IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රතන හිමියෝ ඇතුළු පිරිසක් මඩකලපු විශ්වවිද්‍යාලයට

(නිමල් ජයරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ තවත් කිහිපදෙනෙකු නැගෙනහිර පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද (11) නිරීක්ෂණය කිරීමට පැමිණියහ.

එහිදී ආරක්ෂක අංශවලින් බාධා එල්ල වීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇතිවිය.

අතුරුලියේ රතන හිමියන් ඇතුළු පිරිසට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල විනාඩි 45 ක් පමණ කාලයක්  රැඳී සිටීමට සිදුවූ අතර එහි ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් ඊට ඇතුල්වීමට ඉඩ ලබා නොදුන්හ.

එම ස්ථානයට පැමිණි වාලච්චේන සහකාර පොලිස් අධිකාරීවරයා පැවැසුවේ විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙසට පාලන අධිකාරිය වාලච්චේන පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

රතන හිමි සමඟ පැමිණි පිරිස විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කිරීමට පමණක් ආරක්ෂක අංශ මගින් අවසර ඉල්ලා සිටියහ.

ආරක්ෂක අංශ එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ රතන හිමියන් සමඟ පැමිණි නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා සමඟ කිහිපදෙනෙක් විශ්වවිද්‍යාල භූමියට බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සහ දැරූහ.

ඒ මොහොතේ එම ස්ථානයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිස  ආරක්ෂක අංශ සමඟ උණුසුම් කතාබහක් ද ඇතිවිය.

පසුව ආරක්ෂ අංශ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාට පමණක් විශ්වවිද්‍යාල භූමිය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ  අවසර ලබා දුන්හ.

 

 

 

 

 



අදහස් (17)

රතන හිමියෝ ඇතුළු පිරිසක් මඩකලපු විශ්වවිද්‍යාලයට

සේන Tuesday, 11 June 2019 01:53 PM

නියම වැඩේ කියන්නෙ ආරක්ෂක හමුදාව දාගෙන රකින එකයි. මෙහෙම ගියාම අපට ගහන්න ⁣බෝම්බ හදන තැන්වලටත් හමුදා ආරක්ෂාව දායි

:       584       621

Dilan Tuesday, 11 June 2019 01:55 PM

ත්‍රිවිධ හමුදාවට අන්තවාදීන් ආරක්ෂා කිරීමට සිදුවීම ගැන දුකයි.

:       113       501

දිමුත්Wednesday, 12 June 2019 05:49 AM

කවුද ආරක්ෂක ඇමති?

:       0       40

Rasika Tuesday, 11 June 2019 02:42 PM

ලංකාවේ ඕනෙම විශ්ව විද්‍යාලයකට ඕනෙම ලංකාවේ පුරවැසියෙක්ට යන්න අවසර තියෙනවා. කොළඹ, රුහුණ, පේරාදෙණිය.. ඔය ඕනෙම විශ්ව විද්‍යාලයක ඕනෑම කෙනෙක්ට යන්න නිදහස තියෙනවා.. ඒ වගේම රටේ සම්මත මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා නම් තියෙන්නේ ඕනෑම පුරවසියෙක්ට ඒවායේ අධ්‍යාපනය කරන්න පුළුවන්. ජාතිය හෝ තමන් අදහන අාගම අනුව විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමේ සුදුසුකම් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ මඩකලපුව විශ්වවිද්‍යාලයේ එහෙම නෙමෙයි. බෞද්ධයන්ට, කතෝලිකයන්ට ඒවාට ඇතුළත් වෙන්න බැහැ. සිංහල වීම නිසාම ඔවුන්ට යන්න බැරි විශ්ව විද්‍යාල සහ යන්න බැරි හෝ ජීවත්වෙන්න බැරි පළාත් ලංකාවේ ප්‍රායෝගිකව තියෙනවා.. එතකොට අසාධාරණය වෙලා තියෙන්නේ කාටද?

:       86       874

vidya Tuesday, 11 June 2019 04:01 PM

හාමුදුරුවනේ ඔය වැඩේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට භාර දීලා, විශ්ව විද්‍යාල නීතිරීති අනුව කටයුතු කිරීම සඳහා ඉඩ අරින්න. තරුණ තරුණියන් පිරිසක් එකතු කරගෙන රට පිරිසිදු කිරීමේ කටයුත්තක යෙදෙන්න.

:       3396       2146

Ajith NissankaTuesday, 11 June 2019 10:13 PM

ඒ කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බාර දුන්නහම ලග එන මැතිවරණයේදී මිනිස්සු අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඡන්දෙ දේවි!

