IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රජයේ ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට පියවර

(රංජන් කස්තුරි)

මේ වන විට  මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර තුනකදී මහාභාණ්ඩාගාරයේ මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට නියමිතය.

එම ආයතනවල කාර්ය සාධනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට නියමිත අතර එම ආයතන අද (10) පස්වරුවේ අදාල සාමූහික ගිවිසුමට අත්සන් කර තිබේ.

එම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් එම ව්‍යවසායන් අයත් අමාත්‍යාංශයේ ලේකම්වරු හා  මහා භාණ්ඩාගාර වෙනුවෙන් නියෝජිතයෙකa ආදී වශයෙන් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.



අදහස් (26)

රජයේ ආයතන 10 ක් මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට පියවර

chandima Monday, 10 June 2019 05:15 PM

වැවිලි සමාගම් රජයට බරක් නොවී තියෙයිද? අාදායමක් තිබුණු රත්තරන් වගේ ඉඩම් ටික ඒ කාලේම හෙන්චයියලාට දීල මුඩුඉඩම්වලට හුවමාරු කළානේ.. කොළඹ වරායටත් ඔය ටික තමයි වෙන්නේ තව අවුරුදු 10ක් 12ක් ගියාම.

:       2       301

Sanath KandyTuesday, 11 June 2019 05:52 AM

අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති වෙලා වසරකින් මිල්කෝ ආයතනය හා පශු සම්පත් මණ්ඩලය ලාබ ලබන ආයතන බවට පත් කළා. රජයකට නිවැරදි දැක්මක් සහ අවංක උවමනාවක් තියෙනවනම් මේ ආයතන ගොඩගන්න එක්ක අමාරු නැහැ.

:       6       261

nalaka Monday, 10 June 2019 05:26 PM

ඇයි ශ්‍රී ලන්කන් ගුවන් සේවාව මේ ලැයිස්තුවේ නැත්තේ?

:       1       270

,manoTuesday, 11 June 2019 01:19 AM

මේ ආයතන මුදල් උපයන හා භාණ්ඩාගාරයට බරක් නොවන ආයතන බව පෙනේ... හොඳට තිබෙන ඒවා හදන්න යන්නේ හොඳකට නොවේ...

:       0       6

Menaka Monday, 10 June 2019 10:15 PM

ඔය ආයතන විතරක් නෙවෙයි සියලුම රජයේ ආයතන වල සේවකයන්ගේ කාර්යක්ෂමතාව සහ ආයතන පලදායිතාව පරික්ෂා කරන්න. දේශපාලකයන්ට පින් පඩි ගෙවන එකත් නවත්වන්න. අනෙකුත් දියුණු රටවල් වල සංස්කෘතිය විවේචන කරනවා වෙනුවට ඒ මිනිස්සු තමන්ගේ රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න දී හිසට වහලක් දී හොඳ අධ්‍යාපන සෞඛ්‍ය සහ ප්‍රවාහන පහසුකම් දෙන්නේ කොහොමද බලන්න. මේවා එකක්වත් පිනට දෙන්නේ නැහැ. ඒ වගේම රජයේ සේවකයන්ට බදු නොගෙවා රාජකාරි වෙලාවේ නිදි කිරන්නයි අනෙක් මිනුස්සුන්ට පන කඩා ගෙන බදු ගෙවන්නයි සලස්සලා නැහැ.

:       0       16

Bamunuarachchi Monday, 10 June 2019 11:18 PM

පාර්ලිමේන්තුවත් ජනතා බදු මුදලින් නඩත්තු නොකිරීමට කටයුතු කරනවානම් කොපමණ හොඳද?

:       3       23

Ravi Tuesday, 11 June 2019 01:17 AM

මහ බැංකුවත් ඔය ගොඩේම තමයි..

:       1       7

Kumar Tuesday, 11 June 2019 01:27 AM

කජු සංස්ථාව කියල එකකුත් තිබුනනේද? ඇත්තටම ලංකාවට කජු සංස්ථාවක් ඕනෙද. ඇමෙරිකාවට කජු ගෙනෙන්නෙ පිටරටින් ඒ වුනත් ලංකාවට වඩා මිල අඩුයි. ඇමෙරිකාවේ කජු සංස්ථාවක් නැහැ.

