IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රංජන් රාමනායක අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

(ඡායාරූප - ගයාන් අමරසේකර)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

ජනප්‍රිය චිත්‍රපට නළුවකුද වන රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයට ගෙන එන බවත් හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිස් ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරය‍ාගේ නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියයි.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලදි.

 

 



අදහස් (61)

රංජන් රාමනායක අත්අඩංගුවට

සමීර Saturday, 04 January 2020 02:19 PM

රංජන් කියන්නේ මොන පක්ෂේ හිටියත් තිත්ත ඇත්ත කතා කරන කෙනෙක්. හොරෙක්, දුෂිතයෙක් නෙමේ. සමහරවිට ඒ නිසාම එයාට අනික් අයට ලැබෙන වරප්‍රසාද ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන් බන්ධනාගාරයේදි. මොන උනත් මේකෙන් වෙන්නේ ඊලග ජන්දෙන් දිස්ත්‍රීක්කයේ වැඩිම මනාප රංජන් ගන්න එක තමයි.

:       146       400

BamunuarachchiTuesday, 07 January 2020 01:48 AM

අපි නම් එයාගේ තිත්ත ඇත්ත කතා කරන ගමන් ඇත්ත බොරුකරන හඬ පට ටික ඇසුවා. ඔබත් අසුවාද? "සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා" කියන සින්දුව අහල තිබෙනවා නේද?

:       0       3

සංජීව Saturday, 04 January 2020 02:21 PM

බදුර්දීන්, අසාත් සාලි, හිස්බුල්ලා එළියේ රන්ජන්ලා ඇතුලේ... මරැ ආණ්ඩුව. දැන් මේක එදාවේල ටුවර්ස් වගේ. අහස උසට යන එළවලු මිල, හාල් මිල, බඩු මිල පාලනය කරගන්න බැරැව ආණ්ඩුවේ අසමත්කම වහගන්න සතියෙන් සතියට නාට්‍ය පෙන්නනවා... ඔහොම යමු...

:       87       267

dilanSunday, 05 January 2020 08:13 AM

අපි ගෝඨා ගෙනාවේ ඔහෙලගෙ බඩජාරිකමට කන්න දෙන්න නෙමෙයි. රට හදන්න.

:       836       417

MaheeSunday, 05 January 2020 03:50 PM

ඩිලාන්, රට හදනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ විරුද්ධකාරයින්ගෙන් පළි ගැනීම සඳහා නීතිය පාවිච්චි කිරීමද? එහෙනම් ඔබේ බලාපොරොත්තුව ඉටුවෙලා තියෙනවා ඔන්න. හැබැයි 69 ලක්ෂයෙන් වැඩිදෙනෙක් ගෝඨා ගෙනාවේ ඔබ කියන වෙනස ඇති කරන්න නම් නෙමෙයි කියලා මට විශ්වාසයි. ගෝඨා පටන් ගන්න කොටම කියපු දේවත් මතක නැද්ද? ඔහු කිව්වා ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී කිසිම කෙනෙකුට පහර ගැහුවේ නෑ, කිසිම කෙනෙකුට අපහාස කලේ නෑ කියලා. මිනිස්සු ඡන්දෙ දුන්නේ අන්න ඒ විදිහට රට හදන්න මිසක් ඔබ වගේ වහල්ලු පිනවන්න නෙමෙයි...

:       0       4

හංසිකා කුමාරි ජයවර්ධන Saturday, 04 January 2020 02:35 PM

රංජන් අහිංසකයි. අයුක්තියකට විරුද්ධව කතා කරනවා. ඉතා දරුණු ගණයේ අපරාධකාරයෙක් විදියටනේ අත් අඩංගුවට ගන්නේ. තනිකරම විහිළුවක්.

:       103       326

Ranjith Saturday, 04 January 2020 02:49 PM

රන්ජන්.. ඔබව බේරගන්න හෙලිකොප්ටරෙන් ජනාධිපතිලා තියා විපක්ෂ නායකලාවත් හෙලිකොප්ටරයක් එවන එකක් නැහැ. මොකද ඔබ ගාව තිබුනේ රජයෙන් දුන්න පිස්තෝලනේ. කුඩු ටිකක්වත් තිබුනනම්, මහා බැංකුව බිඳින්න උදව් කරා නම් ඔබව බේරා ගන්න ගොඩාක් අය ඉදීවි රන්ජන්.