:       0       15

jayasekaraWednesday, 12 June 2019 05:38 AM

විද්‍යා ඔබ මොන ජාතිකයෙක්ද කියල මම දන්නේ නැහැ... ඔහොම අපෙ බෞද්ධ ස්වාමින්වහන්සේලා ගැන ඔය හිතනවානම්. තාමත් ඉංග්‍රීසි කොඩිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ ලෙලදෙනවා... (ඉංග්‍රීසි කොඩිය කෙසේවෙතත් ශ්‍රී දළදා මාලිගාව තිබුණු තැනක් වත් හොයාගන්න බැරි වෙයි ....) මතක තියාගන්න කාට කාටත් නිදහසේ ඉන්න මුලින්ම රටක් තිබිය යුතුය .... අතීතේ ඉදල ඒක රැක්කේ බුද්ධ චීවරය මිසක් වෙන අයෙක් නොවෙයි.

:       77       140

Bamunuarachchi Tuesday, 11 June 2019 05:37 PM

අධ්‍යාපන දෙපාරතමෙන්තුවට විශ්වවිද්‍යාලවල තිබෙන නවක වාදය වත් නවත්වා ගන්න බැරිකොට මේ වගේ අන්තවාදී විශ්වවිද්‍යාල වලින් පතුරවන අන්තවාදය නවත්වන්නේ කොහොමද. අනික මේක දෙපාර්තමේන්තුවට අයිති නැති පුද්ගලික ආයතනයක්.

:       6       33

Sarath r Tuesday, 11 June 2019 07:54 PM

මාර වැඩක්නේ. මම හිතන්නේ මේක අවූරුදු ගණන් හදන්න නැතිව ඇති. කවූරුත් දන්නේ නැතිව. සති දෙක තුනකින් පැලවෙන්න ඇති. නැත්නම් දැන් දුවයිද මෙච්චර සේනාවක් අරගෙන.

:       0       171

Sarath Tennakone Wednesday, 12 June 2019 01:25 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේ එක පාරක් රට ගිනි තින්න හැදුවා. කරුණාකර දේශපාලනයෙන් ඉවත් වී බුදු දහමට සේවයක් කරන්න

:       162       241

sarath Wednesday, 12 June 2019 01:55 AM

පාර්ලිමේන්තුවෙන්, කැබිනට් එකෙන් කරන්න ඕනේ දේවල් සාමාන්‍ය ජනතාවට බාරදෙන මේ වගේ ආණ්ඩු රටට මොකටද . කෝ අර මංගල කියන කෙනා, හිස්බුල්ලාගේ කතාව අහල ඇඳ යට ද ?

:       22       71

sena Wednesday, 12 June 2019 02:57 AM

මේ වෙලාවේ හැටියට හාමුදුරුවරු ඕක බලන්න යාම එතරම්ම හොඳ දෙයක් හැටියට මම නම් දකින්නේ නැහැ .ඒවා පිලිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා හමුදාව බලා ගන්න ඕනේ හාමුදුරුවන්ට තියෙන්නේ රටේ තත්වය පිලිබඳ තරුණ පරම්පරාව ගම මට්ටමින් දැනුවත් කරලා වැඩ පිළිවෙලක් හදන එකයි.

:       70       107

I.o.Sirisena Wednesday, 12 June 2019 03:01 AM

බාල බොලද ලාමක දේශපාලන ක්‍රියා තුලින් රට අවුලෙන් අවුලට පත්කිරීම හා තමන්ගේ නැතිවූ ජනප්‍රියතාවය නැවත ලබාගැනීමට කරන අනුවන ක්‍රියාවක් !

:       139       155

Ara Zoysa Wednesday, 12 June 2019 03:21 AM

හාමුදුරුවනේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න එපා. ලක්වැසියෝ ඔබ වහන්සේගේ ගැන දන්නවා.

:       117       129

දලිුම් Wednesday, 12 June 2019 03:58 AM

විද්‍යා පොඩ්ඩක් කට වහගෙන පැත්තකට වෙන්න. ප්‍රචන්ඩත්වය අපිත් අනුමත කරන්නේ නෑ. ඒත් ඔය කියන එකකින්වත් සාධාරණ අපක්ෂපාති නීරණයක් ගන්නේ නෑ ඒකයි සමාජබලවේග වලට මෙහෙම ක්‍රියාත්මක වෙන්න වෙන්නේ. අනික මේ තරම් වහගෙන කරන්න මොනවද මේවයේ තියන හොර වැඩ. විශ්වවද්‍යාලයක් මේ තරම් වහං කරන් ආරකෂා කරන්න මොකක්ද තියන හේතුව. අනික කාටවත් යන්න දෙන්න එපා කියල පොලිසියෙන් ඉල්ලපුවාම ඒ ඇයි කියලවත් අහන්න තරම් ආරක්ෂක අංශවලට නිදහසක් හෝ හයියක් නැද්ද. ඒ තරම් මේ අය බලවත්ද.

:       26       51

johnSS Wednesday, 12 June 2019 04:19 AM

ඕකට යන්න දෙනකන් උපවාසයක් පටන්ගමු හාමුදුරුවනේ

:       36       102

Huenpee Wednesday, 12 June 2019 05:32 AM

ඔය බලන්න දීල තියෙන්නේ දැන් රාජපක්ෂ මැතිතුමාගේ නම කියලා සාදුකාරයක් දීලා එලියට වඩින්න.

:       74       69

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 199 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 102 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 74 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 311 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 321 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 622 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site