IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කරන්න යයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමිල්නාඩු ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත්ට නිර්දේශ කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව අද (9) තීරණය කළේය.  
 
තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැති කේ. පලනිස්වාමිගේ නායකත්වයෙන් යුතුව අද (9) රැස්වූ එම ප්‍රාන්තයේ කැබිනට් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ.  තමිල්නාඩු ප්‍රාන්ත ධීවර අමාත්‍ය ඩී. ජයකුමාර් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව තහවුරු කළේය. 
 
මුරුගන්, සාන්තන්, ඒ.ජී. පෙරරිවාලන්, ජයකුමාර්, රවිචන්ද්‍රන්, රොබබ් පයාස් සහ නාලිනි ශ්‍රීහරන් යන අය ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන චෝදනාවට වරදකරුවන් වී සිර දඬුවම් ලබන්නෝ වෙති. 
 
රජිව් ගාන්ධි ඝාතන චෝදනාට වරදකරුවන් වී සිර දඬුවම් විඳින ඉහත නම් සඳහන් කළ හත්දෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවස්ථා කිහිපයකදීම ඉන්දීය මධ්‍යම රජයට ලිපි යැවීය. එම සෑම අවස්ථාවකදීම තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. 
 
එම හත්දෙනාගෙන් ඒ.ජී. පෙරරිවාලන් ඉකුත් දිනෙක සමාව ඉල්ලමින් අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 වගන්තිය යටතේ සමාව ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ මැදිහත්මවී මත අදාළ අයදුම්පත ඉදිරිපත් කර තිබිණි. අදාළ අයදුම්පත සලකා බලන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා (6)  තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දැන්වීය. 
 
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ඉහත තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය. 
 
මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නැයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට නිර්දේශ කිරීමට තීරණය කළ ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ ඒ.ජී. පෙරරිවාලන්ගේ අයදුම්පත පමණක් සලකා බලන්න යනුවෙනි. 
 
(ද හින්දු -  055)



අදහස් (7)

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කරන්න යයි

de silva Sunday, 09 September 2018 03:09 PM

අනේ ඒ අයට හොඳ නම් අපිට මොකද?

:       30       43

Chanak Los angeles Sunday, 09 September 2018 11:22 PM

සමාව ඉල්ලුවා කියන විට කොටි එඩිතරයි කියන කතාව පුස්සක් වෙනවා. මෙතන බුදුදහම කදිම පිළිතුරක් සපයනවා. දඬුවමට බිය, අකමැති පුද්ගලයා සියලු පවින් අත්මිදිය යුතුය .

:       3       743

Dilan Dehiwala Monday, 10 September 2018 03:55 AM

රජීව් මිනීමරු ප්‍රබාකරන් සැනසීමට ලංකාවට බලකරමින් පළාත් සභා ක්‍රමය අපට ලබාදුන්නා . දැන් ඔවුන් කවුරුත් ජීවතුන් අතර නෑ. ආණ්ඩුකාරයින් මහා ඇමතිවරුන් පළාත් සභා ක්‍රමය තුල සුර සැප විඳිමින් මහජන මුදල් සූර කනවා. ඒ මදිවට ලක්ෂ හයේ පුටු, කොටි ගණන් දොරවල් යෙදු සභා ගොඩනැගිලි. මේ රටට අබ සරණයි.

:       0       115

OMG Monday, 10 September 2018 04:35 AM

ජීවිතයක වටිනාකම දැනෙන තුරු මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවා...

:       0       0

vipula Monday, 10 September 2018 06:28 AM

ලෝක ත්‍රස්තවාදයට උඩ ගෙඩි දීමක්. අපේ ප්‍රභාකරන් වැලිකඩ හිටියානම් ලංකාවට වෙන්නෙත් මේකම තමයි.

:       0       7

Prase Monday, 10 September 2018 08:23 AM

ඉන්දීය රජය දක්වා පමණයි. අපේ ව්‍යාපාරයක් නෙමෙයි.

:       0       0

rasika Monday, 10 September 2018 08:36 AM

ඝාතනය සාධාරණ කිරීමක්ද? ආණ්ඩුව බයවෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 818 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 156 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1009 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1041 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1357 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1207 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site