:       85       324

Raveendra Saturday, 04 January 2020 03:00 PM

තවත් බයිස්කෝප් එකක්ද? වීදී නාටකයක්ද ? ගොන් වීරයන් ප්‍රතිනිර්මාණයක්ද අනේ මන්දා ?? මෙයත් අර අනිත් නිවට ගොන් බුරුවන් වගේ අත්දෙක උස්සගෙනම යයිද ඇතුලට ?

:       316       66

Devinda Uduwara Saturday, 04 January 2020 03:11 PM

දැනටමත් දඩයම පටන් අරන්......

:       49       117

ධම්ම Saturday, 04 January 2020 03:13 PM

විභාගෙත් අසමත් වෙලා දුකෙන් ඉන්න රංජාට මේ මොකද උනේ?

:       137       1

Wijebahu Saturday, 04 January 2020 03:25 PM

අනේ මේ බංකලොත් ආණ්ඩුව ජනතාවට විනෝදය සපයනවා. බදු මිල අහස උසට, රජයේ වටින ඉඩම් පිටරැටියන්ට විකිණීම එම්.සී.සී වහන්න සපයන විනෝදේ. ඇවිල්ලා සති හයයි. නොහැකියාව දැනටමත් පෙන්වලා.

:       89       200

මුණසිංහSunday, 05 January 2020 08:09 AM

පැරදුන දුකට කියන කතා. යහපාලනය මේ මුකුත් කරලා නෑ නේද?

:       330       141

gunarathna Saturday, 04 January 2020 03:31 PM

මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. මේක පිටිපස්සේ එජාපයේ ප්‍රබලයෙක් ඉන්නවා කියල මට හිතෙන්නේ. රන්ජන් කියන්නේ කෙලින් කතා කරන කිසිම කෙනෙක් එක්ක දේශපාලන ඩීල් දාන මිනිහෙක් නෙමෙයි. වැරැද්ද දැක්ක තැන කතාකරන කෙලින් මිනිහෙක්. මට හිතෙන්නේ ඡන්දෙට ඉස්සරවෙලා ගෝඨගේ ප්‍රතිරූපය විනාස කරන කුමන්ත්‍රණය ප්‍රතිඵලයක් මේක.

:       3       264

Nimal ... Saturday, 04 January 2020 03:32 PM

ඔය විකාර සංදර්ශන වලින් ජනතාවට වැඩක් නෑ. ආණ්ඩු දෙකම ජීවත් වෙන්න හදන්නේ මේවයින් ද? ඉක්මනට හාල් මිලයි එළවළු මිලයි අඩු කරන්න. ඒවා වහන්න විකාර නටන්නේ නැතුව.

:       0       91

De Saturday, 04 January 2020 03:39 PM

අනේ මේක අලුත් චිත්‍රපටියක්ද ?නැත්නම් කිඹුල්ලු නාට්‍යෙය් අලුත් කොටසක්ද ? අනේ මොකක් උනත් කමල් නෑ. විහිළු කැලි එහෙම දාල ලස්සනට කරන්න. නැත්නම් අනේ අපිට එපාවෙනවා. කිසි ගතියක් නෑ.

:       0       88

Gds Saturday, 04 January 2020 04:09 PM

අන්තිමට කොහොමහරි හොදට ඇග තියන එකක් හොයාගත්ත නේද අලියට පාගන්න දාන්න.

:       2       88

malupaan Saturday, 04 January 2020 04:20 PM

නළුවා මාර සතුටින්. නොමිලේ ප්‍රසිද්ධියක්.

:       159       81

indika Saturday, 04 January 2020 05:09 PM

හොරකම් කළ සල්ලි වලින් දෙමාපිය කෞතුකාගාර හදපු අය රජවෙනකොට සත්‍ය කතා කළ අය ඇතුලට යන එක රටේ දේශපාලනය තමා. ඇතුලට ගන්න ඕන උන් එළියේ. එළියේ ඉන්න ඕන උන් ඇතුලේ.

:       102       718

Binkunndaa Saturday, 04 January 2020 06:18 PM

ඊළඟට බිලී බාන්නේ ෆොන්සේකා මහත්මයාද ?

