IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක්

(චන්ද්‍රසේන ගමගේ)

මගීන් රැගෙන යාමේ  රජයේ නියෝගවලට විරෝධය පළ කරමින් අද (01) පෙරවරුවේ මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා  බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ වන විට මාතර සිට අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පැමිණි මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට ලක්ව සිටිති.



අදහස් (28)

රජයේ නියෝගයට විරෝධය පාමින් අධිවේගයේ බස් වර්ජනයක්

රවින් Monday, 01 June 2020 05:36 AM

ඇත්ත! සහතික ඇත්ත !!! පොදු ජනයාට වෙනමම ක්‍රමවේදයකුත් දේශපාලුවන්ට වෙනම ක්‍රමවේදයකුත් තියන එකම දේශය මෙය වෙන්නැති... පහුගිය දිනවල දේශපාලුවන් කීදෙනෙක් මීටරයයි, සෙන්ටිමීටරයයි වරද්දාගෙන ඉන්නවාද? පොදු ජනයා නම් උසාවි ගානෙයි පොලිසියයි රස්තියාදු වෙද්දී දේශපාලුවන් කෝ..? කවුද නිදි?

:       269       1315

Nandalal DE SILVA - FranceMonday, 01 June 2020 06:03 AM

ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත ! තොන්ඩමන්ගේ අවසාන කටයුතු වල පින්තුර බැලුවම එය මනාව පැහැදිලි වෙනවා... තව දින කිහිපයකින් ඒ පළාතෙන් කොරෝනා ආසාධිතයින් හෝ මරණ කීයක් එලි දකීවිද...? නැත්නම් ඒවා රජයේ හෙන්චයියන් විසින් මහජනයාගෙන් සඟවා තබා ගැනීමට උත්සාහ ගනීවිද?

:       55       510

සංජීවMonday, 01 June 2020 06:53 AM

දැන් ලෙඩක් හැදුනොත් මැරෙන්නේ ඔයාගේ අයද? බස් කාරයාගේ අයද?

:       101       162

PradeepMonday, 01 June 2020 07:25 AM

රවීන් සහ නන්දලාල්..., හැමදේටම දේශපාලනය ගාවගන්නේ නැතුව බස්වල සීමිත මගීන් ගණනක් ගෙනියන්න කියලා කියන්නේ ඇයි කියලා හිතන්න. ඒ ටික වැටහුණොත් ඔබලා ඔය විදියට ප්‍රකාශ කරන එකක් නෑ. මම කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවන බවද සලකන්න...

:       429       197

PradeepMonday, 01 June 2020 07:25 AM

රවීන් සහ නන්දලාල්, හැමදේටම දේශපාලනය ගාව ගන්නේ නැතුව බස්වල සීමිත මගීන් ගණනක් ගෙනියන්න කියලා කියන්නේ ඇයි කියලා හිතන්න.. ඒ ටික වැටහුණොත් ඔබලා ඔය විදියට ප්‍රකාශ කරන එකක් නෑ. මම කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවන බවද සලකන්න...