:       1       12

Kamal Tuesday, 11 June 2019 01:31 AM

හෙන්චයියලා දහස් ගණනින් රැකියාවට දැමීම නිසා මේවා පාඩු ලබනවා පුද්ගලීකරණය කලයුතුය

:       2       8

ජයලාල් දිසානායක Tuesday, 11 June 2019 02:00 AM

ඔහොම යං තව ටික දවසකින් අපිවත් විකුනන් කන්න.

:       0       1

Rasi Tuesday, 11 June 2019 02:02 AM

එසේ කරනවා නම් පළමුවෙන්ම කල යුත්තේ, මේ ආයතන ස්වාදීන, දේශපාලන නොවන නමුත් වග කියන දක්ෂ වෘතීයන්ට භාරදීම වේ.

:       0       2

Lal Tuesday, 11 June 2019 02:16 AM

රාජ්‍ය ඖෂධ සංස්ථාව ආණ්ඩුවේ තිබිය යුතුයි. නැත්නම් දුප්පත් මිනිස්සු බෙහෙත් ටිකක් අරන් ඉවරයි.

:       0       3

sharm warn Tuesday, 11 June 2019 03:00 AM

රජයේ ආයතන වුණත් ආදායම් උපයන ඒවා නම් සිදුවිය යුත්තේ මහජන මුදලින් නඩත්තු කිරීම නොවේ. ඒවායින් නිසි ආදායම් ලබාගෙන භාණ්ඩාගාරය පොහොසත් කිරීමයි. නමුත් විවෘත ආර්ථිකයෙන් රටට සිදුවුනේ හොඳ ආදායම් උපයන ආයතන වලින් මංකොල්ල කෑ ඒවා නැත්තට නැති කරන එක... ඉහත ක්‍රියා මාර්ගයේ අවසානය වන්නේ එම ආයතන හීන්සීරුවේ පුද්ගලිකරණය හරහා කුණු කොල්ලයට විකුණා කොමිස් කුට්ටියක් ඇමැතියන්ගේ පසුම්බියට වැටෙන එක නම් .....

:       0       35

Vikum Tuesday, 11 June 2019 03:56 AM

මා දන්නා පරිදි මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය ( CECB) මහා භාණ්ඩාගරයෙන් යැපෙන ආයතනයක් නොව වාර්ශිකව සැහෙන මුදලක් එයට ලබාදෙන ආයතනයකි.

:       0       8

udayanga Tuesday, 11 June 2019 04:17 AM

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය කියා අදහස් කරන්නේ CECB ආයතනය නම්, මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා. CECB ආයතනය දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවේ. නිශ්චිතවම කාලය නම් කීමට නොදනී. නමුත් වසර 10 ක් හෝ ඊට පෙර සිට එසේ සිදුවේ. කීර්තිමත් අර්ධ රාජ්‍ය ආයතනයක් (ව්‍යවස්ථාපිත ආයතනයක්) වන CECB ආයතනය මේ අවස්ථාව වනවිටත් ලංකාවේ ප්‍රධානතම ව්‍යාපෘති ගණනාවකටම උපදේශන කාර්යය සිදුකරමින් ඉතා විශිෂ්ට සේවාවක් සපයයි. එමනිසා කරුණු සොයාබලා මේ පුවත නිවැරදි කරනා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...

:       0       27

සුජීව Tuesday, 11 June 2019 05:04 AM

CECB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොව, රජයට බදු ගෙවමින් පවත්වාගෙන යන ලාභ ලබන ආයතනයකි.

:       0       14

[email protected] Tuesday, 11 June 2019 04:23 AM

අත්සන් කළා නම් ඒ ඇති... අවුරුදු 3කින් ප්‍රතිඵල. මහන්සි වෙන්න දෙයක් නැහැ...

:       0       2

Bandara Tuesday, 11 June 2019 06:04 AM

CECB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොව, රජයට බදු ගෙවමින් පවත්වාගෙන යන ලාභ ලබන ආයතනයකි.

:       0       59

Kumara Tuesday, 11 June 2019 06:05 AM

මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය කියා අදහස් කරන්නේ CECB ආයතනය නම්, මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා. CECB ආයතනය දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවේ. නිශ්චිතවම කාලය නම් කීමට නොදනී. නමුත් වසර 10 ක් හෝ ඊට පෙර සිට එසේ සිදුවේ. කීර්තිමත් අර්ධ රාජ්‍ය ආයතනයක් (ව්‍යවස්ථාපිත ආයතනයක්) වන CECB ආයතනය මේ අවස්ථාව වනවිටත් ලංකාවේ ප්‍රධානතම ව්‍යාපෘති ගණනාවකටම උපදේශන කාර්යය සිදුකරමින් ඉතා විශිෂ්ට සේවාවක් සපයයි. එමනිසා කරුණු සොයාබලා මේ පුවත නිවැරදි කරනා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...