:       53       126

Mahee Saturday, 04 January 2020 06:38 PM

"රජය අපහසුතාවයට පත්වන ප්‍රකාශ"? එහෙනම් සමස්ත විරුද්ධ පක්ෂයම අත් අඩංගුවට ගන්න එපාය. ඒ ගොල්ලනේ රජය අපහසුතාවයට වැඩිපුරම පත්කරන උදවිය. රටෙන් බාගයක්ම එවැනි ප්‍රකාශ කරනවා නේද? දැන් නම් පේනවා මේ ආණ්ඩුවටත් තියෙන්නේ නීතිය ඉටු කිරීමේ උවමනාවක් නොව පළි ගැනීමේ උවමනාවක් පමණක් බව.

:       4       193

beau Saturday, 04 January 2020 06:56 PM

එක වඳුරෙක් අහුවෙනකොට අනිත් වඳුරොත් එතෙන්ට රේස් වෙනවා. අංශු බන්සු වගේ වඳුරොත් නිතරම කැරකෙනවා මැස්සෝ වගේ.

:       334       48

Rasika Saturday, 04 January 2020 06:59 PM

මෙය විය යුතු දෙයක්. මොහු අධිකරණයට අපහාස කළ, බොරු ප්‍රචාර කළ කෙනෙක්. මොහු ආයුධ ලග තියාගන්නේ නිකන් නෙමෙයිනේ. ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා ආණ්ඩුව ඇතුලෙත් අත්අඩංගුවට ගන්න ඕනේ අය. එයාලවත් ගන්න ඕනේ .

:       525       30

MaheeSunday, 05 January 2020 01:29 PM

මං වහල්ලුන්ගේ ප්‍රතිචාර කෙළවරක් නැතුව දැකලා තියෙනවා. හැබැයි මැටි ගිලින වහල්ලු වැඩිය දැකලා නෑ. අද ඔන්න ඒ චාන්ස් එකත් ලැබුණා.

:       0       752

Nadeeka Saturday, 04 January 2020 07:51 PM

මේ වගේ බොළද වැඩ වලට කවුද දන්නේ නෑ උපදෙස් දෙන්නේ .......

:       1       143

MaheshSunday, 05 January 2020 08:01 AM

ඉස්සර නම් හිටන් මහත්තයා හෝ පරදින්නම උපන්න මහත්තයා තමා ඕවට අල්ලගත්තේ. මේ සැරේ ඉතින් දෙවෙනි ලොකු මහත්තයා වෙන්න පුලුවන්..

:       0       16

kamal Saturday, 04 January 2020 10:52 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් !!!

:       3       81

ලුම්බිණි Saturday, 04 January 2020 11:41 PM

අපිත් චීනය වගේ වේගෙන එන බව නම් පැහැදිලියි.

:       1       108

Praba Sunday, 05 January 2020 12:21 AM

රට සීඝ්‍රයෙන් සංවර්ධනය කරා....

:       40       188

bhanuka Sunday, 05 January 2020 01:18 AM

මහ බැංකුව හොර කාපු නඩය එළියේ. මොනම හොරකමකටවත් සම්බන්ධ නැති රන්ජන් ඇතුලේ. රන්ජන් රටේ සල්ලි හොරා කාපු එකෙක් නොවේ. මේ ආණ්ඩුව විපක්ෂේ ඉන්න කොට කීවේ සාක්ෂි තිබියදීත් සාෆි, රිෂාඩ්, හිස්බුල්ලා කලින් ආණ්ඩුව අත් අඩංගුවට ගත්තේ නැහැ කියලා. දේශප්‍රේමී චුන් කරල ඡන්ද ගන්න ඒක කීවේ. සාෆි, රිෂාඩ්, හිස්බුල්ලා අත් අඩංගුවට ගන්න කියලා කෑ ගහපු රාවණා බලය සහ අනෙක් සංවිධාන වල හාමුදුරුවුරු දැන් කොහෙද ඉන්නේ? දැන් මේ ආණ්ඩුව ඇවිත් මාස එක හමාරක් වෙනවා. තවම උන් ඔක්කොම එළියේ.

:       36       566

ramaSunday, 05 January 2020 06:53 AM

හලෝ මේවා කරන්නේ ආණ්ඩුව නෙවේ පොලීසිය.ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. පොලීසියට අවශ්‍යය අය අත් අඩංගුවට ගන්නේ. ආණ්ඩුව උපදෙස් දීලා නෑ අරයා ගන්න මෙයා ගන්න කියලා.

