IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රණවිරු දඩයම ගැන කියන විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

රංජන් කස්තුරි

ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳව හා රජය රණවිරුවන් දඩයම් කරන බවට විපක්ෂය නගන චෝදනා බරපතල හා සාවද්‍ය එකකැයි රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් කරුණු විමසීම රණවිරු දඩයමක් වන්තේ කෙසේදැයි විමසිය යුතුව තිබෙන බවද එම නිවේදනයේ සඳහන්වේ.

රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

   ‘‘පසුගිය දිනවල විපක්ෂය සහ ඔවුන්ගේ මතය සමාජගත කිරීමේ කාර්ය ඉටුකරමින් සිටින විවිධ පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ දැඩි ප්‍රචාරයක් ලබාදෙමින් වත්මන් රජය රණවිරුවන් දඩයම් කරන බව මතයක් නිර්මාණය කිරීමට උත්සහ ගනිමින් තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිගි කිරීමක් කළයුතුව ඇත.මන්ද වත්මන් රජය පත්වූ දා සිට මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අයුතු චෝදනාවක් හෝ සිදුකොට නොමැති පසුබිමක් තුල වත්මන් රජයට එල්ලවල මේ චෝදනාව බරපතල සහ සම්පුර්ණ සාවද්‍ය එකක් වන බැවිනි.

2009 මැයි 28 දින එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක්  අනුව එදා හිටපු පොලිස්පතිවරයාගේ නියෝග මත 2009 සැප්තැම්බර් 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එම පරීක්ෂණ  ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.නමුත් සිය පාලනයට අවාසිදායක යැයි හැගෙන ඇතැම් කරුණු හෙළිදරව් වීමේ පසුබිම තුළ පරීක්ෂණ කටයුතු ක්‍රමයෙන් අක්‍රීය කිරීමට එදා පාලකයන් පසුබට නොවුණි.එවැනි පසුබිමක් තුළ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේදී මෙම අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව බරපතළ කතිකාවක් නිර්මාණය විය.

ඒ අනුව නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවට එදා පැවැති රජය ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දුවක් ලබා දුන්නේය.එකී පොරොන්දුව ප්‍රකාරව 2014 අප්‍රේල් මස නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

ඒ අනුව අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශණ කටයුතු සිදුකිරීමේ දී එහි ප්‍රධාන සැකකරුවන් ලෙස හදුනාගෙන ඇත්තේ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යන අයවලුන්ය.

ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇති නමුත් නේවි සම්පත් යන අය පසුගිය කාලය පුරා අධිකරණය මගහැර සිටියේය.ඔහු 2018 අගෝස්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී.

නේවි සම්පත් යන අයට අධිකරණය මගහැර සිටීමට සහ හෝ අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.09.02 දාතම ලිපියක් මගින් දැනුම් දී තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණේ  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට සුදානමන් පවතින බවය.එවැනි කිසිදු සුදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබිණි.

පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ විමර්ශනය 2009 සැප්තැම්බර් 10 දින ආරම්භ කළ පරීක්ෂණයක් බවත් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ පරීක්ෂණයක් නොවන බවත් සිහිකැඳවිය යුතුය.එසේ තිබියදී එම පරීක්ෂණයේ ඉදිරිකටයුතු පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතාගේ කරුණු විමසීමක් සිදු කිරීම රණවිරු දඩයමක් වන්නේ කෙසේදැයි විමසීය යුතුව ඇත.‘‘

 



අදහස් (5)

රණවිරු දඩයම ගැන කියන විපක්ෂයේ චෝදනා රජය ප්‍රතික්ෂේප කරයි

Rasith Friday, 14 September 2018 05:41 PM

වැඩේ කියන්නේ කොටි මුකුත්ම වැ‍රැද්දක් කරල නෑ නේ. හමුදාවනේ සේරම වැරදි කරල තියෙන්නේ.

:       417       822

Chandra Saturday, 15 September 2018 02:36 AM

යුද්දේ දිනලා දීපු ෆීල්ඩ් මාර්ෂල්තුමාව බලෙන් ඇදගෙන ගිහින් කොටු කරපු එකට කියන්නේ මොන දඩයම කියලද දන්නේ නැහැ නේද? ඒ කාලේ හිටපු රටට ආදරේ ඇති ඇමතිවරුන් ඇයි ඒ දවස් වල කතා නොකළේ? තවමත් බයයි නේද ?

:       609       82

Cisco Saturday, 15 September 2018 03:17 AM

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නඩු දමලා තිබේද? අන්තිමට මාස ලණනක් ගියාට පසුව සාක්ෂි නැහැ කියලා නිදහස් කළා. මෙහි ඇත්තේ දඩයමක් නොවේ නම් කුමක්ද? මිලේනියම් සිද්ධිය 2004දී මෙවැනිම අපරාදයක් නෙවෙයිද කළේ?

:       10       240

rohana Saturday, 15 September 2018 03:37 AM

රසිත් මෝඩ කතා කියන්න එපා. මේකට කොටි ගාව ගන්න එපා. අනික නිල ඇඳුමක් අැඳගත්තා කියලා අපිට මිනී මරන්න බැහැ. හැබැයි ත්‍රස්තවාදීන්ට මිනී මරන්න නීතියක් අවශ්‍ය නැහැ. අපිට එහෙම බැහැ. ඔයාට මීට වඩා දැනගන්න ඕනෑ නම් හමුදාවේ යහළුවෙක්ගෙන් අහගන්න. හමුදා නීතිය සහ ත්‍රස්තවාදී නීතිය අතර වෙනස එයයි.

:       293       71

geetha Saturday, 15 September 2018 06:23 AM

අනේ රෝහණ නොදන්නා දේවල් ගැන අදහස් දක්වන්න එපා.. සම්පත් මුණසිංහ දැන් නිකන්ම සම්පත්, ප්‍රසාද් හෙට්ටිආරච්චි නේවි සම්පත් කරලා... හිනා යනවා මේ දේවල් එක්ක..

:       0       179

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 675 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 129 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 897 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 933 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1269 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1149 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site