:       345       119

රවින් Monday, 01 June 2020 08:19 AM

ප්‍රදීප් !! මම බස් අයිතිකාරයෙක් නොවේ. මමත් බස් මගියෙක්... නමුත් රටේ නීතිය කාටත් පොදුවිය යුතුයි. මම පොඩිකාලේ ඉගෙන ගත්තු ඉංග්‍රීසි කවි පදපෙළක් මතක්කර දෙන්නම්. මේ පදපෙළ පාරේ යනවිට තමයි භාවිතා වෙන්නේ. " රතු එළිය නවතින්න, තැඹිලි එළිය සුදානම් වෙන්න, කොළ එලිය යන්න, මේ නීතියට මහා රැජිනත් අවනත වේ". පහුගිය දිනවල දේශපාලුවන් විවිධ අදහස් විද්‍යුත් මාධ්‍ය තුළින් පලකළාද? කීයක් අවස්ථාවලදී ඔවුන් දුරස්ථභාවය පිළිබඳ සෞඛ්‍ය නීතිය/රෙගුලාසිය අනුගමනය කළාද? ඇඳිරි නීතිය ලිහිල් වෙනකොට විවිධ විවෘත කිරීම් , තව තව උත්සව වලදී සෞඛ්‍ය නීති /රෙගුලාසි උල්ලංගනය කළාද? බස් හිමියෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඕනෑම ව්‍යාපාරයක මූලික අරමුණ තම ආයෝජනයට යම්කිසි ලාභයක් ඉපැයීම. මාතර සිට කොළඹට බසයක් එනවිට ඉන්ධන මිල පමණක් කොපමණද? දුරස්ථ භාවයේ රෙගුලාසිය අනුව එක අසුනක එක අයකුට වැඩියෙන් රැගෙන යා නොහැකිය. ඒ අනුව එක බසයක කීදෙනෙක් ගෙනයා හැකිදැයි ඔබම ගණන් සාදා බලන්න.

:       11       571

MaheshikaMonday, 01 June 2020 07:48 AM

ඔබ කියන්නේ ඔය මළගෙදර නටපු නැටුම හැමෝටම නටන්න ඉඩ දෙන්න කියලද? ජනතාවට ඕනෑ වුනේ නැවත එවන් දෙයක් සිදුනොවන එක.. මිසල් ඔය බස් රියදුරන්ට ඕන විදියට රටේ ගමනාගමනය පාලනය කරන එක නොවෙයි. මහලොකු වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්න රූකඩ හැම පැත්තටම නැමෙනවා සල්ලි දැක්කම... ලෝකෙම ආර්ථිකය වැටිලා ලංකාවත් යන්තම් ඔලුව උස්සගෙන ඉන්න මේ වගේ වෙලාවක මෙහෙම පිස්සු කෙලින්න ඉඩදෙන එක වැරදියි. හමුදාවෙන් බස්රථ සියල්ල අරගෙන ධාවනය කරනවා නම් ජනතාව කැමතියි..

:       481       142

Raveendra Monday, 01 June 2020 05:38 AM

මේ නොකියා කියන්නේ "බස්කාරයන්ට ඔනෑ විදියට" පාරේ කිසිඳු නීතියකට අඩංගු නොවී තම අභිමතය පරිදිම මුදල් සොයා ගැනීමට අපට ඉඩ දීපල්ලා යන්න නොවේද? අප තරයේ විශ්වාස කරනවා කිසිඳු බලයේ ඉන්න රජයක් මොවුන්ගේ මෙම බලු ක්‍රියා පටිපාටිවලට මහජනතාවගේ පැත්තෙන් සිතාබලා දැඩි මෙන්ම ඍජු තීරණ ගෙන මුන්ව පාරෙන් පන්නා දමා මගීන්ගේ පහසුව වෙනුවෙන් වෙනත් විකල්ප ක්‍රියාත්මක කළ යුතු බවට...

:       1056       740

saliya Monday, 01 June 2020 05:56 AM

හාල් මාෆියාව කළා වගේ,.. බස් මාෆියාවත් නැති කරලා දමාවි. හිහී!

:       8       161

Nandalal DE SILVA - FranceMonday, 01 June 2020 07:50 PM

අපි දන්නා තරමින් සකල සිරින් පිරි සිරි ලංකාව පාලනය කරන අයගෙන් වැඩි දෙනෙක්ම කිසිම උගත් කමක් නැති පෙට්ටිකඩ මුදලාලිලා වුණත්, දැන් මහා ධන කුවේරයන් වෙච්ච සොච්චම් හාදයින් බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. නූල් සුත්තරයා මගින් රජය හසුරුවන්නේ, යුනියන් කාරයෝ රජයේ වෛද්‍ය සංගම් වල ඉන්න ටයි කාරයෝ වගේ අය වුනත්, රාජපක්ෂලාගේ රජයට කළහැකි දෙයක් නැතිබව දුකෙන් වුණත් කියන්න ඕනෑ ! එයාම කියපු අන්දමට අඩු කළා කියන, "සැමන්", පරිප්පු ආදී අත්‍යාවශ්‍ය අාහාර මිල පහල වැටුණාද කියා දන්නේ සාගත මල්ල අරන් කඩේ යන ගෘහණිය හැර වෙන කවුද? දැන් රටේ හාල් මාෆියාවක් නැතැයි කියන්නේ කවුද? ඒ වගේම බස් මෆියාවත් නැතිකරනකන් බලා ඉන්න අයට නම් අබසරණයි. මේ රටේ හීන දැකීම තවම තහනම් කර නැත!