:       471       75

GuneSunday, 05 January 2020 01:56 PM

වළං හෝදන එක්කෙනෙක් නම් හිටියා. එයා තවම මොකුත් මේ ගැන ලියලා නැහැ වගේ... රාමා එයාට තරඟයක් දෙන්න වගෙයි හදන්නේ, නේද? අනේ හොඳයි...

:       0       54

sam Sunday, 05 January 2020 01:26 AM

මේ පිස්තෝලය මන්ත්‍රීවරුන්ට රජයෙන් නිකුත් කරන ගිනි අවිය බවත්, එහි බලපත්‍රය 2016 වසරෙන් පසුව අලුත් කර නොමැති බැවින් දැන් එය බලපත්‍ර නොමැති ගිනි අවියක් බවත් මම කියෙව්වා. එහෙම නම් මේකත් රාජිත, පාඨලී වර්ගයේ තවත් නාඩගමක් ලෙසත් මේ මගින් රජය අප්‍රසාදයට පත්කිරීමේ අරමුණකින් කළ දෙයක්ද කියා හිතෙනවා.

:       17       198

Hafeel Sunday, 05 January 2020 06:04 AM

ඔව්. මේක තුන්වෙනි කොටස.

:       0       32

ramaSunday, 05 January 2020 08:05 AM

මටත් පේන්නේ මේක රන්ජන්ගේ අලුත් නාඩගමක් වගේ තමන් විසින්ම හදාගෙන තමන් ජනප්‍රිය වෙන්න කරන රගපෑමක්. පේන්නේ නැද්ද පොලීසියත් එක්ක හිනා වේවි අත පටලවාගෙන යන විදිය. ඒකෙන් එකක් ආණ්ඩුව ගැන නරක අදහස් ඇතිවෙනවා. අනෙක මෙයා ජනප්‍රිය වෙනවා. මේවා කරන්නේ දේශපාලනය වෙච්ච ගිය ආණ්ඩුවෙන් දාපු පොලිස් කොමිසම.

:       204       0

sanju Sunday, 05 January 2020 02:01 AM

අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ රංජා නිල් චිත්‍රපටි බලපු එකද? පාස්කු ප්‍රහාරය, එම්.සී.සී ගිවිසුම, වැඩිවෙන බඩු මිල නෙවේද ප්‍රශ්න ?

:       23       402

Ajith Sunday, 05 January 2020 02:20 AM

මට හිතෙන විදියට මේකත් ස්වීස් එම්බසියේ කොටසක් වගේ.මොකද රන්ජන් වැඩකාරයා ඔවැනි දේවල් වලට.

:       148       285

Sarlis Appuhamy Sunday, 05 January 2020 03:09 AM

ඔහුගේ ප්‍රචාරක නාට්‍යවල කොටසක් ලෙස මෙය ඔහු විසින්ම සැලසුම් කර ඇති බව පැහැදිලිය. දැන් ඔහු නැවතත් ඔහුගේ ජනප්‍රියතාවය වැඩි කළේය. ඔහුව සිරගෙට යැවීමට හෝ රිමාන්ඩ් කිරීමට තරම් චෝදනා නොමැත. ඔහුගේ මැරයින්ගෙන් එක් අයෙක් පොලිසියට කතා කර පිස්තෝලය ගලවා දැමුවා විය හැකිය. එය නීති විරෝධී දෙයක් නොව බලපත්‍ර රහිත දෙයකි.

:       383       327

lasanthaSunday, 05 January 2020 04:16 AM

ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි. රන්ජන්ට ඕනේ විදිහට නටන්න දෙන්නේ සිරිසේන ජනාධිපති නිසානේ. අපේ ගෝඨාභය හිටියනම් ඕවා වෙන්නේ නෑ. බයියන්ගේ සුපුරුදු දෙබස.

:       0       281

Mahesh Sunday, 05 January 2020 03:53 AM

එක විකටයෙක් ගියා තව එකෙක් ආවා කියලා මිනිස්සු කියන්න පටන් ගන්න එක වැඩි ඈතක නෙමේ මේ කරන විහිලු වැඩ එක්ක. අත්අඩංගුවට ගන්න චේතනාවෙන්ම පරීක්ෂා කරා කියන එක පැහැදිලියිනේ. හොයපු ලිපි සිඩී එක හොයා ගන්න බැරි නිසා මොකක් හෝ හේතුවක් හොයාගෙන අත්අඩංගුවට ගත්තා කියන එක පේනවා. මේ දක්වා පෙන්වූ ආණ්ඩුවේ විකට නාට්‍ය තුනෙන් ආණ්ඩුව ලකුණු කපාගෙන ඇත.

