක් ලොරියක දමාගෙන සංදර්ශනයක් තිබුණා තමයි. අාරංචියේ හැටියට ලක්ෂ 50කට වැඩිය ලැබිලා තියනවා. මේවා රජයෙන් පරික්ෂා කළයුතුයි!

:       1       1

vidya Friday, 22 May 2020 05:10 PM

ඉරාකයේ ඇමරිකාව යුද සටන් කරන විට..., සොල්දාදුවන් එක්තරා ආගමික පොතක් වැසිකිලි පෝච්චියට දැමූබව වාර්තා විය. එම අවධියේදී ඕස්ට්‍රේලියන් ජාතික සංඝයා වහන්සේ නමකගෙන්, කෙනෙක් මේ කරපු වැරදි ක්‍රියාව දකින්නේ කොහොමද කියා ප්‍රශ්නයක් ඇසුවේය. උන්වහන්සේ ප්‍රකාශ කලේ ඉස්සර වෙලාම වැසිකිලි පෝච්චියේ එම පොත හිරවී තිබේනම් මේ පිළිබඳව දන්නා කෙනෙක් ගෙන්වා එය ගොඩගෙන වැසිකිළි පෝච්චිය යථා තත්වයට ගෙනඒමයි. දෙවනුව පොත් සාප්පුවකට ගොස් එම පොත මිලදී ගෙන නැවතත් සුපුරුදු දෛනික කටයුතුවල ධාර්මිකව යෙදෙන්නට පුරුදුවීමයි... මෙම පිළිතුරෙන් උන්වහන්සේ අදහස් කලේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමයි. මේ කළ ප්‍රකාශයන් රන්ජන්ගේ පෞද්ගලික අදහස් පමණයි. බුදුදහම දන්නා වටහාගත් මිනිසුන් මේ නිසරු දේවල් පසුපස යන්නේ නැත...

:       1       1

lal Saturday, 23 May 2020 12:12 AM

රටේ, ලෝකේ කොරෝනා, ආර්ථිකය වැටිලා, තාම ඇඳිරි නීතිය, සල්ලි ගන්න ගිහින් තෙරපිලා මිනිස්සු මැරෙනවා. එහෙම වකවානුවක මේවාගෙ දේකට පැය 5ක් ප්‍රශ්න කරනවා. මේකද දැන් ප්‍රමුඛතාවයට අනුව කරන්න තියෙන වැඩේ රටේ, රජයේ ආයතනවලට? මිනිස්සු රට තණකොල කන රට හරක් කියලා තමයි හිතන් ඉන්නේ...

:       2       9

priya Saturday, 23 May 2020 12:17 AM

බුදුදහම වනසන්නේ සිවුරු දාගෙන ඉන්න ගමන් සාස්තර කියන, පන්සල්වලට රණ්ඩු වන, මිනිමැරුම් කරන, නුසුදුසු වචන කියන, දේශපාලනය කරනවා යයි කියමින් වෙනවෙන දේවල් කරන අයගෙන්ම විනා, අන් අයගෙන් නොවෙයි. මේවා හිතලා කියන දේවල් නෙමෙයි... කාටවත් නැහැයි කියන්න බැහැ. මේ අයව හදන්න කවුරුත් නැහැ. ලොකු අය කට වහගෙන ඉන්නවා.

:       0       21

oopatha Saturday, 23 May 2020 12:18 AM

අපේ රටේ ඕන කෙනෙකුට සිවුරක් දාගෙන බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා තමන්ට ඕන දෙයක් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්. මේවට නීති නැහැ. ජනතාව ඇද ගන්නවා. පිරිසිදු දහම නැති කරනවා...

:       0       12

sadis Saturday, 23 May 2020 01:19 AM

එහෙනම් ආණ්ඩුවේ සංචාරක ප්‍රවර්ධන අධ්‍යක්ෂ යයි කියන කෙනා අර එක එක අයවලුන් අල්ලාගෙන කරන වීඩියෝ ගැන එයාගෙනුත් කටඋත්තර ගන්න එපායැ නේද?

:       0       1

jim kuru Saturday, 23 May 2020 01:32 AM

බුදුදහමට අපහාස කරන්නේ දේශපාලකයින්ට කඩේ යන හාමුදුරුවරු නිසයි...

:       0       7

Bamunuarachchi Saturday, 23 May 2020 02:07 AM

මෙය අද පුවත්පතක කියා තිබෙනවා පළවෙනි කොරෝනා ලෙඩාගෙන්ම කටයුතු කළානම් රෝගය බෝවෙන්නේ නැහැයි කියා. ෂාහ් GMOA මෙයාගෙන් නොවැ උපදෙස් ගන්න තිබුනේ...

