(ඩී.ජී.සුගතපාල)
යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය.
මෙසේ මරණ දඬුවම නියම වුයේ මාවඩවිලගේ නිලුක්ෂ මධුශාන් ජයලත්, හලු කීර්ති දිනේෂ් කුමාර, යද්දෙහි නිසල් චන්දන, දඩල්ලගේ ගයාන් සම්පත්, දේනෙත්ති අනුර ප්‍රියන්ත, අගම්පොඩි ඉන්දික ප්‍රසාද් කුමාර විත්තිකරුවන් හයදෙනාටය.
රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි 2011 ජනවාරි 29 වැනි දින දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
සිද්ධිය වූ දින රාත්‍රි 9.05ට පමණ මියගිය අයගේ නිවස ඉදිරිපිට පිරිමි ළමයින් තිදෙනෙකු ආරවුලක් ඇති කරගෙන ඇති බවත්, එම අවස්ථාවේ එම දෙදරු පියා නිවසින් පිටතට පැමිණ ආරවුල නතරකර ඇති බවත්, පසුව ත්‍රිරෝද රථයකින් පැමිණි විත්තිකරුවන් ඔහුට යකඩ පොලුවලින් පහරදී ඔහුගේ සීයාටද තුවාල කර ඇති බවත් පැමිණිලිකරු කියා සිටියේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ පැමිණිල්ලේ සාක්කි අනුවත් මියගිය අයගේ තුවාල පිළිබඳව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාව අනුවත් විත්තිකරුවන් මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බවය.
1,3 සහ 4 යන විත්තිකරුවන් වෙනුවෙන් ශ්‍රිමාල් විජේසේකර, කසුන් ගුණරත්න යන මහත්වරුද, 2 සහ 5 විත්තකරුවන් වෙනුවෙන් රජයෙන් පත් කළ චින්තා ජිවන්ති අතුකෝරල, පිණිපා ප්‍රසාදිනි යන නීතිඥ මහත්මීහුද පෙනි සිටියහ. රත්ගම පොලිසිය වෙනුවෙන් සැරයන් තිසරසේන(28019) මහතා පෙනි සිටියේය.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම
hira Wednesday, 19 February 2020 07:56 AM
මෙහෙම වෙනකොට හදපු අම්මා, තාත්තාටත්, රටටත් වැඩක් නැතුවම මේ කොල්ලෝ ටික කුඩුවක් ඇතුලට ජීවිත කාලයම කොටු වෙනවා. මේවා කියවන තරුණ කොල්ලනෙ, නිකරුනේ යාළුවන් සමග රැල්ලට නොගොස් තමන්ට ලැබිච්ච ජීවිතයෙන් තමන්ටත්, දෙමාපියන්ටත්, රටටත් සේවයක් කරන්න. මේවා දකිනකොට හරිම දුකයි.
Ruhunu Wednesday, 19 February 2020 10:47 AM
නමට විතරක් දඩුවම් දීලා වැඩක් නෑ.
suresh abegunawardana Wednesday, 19 February 2020 11:18 AM
එතකොට අර තාජුඩීන් මරපු අයට මොකද වෙන්නේ ? අන්න ඒවා නියම මිනි මැරුම්.
GunadasaWednesday, 19 February 2020 12:09 PM
බලන් හිටියද තාජුදීන් මරනවා ? සමහරක් තාමත් ගොන්කම ප්‍රදර්ශනය කරනවා වගේ මට නම් පෙනෙන්නේ.
ලලිත් Wednesday, 19 February 2020 11:19 AM
ඇයි ආප්ප කාපු කෙනා දිවුරුම් දුන්නා නේද එල්ලනවා කියලා......