IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රටේ ප්‍රශ්න රට තුළම විසඳාගතයුතුයි - බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ

(බිඟුන් මේනක ගමගේ) 
 
බාහිර බලපෑම් හේතුවෙන් විදේශ රාජ්‍යවලට සිදු වූ විනාශවලින් පාඩම් උගෙන ගත යුතු යැයි ද ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්‍රශ්න රට තුළම විසඳාගැනීමට ලාංකිකයන් කැප විය යුතු යැයි ද කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ ‘ලංකාදීප’ යට පැවසූහ.
 
ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් ලංකාව පරිණත තත්ත්වයක ඇතැයි ද රට පවතින්නේ තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳාගත හැකි තත්ත්වයක යැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.
 
දුකේදී මෙන්ම සැපේදී ද සමාජයේ සංහිඳියාව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ප්‍රධාන ආගම් සියල්ලෙන් ලැබෙන බව කී පියතුමාණෝ ක්‍රිස්තියානි දහමේ උගැන්වෙන සහෝදරත්වය හා ප්‍රේමය මෙන්ම බුදු දහමේ උගැන්වෙන මෛත්‍රීය හා අහිංසාව ඊට පදනම් කරගත හැකි යැයි සඳහන් කළහ.
 
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුහිමිපාණන් ජාතියේ උන්නතිය යන මූලික අරමුණ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ද ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන් එක්සිත්ව කටයුතු කරන්නේ නම් ඉතා වටිනේයැයි ද බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.



අදහස් (5)

රටේ ප්‍රශ්න රට තුළම විසඳාගතයුතුයි - බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ

බන්දුල Thursday, 10 January 2019 02:45 PM

එහෙනම් විදෙස් රටවලින් මෙහෙට ආපු ආගම් සියල්ල මෙහෙ ඇදහීම නවතාදැමිය යුතුයි මුලින්ම...

:       0       0

rocky Thursday, 10 January 2019 03:23 PM

රටේ ප්‍රශ්න රට තුළම විසඳන්න පුළුවන් නම් ඇයි මේ බිලියන දහස් ගණන් වලින් විදේශ ණය ගහන්නේ? ඇයි මේ හොරුන්ට, අපරාධ කරුවන්ට, මිනීමරුවන්ට එරෙහිව තියන නඩු අහලා ඉවරයක් නොකරන්නේ? ඇයි යුද අපරාධ චෝදනා තියන අයට එරෙහිව තියන පැමිණිලි විභාග නොකරන්නේ? පියතුමනි, මේ ලාභ දේශපාලන ප්‍රකාශ වලින් ඔබතුමාගේ ගෞරවයත් නිකරුනේ පීචන් කර ගන්න එපා!

:       0       0

Chanak los angeles Friday, 11 January 2019 02:07 AM

දැන් ශුද්ධෝදන වගේ කතා කරන රාජපක්ෂ තමයි ලංකාවේ ප්‍රශ්න ෆයිල් මිටියක් හදා එය සඟවාගෙන ඉස්සෙල්ලාම ජාත්‍යන්තරයට ගෙන ගියේ ..

:       0       0

නිමල් Friday, 11 January 2019 09:15 AM

ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්‍රශ්න රට තුළම විසඳාගැනීමට ලාංකිකයන් කැපවෙන්න ඕනෑ කියලනේ හැමදාමත් කතා කරන්නේ... කැපවෙලා ඉවරවෙන්නේ කවදාද?

:       0       0

නිමල් Friday, 11 January 2019 09:19 AM

අගමැතිතුමා කියනවා රුපියල ගොඩගන්නත් පිටරට බැංකුවලින් ඩොලර් බිලියන ගණන් ණය ගන්න ඕනෑ කියලා. ඉතින් රටේ ප්‍රශ්න රට තුළම විසඳගන්න පුළුවන් එකේ පිටරට වලට අත පාලා බැංකු වලින් ණය ගන්නේ මොකටද? ඒ ප්‍රශ්නෙත් බැරිද රට තුලම විසඳගන්න? මේකට තමා අපේ පැරැන්නෝ කිව්වේ කියන්න මොන විදිහකට කිව්වත් අසන්නා සිහි බුද්ධිය ඇතුව අසන්න ඕනෑ කියලා!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 461 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1000 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1156 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 754 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 201 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1903 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site