:       52       580

Gemunu Sunday, 05 January 2020 04:04 AM

තමන්ව විවේචනය කරන අයගේ කටවල් හොඳින් හෝ නරකින් වසා දැමීමේ "ගෝටාස් තියරිය" නැවත ක්‍රියාත්මක වෙමින් පවතී. සමහර මාධ්‍යවේදීන්ට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වුනෙත් ගුටි කන්න සිදු උනෙත් මේ තියරියටම තමයි. ජඩ ඩීල් දේශපාලුවන්ගේ පිහිටෙන් තම හොරකම් වසාගත් රාජපක්ෂ නඩය දැන් තම විරුද්ධවාදීන්ගෙන් පලිගනිමින් සිටියි. හැට නම ලක්ෂයක් බයියන්ට මෙය නොතේරීම කරුමයකි.

:       233       506

Wije Sunday, 05 January 2020 04:25 AM

අපි ඡන්දය දීපු රජයක් හැටියට ලැජ්ජයි. මේ වගේ දෙකයි පනහේ වැඩ කරනකොට රජය තවත් නින්දිත තත්වයට පත්වෙනවා. ජනතාවට ගොඩක් ප්‍රශ්න තියෙනවා විසඳන්න. ඒ සේරම අමතක කරලා මේ වගේ ණයට රගපාන එක කළයුතු නැහැ. බුද්ධිමත් ජනතාව දන්නවා මේ නාඩගම් මොනවද කියලා. පහුගිය රජයත් මේවා කරා. ඒ පාරේ යන්න ඕනේ නෑ මේ රජය. නින්දිතයි.

:       43       472

Amula Sunday, 05 January 2020 05:03 AM

දැන් තියෙන දෙයක් විකුණගෙන ගහන කොමිසමක් ගහනිල්ලා. එච්චර දුවන පාටක් පේන්නේ නෑ. පළිගැනීම් හැර වෙන කිසිම දෙයක් කරන්න බැරි ආණ්ඩුවක් බවයි පේන්නේ.

:       8       316

ashan Sunday, 05 January 2020 05:06 AM

මොනවා කිව්වත් අනිත් අය කතා නොකරන ඇත්ත නොබියව කතා කළේ මොහුයි. මොහුව හිරේ යවන්න පක්ෂ, විපක්ෂ බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙලා තිබුනා. නීතිය, සාදාරණය , යහපත් ලංකාව ගැන කතා කරන හැමෝම මොහු වෙනුවෙන් කතා කළ යුතුයි.

:       76       430

lakmal Sunday, 05 January 2020 05:16 AM

එකම නාඩගම..මේ රට කවදාවත්ම හැදෙන්නේ නෑ මේ දේශපාලන පක්ෂ 2 තියෙනකල්.

:       10       485

prasad1 Sunday, 05 January 2020 05:35 AM

ආණ්ඩුව මාරුවීමක් සිදුවූ බව පිළිගත නොහැකිය පෙරදා පාලකයන් සේම මොවුන් ද රටේ පොදු මහජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ කරමින් තිබේ . සහල් ,එළවළු මිල අහස උසට ඉහළ ගොස් ජනතාව දුක් විදිමින් සිටියදී දේශපාලන නරි නාටක පෙන්වමින් රට විනාශ කළ පක්ෂ දෙකෙහිම හොරුන් දුෂකයන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ගජමිතුරු දේශපාලනය සිදු කරමින් සිටී. මහත්වරුනි, අමතක ද අප්‍රේල් අග අප නැවත ..හමුවන බව ?

:       0       331

Hafeel Sunday, 05 January 2020 06:12 AM

අපිට විශ්වාස කරන්න බැහැ මහ බැංකු හොරුන්ව අත්අඩංගුවට ගනීවි කියලා. මොකද ඔතන රනිල්, රවී ඉන්නවා මේ හොරකමේ. රනිල් රාජපක්ෂලාට කළ සහයෝගවලට සහ රවී පහුගිය ජනාධිපතිවරණයේදී කළ සහයෝගවලට මේ ආණ්ඩුව උපකාර කරන්න එපායි. මහින්දානද, කෙහෙළිය කොච්චර කැගහුවත් වැඩක් නැහැ.