:       0       2

සඳුන් Monday, 01 June 2020 06:00 AM

තොණ්ඩමන්ගේ අවමගුල කෙරිච්ච ආකාරය හා ඩඩ්ලිට ඕනෑ විදියට හාල්මිල ගැසට් කරන විට මිනිස්සු වෙනස් විදියකට හිතන්න පෙළඹිලා. මේක ජාතියක අවාසනාවක්..!

:       2       346

sas Monday, 01 June 2020 06:04 AM

වර්ජනය කරනවානම් බස් ටික ස්ටෑන්ඩ් එකට ගෙනත් තිබෙන්නේ මොකද?

:       158       173

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 June 2020 06:30 AM

මේක රජයේ නියෝගයක් නොවේ. මේ සෞඛ්‍ය නීතිරීති... මේවා පනවා ඇත්තේ රටේ, ජනතාවගේ යහපත සඳහාය. මේ නීති නොදමුවේ නම්, ඔබලාගේ දකුණු පළාතේ මිනිසුන් අද කොරෝනා රෝගීන්ය. අනෙක් පළාත්වල මිනිසුන් ඇඳිරි නීතිය යටතේ දුක් වින්දේ ඔබලාගේ යහපත වෙනුවෙන්ය. එබැවින්, නිරෝධායන නීතිවලට අවනත වෙන්න. රට මේ වසංගතයෙන් බේරා ගැනීමට සහාය දෙන්න. සමහර අනුවණ දේශපාලුවන් මේ නීති පිළිපැද්දේ නැති වුණත්, ඔබ අප සැම මේ භයානක වසංගතය ගැන බුද්ධිමත්ව සිතමු.

:       243       448

සේන Monday, 01 June 2020 06:43 AM

මේ තමයි අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය... රජයක් නීතිරීති දාන්නේ රටක අවශ්‍යතාවකට... ආරක්ෂාවට... හැම දෙයක්ම දේශපාලනීකරණය කරගන්නවා. විනයක් ඇති රටක් හදන්න තද නීතිරීති ගේන්නම වෙනවා. මිනිසුන් සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්නේ...

:       360       127

de silva Monday, 01 June 2020 07:07 AM

එක එක ජනකොටස්වලට එකඑක විදිහට කොරෝනා නීති ක්‍රියාත්මක කරන්න ගියොත් මිනිස්සු නීතිය අතට ගන්නවා... එ්ක මහා භයානක තත්වයක්...

