IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු

(මනෝප්‍රිය ගුණසේකර)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (18) දැනුම් දී ඇතැයි වාර්තා වේ.‍

සිරදඬුවම් නියම වු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා මේ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත.

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වන බවද නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

‘විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතා වරදකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය 12 වැනිදා නියම කළේය.



අදහස් (21)

රංජන්ට මන්ත්‍රී අසුන අහිමිවන ලකුණු

Gamini Monday, 18 January 2021 05:16 PM

ඉතා හොඳයි. මෙවැනි අය පාර්ලිමේන්තුවටත් ගන්න එපා.

:       31       2

කපුරු හාමිTuesday, 19 January 2021 09:37 PM

හොරුන්, දූෂිතයන්, මිනීමරුවන්, කුඩු-එතනෝල් කාරයන්, මැරයන්, අටවත් පාස් නැති අය හොඳයි..

:       0       0

PradeepWednesday, 20 January 2021 04:56 AM

ඔව් ඔව්.. මෙවැනි අය එපා. මොකද මේවගේ අය වැරදි පෙන්නලා දෙනවනේ. කුඩු කාරයෝ, මිනී මරුවෝ හිටියට කමක් නෑ. මොකද ඉන්න අනිත් අයත් එක්ක එයාලා ගැලපෙනවනේ...

:       0       4

sameera Monday, 18 January 2021 07:21 PM

මේක ශාපයක් වෙනවා​. ගැලවීමක් නැහැ...

:       3       19

beau Monday, 18 January 2021 10:50 PM

ලකුණු? මොන ලකුණුද? ආසනය අහිමියි.

:       14       3

ලුම්බිණි Monday, 18 January 2021 10:52 PM

නීතීපතිගේ තීරණය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

:       1       20

Bamunuarachchi Tuesday, 19 January 2021 01:16 AM

ලකුණු එපා නීති පොතේ හැටියට කටයුතු කරන්න. දෙන්න පුළුවන් හැම දඬුවමක්ම දෙන්න. අනික් වාචාලයින්ටත් පාඩමක් ඉගෙන ගන්න..

:       28       3

කැකිල්ලේ Tuesday, 19 January 2021 11:52 AM

නීති පොතේ තිබුණට වැඩ කෙරෙන්නේ දූෂිත නායකයින්ට ඕනෑ විදියට.. හිරගෙදර ඉන්න ඕනෑ කෙනා රජ ගෙදරට යැව්වේ ඒකනේ.

:       0       17

sharm warn Tuesday, 19 January 2021 03:10 AM

වුවමනා කරලා තිබුණේ මෙයාගේ කට වහන්නනේ.. ඉතින් ඒක තමයි කර ගත්තේ. මීට වඩා හොරුන්ට ඇමැතිකම් දීලා උඩින් තියාගෙන මේ මනුස්සයාව හිරේ දැම්මේ, ප්‍රජා අයිතියත් අහෝසි කරන්න හදන්නේ. වෙන මොන මගුලකටද?

:       1       28

සරදියෙල් Tuesday, 19 January 2021 04:27 AM

මිනිසෙක් මැරුවොත් පාර්ලිමේන්තුවේ ! අපහාස කලොත් හිරේ ! වනාන්තරයක්ම කැපුවොත් එලියේ ! ගහක් දෙකක් කැපුවොත් හිරේ !

:       5       52

pradeepa Tuesday, 19 January 2021 05:33 AM

මිනීමැරුම් වලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබපු අය පාර්ලිමේන්තු එනවා. නමුත් තමන්ගේ මතයක් පමණක් පරීක්ෂා කරලා සිරදඬුවම් බලන කෙනාට එන්න බැහැ.. මහා පුදුම නීති අපේ රටේ තියෙන්නේ.. කවුද මේවා සම්මත කළේ?

:       1       48

Senarath Tuesday, 19 January 2021 05:43 AM

දූෂිතයෙක් තවත් කෙනෙකුට දූෂිතයෙක් කියන්නේ කොහොමද?

:       7       17

Prasad Tuesday, 19 January 2021 05:51 AM

රන්ජන් කියූ කතාව ඇත්ත කියලා ඔප්පුවෙන්න වෙනත් හේතු ඕනෑ නැහැ. මේකෙන්ම ඔප්පු වෙනවා. මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනා පාර්ලිමේන්තු එනවා. ඇත්ත කියපු කෙනා හිරේ දානවා.

:       5       50

Rata Perata Tuesday, 19 January 2021 07:38 AM

මේ වගේ අසාධාරණ තීන්දු වලටත් සපෝර්ට් කරන රාජපක්ෂ වහල්ලු තාම ඉන්න එක තමයි පුදුමේ. හැමෝටම අධ්‍යාපනය දෙන්න ඕනේ කියන්නේ මේකයි. නැතිනම් ජීවත් වෙනකොට මෝඩයින් වෙනවා.

:       2       24

BamunuarachchiWednesday, 20 January 2021 05:24 AM

තවත් පාට් දමන්න එපා... එක් පුද්ගලයෙක් හෝ 20 දෙනෙක් කටපු වරදට මුළු අධිකරණ පද්ධතියට බැන්නේත්, නීතියේ ඇදකුද හදන්න ගියේත් තම විභාගයෙන් ආගමවත් සමත් වෙන්න බැරි කෙනෙක්... නීති විශාරදයන් මේ අය දිහා අනුකම්පාවෙන් බලාගෙන සිටියා. හැබැයි ඒ වගේ තව අය මෙතන ඉන්න බව පෙනෙනවා.

:       3       0

Saman Tuesday, 19 January 2021 08:11 AM

රට පෙරට... පුතාණෝට මාකටින් පාරක්. ඕවා දැන් පරණ සූත්තර. ඕවාට දැන් අහුවෙන්නේ නැහැ. අනික රන්ජා කරපු වැරැදි පේන්නේ නැත්තේ එජාප වහලෙක් නිසයි.

:       20       1

BamunuarachchiWednesday, 20 January 2021 05:32 AM

වහල්ලු වර්ග කීයක් ඉන්නවද 3% ජේවීපී වහල්ලු, 40% සමගි වහල්ලු, බොහොම සුළු කොටසක් එජාප වහල්ලු, 50% ගණනක් පොහොට්ටු වහල්ලු... ලස්සන වැඩේ 2015 යහපාලනයට සපෝට් කල අය 2020 සිට වහල්ලු.

:       3       0

kamal Tuesday, 19 January 2021 08:14 AM

අපිටත් දවසක හඳ පායනවා.

:       1       7

BamunuarachchiWednesday, 20 January 2021 05:28 AM

එදාට අපිත් ඇතුලේ..

:       0       0

chinthaka Wednesday, 20 January 2021 07:50 AM

සිනමාවයි, දේශපාලනයයි පටලවාගෙන... වාචාලකමට බිරුවට මෙම දඬුවම හොඳ වැඩියි.. කාට කිව්වට කෝ එක හොරෙක්වත් අල්ලලා දුන්නද?

:       0       0

chinthaka Wednesday, 20 January 2021 07:56 AM

මොන ආණ්ඩුව ආවත්, එම ආණ්ඩුවේ කෙනෙක් සිර දඬුවම් විඳින කොට නිදහස් කර ගන්නවා. මතකද යහපාලනය කාලේ රවී කරුණානායක අවුරුදු ගාණක සිට තිබුණු ඩොලර් වංචා නඩුවෙන් නිදොස් කොට නිදහස් කරපු හැටි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 109 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 83 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 198 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 2727 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 684 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 188 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 146 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site