:       1       51

Rata Perata Sunday, 05 January 2020 06:21 AM

ගෝඨගේ වගේම කමල් ගුණරත්නගේ මානසිකත්වය ගැනත් අපි හොඳට දන්නවා.

:       25       342

sumaneSunday, 05 January 2020 10:03 AM

ඔය ඔක්කොම ගැලවුණු දාට කට්ටියම කුඩුවේ...!!!

:       0       11

සමන්ත Sunday, 05 January 2020 06:31 AM

ඔහොම යන්. ඔහොම යන් වැඩි කල් යන්නේ නෑ ......

:       1       105

Buddika Sunday, 05 January 2020 07:54 AM

උගුර කැඩෙනකල් ඡන්දෙදි කිව්වේ මහ බැංකු හොරුන් පැය 24 න් අල්ලනවා කියලා. අද ඒවා මතක නෑ. රථවාහන නඩු අල්ලන්නේ නෑ. දේශපාලන දඩයම වේගවත් වෙලා. මේවා එජාලයට හොඳ පාඩම්. හොරුන් රැක්කේ රනිල් වික්‍රමසිංහ. අද ඒ පල් හොරු දේශපාලන දඩයම පටන් අරන්. මේ වෙද්දිම මධ්‍යස්ථ ඡන්ද ආණ්ඩුව නැතිකරන්න පටන් අරගෙන

:       0       150

GuneSunday, 05 January 2020 01:34 PM

ඕන ඔට්ටුවක් දාන්නම්, මහ බැංකු මංකොල්ලය කියලා නඩුවක් කවදාවත් වැටෙන්නේ නෑ. අැයි? අර කවදාවත් එළියට නොඑන බැංකු මංකොල්ල වාර්තා සෙට් එක... ඒ කියන්නේ වෝහාරික වාර්තා සෙට් එක ප්‍රසිද්ධ කරන්න මේ ආණ්ඩුව බයයි. ඒකෙ තියෙන්නේ මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ නම් ගම්, ඒ හින්දා ඩීල් එක අනුව සිද්දවෙන්නේ, "අපි උඹලව රකිනවා, උඹල අපිව රැකපල්ලා".

:       0       41

Kumara Sunday, 05 January 2020 08:20 AM

කාගෙද දන්නේ නෑ මේ පිටපත.

:       0       24

ravi Sunday, 05 January 2020 09:40 AM

ඇත්ත කියන්නයි .. බිම ඉඳගන්නයි බය නැති මනුස්සයෙක්.

:       0       114

ලැවොයිසියර් Sunday, 05 January 2020 09:52 AM

2020 මහමැතිවරණයෙන් අනිවාර්යයෙන්ම තේරී පත්වන රන්ජන් රාමනායක ගරු මන්ත්‍රීතුමාට කල්තියාම සුබ පැතුම්..!

:       0       54

nimal Sunday, 05 January 2020 10:15 AM

අපේ පන්නේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන මේවගේ පාරාදීසයක් ලෝකේ තවත් තිබේද?

:       0       20

Prasad Sunday, 05 January 2020 11:53 AM

කණගාටුයි, රන්ජන්ට එහෙම නොවිය යුතුයි. තිත්ත ඇත්ත කතා කරන්න හයිය හැමෝටම නැහැ...

:       0       24

BamunuarachchiTuesday, 07 January 2020 01:50 AM

හඬ පට වලට සවන් දුන්නාම තිත්ත ඇත්ත තේරෙනවා නේද?

:       0       0

amarapala Sunday, 05 January 2020 02:35 PM

මොනවා කළත් පුරුද්ද අතාරින්න බැහැ...

:       0       1

R I Monday, 06 January 2020 06:08 AM

ලොකුම හොරාව අල්ලලා මෙන්න. අනික් ඒවා පොඩි පොඩි හොරකම්නේ.

:       1       4

CHANDA Friday, 10 January 2020 11:26 PM

මොවුන් විජාතික බලවේගවල අත කොළු. මොවුන් පස්සේ ඉන්නේ මුලධර්මවාදී කිතුනු නඩ

:       0       0

ranjith Saturday, 11 January 2020 03:02 PM

මොලේ කලදක් නැති මෙවන් මින්ස්සු පාර්ලිමේන්තුවේ ඉන්න එකත් ජාතියට ලැජ්ජාවක්. කරපු හරියක් කරේ ගොන් තකතීරු වැඩ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 303 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 247 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 288 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 174 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 603 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1027 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site