IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ඉවතට

හර්ෂණ තුෂාර සිල්වා

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
 
එහි සිටි අනෙක් සම කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරුණ සිරිවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉල්ලා අස්වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.
 
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රතිව්‍යූහ ගත කිරීමකට වෘත්තීමය නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවක් මත අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ද, සම කළමනාකාර අධ්‍යක්ෂ බංස ජයා මහතා ඉල්ලා අස්නොවූයෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කළ බව ද දැනගන්නට තිබේ. බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇතත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවමත් ඉවත් කර නැත.
 
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් පසු දින 100 ආණ්ඩු සමයේ බංස ජයා මහතා එම තනතුරට පත් කරනු ලැබුවේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි.  එම තනතුරට තවත් පුද්ගලයකු පත් කරනු ලැබූ අතර ඔහු ද ඉල්ලා අස්වීමෙන් පසු අරුණ සිරිවර්ධන මහතා එම තනතුරට පත් කරනු ලැබීය.
 
රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමට එකග වෙමින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීමට ගත් තීරණය අනුව අරුණ සිරිවර්ධන මහතා පෙරේදා (09) එම තනතුරින් ඉවත් වී ඇත. ඒ සමග අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ද සිය ඉල්ලා අස්වීම් බාර දී තිබෙන බව අමාත්‍යංශ ආරංචි පවසයි. 
 
රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමක ඩී එස් අමරසූරිය මහතා දිගටම එම තනතුරේ තැබීමට දැනට තීරණය කර ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය. 



අදහස් (2)

රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු ඉවතට

daham Thursday, 12 October 2017 11:30 PM

රටකට වෙච්ච දෙයක්.

:       62       142

samantha Friday, 13 October 2017 08:57 AM

මේ රවීගේ මස්සිනානේ...ඉස්සර කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ රාළහාමි කෙනෙක්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 187 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 464 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1330 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3363 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 3592 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site