:       2       307

maheshikaMonday, 01 June 2020 08:01 AM

නීතිය අතට අරන් තියෙන්නේ මිනිස්සු නොවේ. වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්න අලි හොරු. සල්ලි මිටි දැක්කම හැම අතටම නැවෙන රූකඩ. දෙවියන්ගේ නාමෙට මේ පල්හොරුන්ව පාර්ලිමේන්තු යන්න ඉඩදෙන්න එපා. එකෙක් නම් රිංගා ගත්තා පාර්ලිමේන්තුව විසුරවන්න සතියකට කලින්. ගිහින් කෝටී හතරක වාහන පර්මිට් එකක් ගත්තා. තොන්ඩමන්ගේ මල ගෙදර සිදුවුණු වැරදි වලට ක්‍රියා කරන්න බලධාරීන් ඉන්නවා. මේ අයට තියන අයිතිය මොකක්ද මිනිස්සුන්ව මෙහෙම රස්තියාදු කරලා ජනතාවගේ ජීවිත අනතුරේ දාන්න...? වතුකරයේ ජනතාව ළිං මැඩියන් වගේ කොටසක්... ඔවුන්ගේ ලෝකයෙන් පිට සිදුවෙන කිසිදෙයක් ගැන දැනුමක් නැහැ. තොන්ඩමන්ගේ මරණෙට පමණට වඩා restrictions දැම්මා නම්, ඔය වතුකරයේ මිනිස්සුන්ව අවුස්සලා වාසිගන්න බලගෙන හිටපු කොටසකුත් හිටය බව මතක තබාගන්න. ලොකු කලබලයක් ඇති කරලා වතුකරය වර්ජනයකට යවලා, යන්තම් ලාභ ලබාගෙන එක තේ අපනයනයටත් පහර ගහන්න මාන බැලුවේ. එය දැනගෙන තමයි ඔය මිනිස්සුන්ට තොන්ඩමන්ගේ මරණයට සහභාගි වෙන්න ඉඩ සැලසුවේ. මමත් මුලින්ම ඔය මරණයට සෙනඟ ගෙන්වපු එක විවේචනය කෙරුවා... පසුව හිතුණා එසේ කරන්න මොකක් හෝ හේතුවක් ඇති බව...

:       455       131

maheshikaMonday, 01 June 2020 08:11 AM

ඔබ ඔය කියන විදියට ඔය ජන කොටසේ (වතුකරයේ) බුද්ධි මට්ටම අනුව තමයි ඔය විදියට නීතිය නැමුණේ. අප එය තේරුම්ගත යුතුයි. ඔබ වතුකරයේ ජනතාව සමග දින කීපයක් ගත කරලා බලන්න. ඔය මිනිසුන්ට ඔය මරණෙට සහභාගි වෙන්න ඉඩ නොලැබුණා නම් අද වෙනකොට මුළු වතුකරයම වර්ජනයක... රටේ ආර්ථිකය වැටිලා යන්තම් අල්ලගෙන ඉන්නේ තේ කර්මාන්තය විතරයි. එ්කටත් කෙලවන්න බලාගෙන ඉන්න වෘත්තීය සමිති නායකයින් කියලා කියාගන්න මෝඩ හරක්. බස් රියදුරන්ගේ වෘත්තිය සමිති නායකයාගේ බුද්ධිය වතු කම්කරුවන්ගේ මට්ටමටත් වඩා පහළ මට්ටමක බව මනාව ඔප්පු වෙනවා. නැත්නම් මෙවැනි වර්ජනයකට යන්නේ නැහැ... හමුදාව දාලා බස් ටික එළියට ගත්තා නම් වැඩේ හරි.

:       408       11

samanMonday, 01 June 2020 09:02 AM

ඔබ හරි, වතුකරයේ ජනතාව ඉතා මෝඩ පිරිසක්... අනිකුත් අය ඔවුන් ආදර්ශයට ගත යුතු නැත.

:       0       0

PrabhaMonday, 01 June 2020 10:42 AM

ඔබ කියන විදියට වතු කම්කරුවන් නූගතුන් කියලා හිතමු. එතකොට මරණයට සහභාගී උනු අගමැති ඇතුලු අනික් අයත් ඒ මට්ටමේද?

:       0       221

Ajith Monday, 01 June 2020 07:10 AM

රවීන්ද්‍රගේ කතාවට මට ඩඩ්ලි සිරිසේන මතක් වෙනවා...