:       0       6

එන්.ඩී. සිසිර කුමාර Tuesday, 11 June 2019 06:06 AM

රාජ්‍ය ඖෂධ සංස්ථාව රජය යටතේම පවත්වාගෙන යාම පොදු මහජනතාවට කෙරෙන සේවයකි. එය ස්වාධීන ආතනයක් බවට පත් කිරීමට පෙර බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතුය. අසරණ ජනතාවට දෙවි පිහිටයි.

:       0       1

Kumara Tuesday, 11 June 2019 06:11 AM

රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින් 2017 වර්ෂයේදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වාදෙන ලදී. 2017 පෙබරවාරි 07 වන දින මෙම සංකල්පය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙන ලද අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම ,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ප්‍රධාන රජය සතු ව්‍යාපාර 5 ක් සමඟ 2017 මාර්තු 15 වන දින මෙම ප්‍රකාශ සඳහා අත්සන් තබන ලදී. ඉන් අනතුරුව, අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුගත වෙමින් තවත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් කිරීමට සැලසුම් කරන ලද අතර, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සී/ස ලංකා සතොස සමාගම, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, සී/ස කුරුණෑගල වැවිලි සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සී/ස මිල්කෝ(පුද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම ආයතන වේ.

:       0       2

Hafeel Tuesday, 11 June 2019 08:17 AM

අපේ භාණ්ඩාගාරයට විශාලතම බර ජනාධිපති, පාර්ලිමේන්තුව සහ පළාත් සභාවල්. මේ ආයතනවල් භාණ්ඩාගාරයෙන් නිදහස් කළා නං හොඳයි.

:       0       0

lalithm Tuesday, 11 June 2019 08:28 AM

රාජ්‍ය සේවකයන් සීමා විය යුත්තේ අධ්‍යාපන ,සෞඛ්‍ය පරිපාලන, ආරක්ෂක, පොලිස් වැනි සේවා සඳහා පමණි. වෙනත් රටවල බදු අය කිරීමත් පුද්ගලික අංශය මගින් සාර්ථකව කරනවා. මාටියා ගැහිලිත් නැහැ. සියලු කටයුතු නියාමනය පමණක් රජය සිදුකර සේවාවන් පුද්ගලික අංශයට දුන්නනම් බදු අයකර රටේ අදායමින් රට ගොඩ නගන්න පුළුවන්. හොඳ උදාහරණයක් නම් දුරකථන සේවාව අදින් අවුරුදු 30 කලින් ටෙලිකොම් තිබු අයුරුත් අද තිබෙන විදියත් සංසන්දනය කර බලා හිතන්න. රට දුවන්නේ පුද්ගලික අංශයේ සේවාවන්වල කාර්යක්ෂම බව නිසයි. රාජ්‍ය අංශයේ බහුතරයක් හොඳ අය ඉන්නේ. ඒ වුනත් හොරු සහ නිකමුන් ඉන්න නිසා ඒ හොද අයත් නිද්‍රාශීලී වෙනවා. සේවකයන් වැඩි.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 11 June 2019 08:41 AM

අපේ අතිගරු සර්ව සම්පුර්ණ ජනාධිපතිගේ ටිකිරි මොළයෙන් දොට්ට වැඩමවූ අදහසක් අනුව පිටරටින් දැව ගෙන්වා ශ්‍රී ලංකාවේ ලී බදු කර්මාන්තය කරගෙන යාමට පියවර ගත්තොත්, භාණ්ඩාගාර වැඩ සටහන නම් "කොට උඩ" යන එක සත්තයි සහතිකයි!!!!

:       0       7

dimuthu Tuesday, 11 June 2019 01:13 PM

මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්‍යාංශය ආණ්ඩුවෙන් යැපෙන ආයතනයක් නොවේ. ලාභ උපයා රජයට බදු සමග ලාබාංශය ගෙවන ආයතනයක්.

:       0       1

Akila Thursday, 13 June 2019 03:49 AM

CECB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොව, රජයට බදු ගෙවමින් පවත්වාගෙන යන ලාභ ලබන ආයතනයකි. මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1226 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2940 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1188 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 207 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 977 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 444 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site