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 23 May 2020 03:07 AM

අද රන්ජන් කියන නම ඇහෙන කොටම මිනිසුන්ට සිනා පහළ වෙනවා. ඒ ඔහුගේ බ්‍රේක් නැති කටින් කියවෙන කතා නිසායි. හැබැයි රංජන්ගේ කටින් සමහර චීවරධාරීන් කරනා නොහොබිනා වැඩ ගැනත්, කියැවුණා. ඒවා ප්‍රසිද්ධියේ කීමට නොහැකි වුනත්, බොරුයි කියා ඔප්පුකරන්න සමහර චීවරධාරීන්ට නොහැකි වුණා. මේ ගැන කියා රන්ජන්ට විරුද්ධව කටයුතු කළොත් වැඩේ නිකම්ම ඔප්පු වෙනවා. ඒ නිසා රන්ජන්ගෙන් පළි ගන්නත්, ඒකෙන් දේශපාලන වාසි ගන්නත් යන දෙකටම බුදු හාමුදුරුවෝ ගාවගෙන උන්වහන්සේට අපහාස කරා කියලා රට රවටන වැඩක් කරගෙන යනවා. සමහර නොමනා චීවරධාරීන් තරම් උන්වහන්සේට අපහාස කරනා අය තවත් නැහැ. මේ අය කරන අපහාස ගැන කිසි කතාබහක් නැහැ. බුදු හාමුදුරුවන්ට කළ අපහාස වලට නඩු දානවා නම්, දේවදත්ත, සුප්‍රබුද්ධ රජ, මාගන්ධියා ඇතුළු සියළුම දෙනාගෙන් පටන්ගත යුතුයි. ශාසනික උන්නතිය සඳහා කළයුතු බොහෝ දේ තිබියදී බුද්ධිය නොමග ගිය සමහර උන්මත්තකයන් බුද්ධ, ධම්ම හා සිල්වත් මහා සංඝරත්නයට නිගාදෙනු පෙනේ. අපහාස කරනු පෙනේ. සාමාන්‍යයෙන් අර සතෙකු මිනිසෙකුගේ කකුල හැපුවා කියා ඒ සතාගේ කකුල අප හපන්න යන්නේ නැහැ. හරියටම මේකත්, ඒ සතාගේ කකුල හපනවා වගේ වැඩක්. නැද්ද මං අහන්නේ?

:       2       118

Galapara Saturday, 23 May 2020 03:13 AM

හොර තක්කඩි දේශපාලුවන්ට අාවඩමින් වර්ණනා කරන සිවුරු පොරවාගත් බුදුදහමට අගරු කරන හාමුදුරුවෝ කියාගන්නා පිරිසක් අපේ බුදුදහම කොයිතරම් අගෞරවයට පත්කරලාද? අද තියෙන්නේ... මේ නරක ආදර්ශය සුවහසක් ජනතාව ඉතාම පිළිකුලෙන් අද දකින්නේ... ලෝකේ වෙන කිසිම බෞද්ධ රටවල්වල හාමුදුරුවෝ දේශපාලනය කරන්නේ නැහැ. ඒ අය දැහැමි විදියට පන්සල්වල ධර්මය රැකගෙන ඉන්නවා. බලන්න වෙන ආගමික නායකයන් කිසිම දේශපාලනයකට එන්නේ නැහැනේ. මේක ඉතාම ඉක්මණින් නිවැරදි විය යුතුයි.

:       0       25

BamunuarachchiSunday, 24 May 2020 02:12 PM

ඔයා කියන්නේ අඟර දඟර හිමි ගැන වෙන්න ඇති නේද?

:       1       14

wicky Saturday, 23 May 2020 06:52 AM

මේවා මහා විහිළුවක් මහා විකාරයක් මේවා හොඳයි එක එක පුද්ගලයන් ජනප්‍රිය කරන්න .ටිකක් අන්තර්ජාලයේ සැරිසරා බලන්න. විවිදාකාර ස්වාමින් වහන්සේලා තම තමන්ගේ ජනප්‍රියතාවය තකා බුදුදහම මොනතරම් විකුර්ති විදියට පාවිච්චි කරනවද කියලා.

:       0       181

Rata Perata Saturday, 23 May 2020 08:17 AM

දළදා භූමියේ කාර්රේස් පැදපු පාලකයන් ඉන්න රටේ මේ වගේ මනුස්සයින් ආරක්ෂා කරන්න ඕනෑ. නැත්නම් නිර්මල බුදුදහම නැති වෙනවා.

:       4       1

BamunuarachchiSunday, 24 May 2020 02:10 PM

හලෝ මෙතන කතා කරන්නේ කාර් රේස් ගැන නෙමෙයි... අන්‍යාගමිකයෙක් බෞද්ධාගමට අපහාස කිරීම ගැනයි. රට බල්ලට ගියත් කමක් නැහැ කියලයි මේ අය හිතන්නේ... මේ වගේ අය රටේ නැතිව ඇති...

:       1       5

Prabha Saturday, 23 May 2020 09:44 AM

මේ නීතියම අර සිවුරු දරමින් විකාර කරන පුද්ගලයින්ටත් සමාන නැද්ද?

:       0       1

BamunuarachchiTuesday, 26 May 2020 04:26 AM

ඔයා කියන්නේ අඟර දඟර හිමි ගැන වෙන්න ඇති නේද? මමත් හොයනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 219 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 395 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1150 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2606 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1728 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1016 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site