:       1       68

RavendraMonday, 01 June 2020 08:27 AM

ඩඩ්ලි විතරක් නොවේ "මොන හිගන්නත්" බලන්නෙම තමන්ගේ සුඛවිහරණය පමණක් බැවින් පොදු මහජනතාව පිළිබඳව හැකි උපරිමයෙන් සිතාබැලීම වැදගත් නොවේද? නොඑසේ නම් ඒ නිවට හිඟන්නන්ට ඕනෑ විදියට අයාලේ යාමට රටක් වශයෙන් ඉඩදිය යුතුද යන්න අප අපගෙන් විමසීම වඩාත් උචිත නොවන්නේද? අප සියලුම වෙළෙන්දන්ගෙන් (බස්, හාල් මුදලාලිලාගේ සිට පෙට්ටිකඩේ මුදලාලි දක්වා මෙය වලංගුය) මෙසේ විමසීමට කැමැත්තෙමු. " 1000% " ලාභයක් ලැබුවත් තම වෙළඳාමෙන් ලාභයන් පිළිබඳව කෙනෙකු විමසූවිට අනේ හරිම අමාරුවෙන් තමයි අපි මේ වෙළඳාම කරන්නේ යනුවෙන් පිළිතුරු නොදෙන්නේ අද රටේ කීයෙන් කීදෙනාද...?

:       56       200

sam Monday, 01 June 2020 07:11 AM

රවීන්ද්‍ර, සහල් මාෆියාවට උගන්වපු පාඩම වගේ මතක හිටින පාඩමක් (මතක හිටින්නේ මගියන්ට මිසක් බස් හිමියන්ට නොවේ) උගන්වයි.

:       0       58

Bandula. Monday, 01 June 2020 07:49 AM

මේ හැම මගුලටම දේශපාලනේ ගාවගන්න එපා... තොන්ඩමන් මළගෙදර කරපු වැරැද්ද එයාල විඳවාවි..., මේ බස්වල යන ජනතාව, බේරගන්න මේ කට උදව් කරන්න... වගේම යන අයත් පරිස්සම් වෙන්න. එක කාලකන්නි ටිකක් ගොන් වැඩ කළා කියලා එක හැමෝම කරන්න ඕනෑ නැහැ නේද?

:       199       215

Mahesh UK Monday, 01 June 2020 08:57 AM

ඕන කුදයක් ගහගන්න කියලා ආමි එකෙන් දාලා බස්දුවවන්න තියෙන්නේ... මේ අයට හොඳින් කියලා තේරුම් කරන්න බැරි නම්.. මේ රටට ඕනේ දැඩි පාලකයෙක්... නැතිනම් මේ රට කවදාවත් හදන්න බැහැ.

:       1       0

Nilantha Monday, 01 June 2020 09:10 AM

රජයේ වගේ නාස්තියට ජනතා මුදල් නොලැබෙන නිසා බස්කාරයින් අතින් පාඩු ලබාගෙන බස් දුවන්නේ නෑ. ඩීසල් ටයර් එන්ජින් හා සේවක වියදම් ගියාම 1/2 ක් මගීන් ගෙන ගියාම පාඩුනම් නිකම් ඉන්න එක සාධාරණයි. ජනතාවට සේවය කරන්න ඕනි රජයයි. බස් එකේ පාඩුව ආණ්ඩුව ගෙවනවා නම් ඔවුන් දුවයි...

:       2       5

සෑම් Monday, 01 June 2020 09:48 AM

දැන් රටේ කොරෝනත් නෑ, නීතියකුත් නෑ, නායකයෙකුත් නෑ. එ් නිසා බස් හිමියන්ට නිදහසේ ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දෙන්න. බාධා කලොත් රජයට විරුද්ධව නඩු දාන්න.

:       1       67

Rohana Monday, 01 June 2020 09:58 AM

මෙතන තියෙන්නේ බස්වල ලාභයවත්, වතුකරයේ ජනතාව සතුටු කිරීමවත් නොවෙයි. භයානක කොරෝනා වසංගතයෙන් අරක්ෂාවීමට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුගමනය කිරීමයි. බස්වල ලාභ මදිනම් ඒකට සුදසු වැඩපිළිවෙලක් රජය මගින් සැලසුම් කළ යුතුයි. කිසිසේත් කොරෝනා වලට පෙර සිටි තත්වයෙන් සෑහෙන කාලයක් යනතුරු අපට වැඩකටයුතු කරන්න බැරිවෙයි...

:       2       23

Kamal koyrala Monday, 01 June 2020 12:45 PM

ඔයාලා මොනවා කිව්වත් සයිටම් වුණාම සේරම හරියයි...

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 289 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 589 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 716 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 573 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 165 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1758 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site