IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

( තිළිණි ද සිල්වා )

යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතාට, ජනාධිපති සමාව ලබාදීමට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය සමාජයට ලබා දෙන්නේ ඉතා කණගාටුදායක පණිවුඩයක් යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් පිළිබඳව වගවීම ඇත්තේ ඉතා අල්ප වශයෙන් බවත්, එබැවින් මෙවැනි බැරෑරුම් අපරාධයකට නීතිය හමුවේ වරදකරු වූවෙකුට සමාව දීමෙන් කියවෙන්නේ, ඒ හා සමාන ඕනෑම වරදක් කළ අයෙකු නීතිය හමුවේ වරදකරු වුව ද ඔහුට සමාව ලැබෙන බවක් යැයි ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නේක් මහතා කියා සිටී.

එම සංවිධානය සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයා  විසින් ජනපතිවරණ සමයේ පැවසු ආකාරයට, මෙවැනි තීරණ ඉදිරියටත් ගැනීමේ හැකියාව පිළිබඳව, දැඩි අවධානය යොමුව ඇති බවය.

කොරෝනා වයිරසය වැනි තත්ත්වයක් උපයෝගි කරගෙන මෙවැනි වරදකරුවෙකුට සමාව දීම, පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර තිබේ.

වසර 2000දී සිදුවූ සමූහ ඝාතනයකට 2015 වසරේදී යුක්තිය ඉටු වුවත් අත්තනෝමතික විධායක තීරණයක් තුළින් යුක්තිය ආපසු හැරවීම නින්දා සහගත බව ද ක්ෂමා සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.



අදහස් (28)

යුද හමුදා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට සමාවදීම ගැන ක්ෂමා සංවිධානයේ කනගාටුව

JCN Saturday, 28 March 2020 03:08 PM

ඉතාම නින්දා සහගතයි.. මේ කරපු වැඩෙන් රටත්, සියලුම සැබෑ රණවිරුවනුත් හෑල්ලුවට ලක් කලා..

:       617       678

NishanSunday, 29 March 2020 01:11 AM

උපරිමාධිකරණයෙන් දීපු තීන්දුවක් මේක. අවුරුදු 15 ක් රජයේ වියදමින් මහජන මුදලින් නීතිපති නඩුව ගෙනගියා. මෙහෙම නිදහස දෙනවා නම් මිට අඩු චෝදනාවන්ට වැරදි කරුවන් වී සිටින සියලු දෙනා නිදහස් කල යුතුයි. හිර ගෙවල් වැසිය යුතුයි. මේක ඉතාම නරක ආදර්ශයක්. සමුහ ඝාතනයක් සාධාරණිය කිරීමක්. විධායකය විසින් අධිකරණ ඉතා පහල මට්ටමකට ඇද දැමීමක්. ජනප්‍රිය වෙන්න ඉදිරියට තව මොනවා කරයිද දන්නේ නැහැ.

:       0       58

dilanSunday, 29 March 2020 05:24 AM

ඔහෙට කොරෝනා අසාධනය වෙලාවත්ද?

:       45       0

wijesiri Saturday, 28 March 2020 03:24 PM

එතකොට අර යහපාලන ආණ්ඩුවෙන් මරාගෙන මැරෙන කොටි 100ක් විතර නිදහස් කරපු එක කමක් නැද්ද?

:       534       379

NishanSunday, 29 March 2020 01:05 AM

එයාලට විරුද්දව නඩු පවරන්න නීතිපතිට සාක්ෂි තිබුනේ නැහැ. එයාල රිමාන්ඩ් එකෙයි හිටියේ.

:       0       28

YAMADUTHA Saturday, 28 March 2020 03:28 PM

අපේ චන්දෙන් පත්වුණු ජනාධිපතිගේ නිවැරදි ක‍්‍රියාවට අපගේ ප‍්‍රණාමය...!!!

:       410       266

Samantha Saturday, 28 March 2020 03:36 PM

ලංකාවේ අපිට ප්‍රශ්නයක් නැත්නම් එක එක සංවිදාන වලට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ගෝටා ජනාධිපති කෙරුවේ ඔහුව බේරා ගැනීමට බව මේ සංවිධාන දන්නේ නැතිව ඇති. දැන්වත් ලංකාවේ දේවල් හොයන්නේ නැතිව හිටියොත් හොදයි නේද?

:       415       319

සමන්ත Sunday, 29 March 2020 12:13 AM

ඔව්,ඔව් ගෝඨා බේරාගන්න ඔහු ජනාධිපති කරපු එක හොඳයි දැනට. ගෝඨා ගෙදර යන්න වුන දවසට සැට් එකටම වන්දි ගෙවන්න වෙන තියාගත්තොත් හොඳයි. මොකද ඔය ගෝඨා ජනාධිපති කරපු සැට් එකටත් හෙට අනිද්දා කන්ද වෙන්නේ පස් තමයි.

:       0       1

HARAMANIS Saturday, 28 March 2020 03:39 PM

නුඹලා ඇමෙරිකාව මැදපෙරදිග, ලිබියාව, ඇෆ්ගනිස්ථාන් වැනි රටවල මිනිස්සු මරනකොට කොහෙද හිටියේ මොනවද කළේ?

:       125       310

මුණසිංහ Saturday, 28 March 2020 03:40 PM

ලංකාවේ ජනතාව පත් කළ ජනාධිපති වග කියන්නේ ලංකාවට. එ්වා අපි බලා ගන්නම්. කරුණාකර කොරෝනාවෙන් ලෝකය බෙරගන්න ක්‍රමයක් බලන්න. ඔයාලට එපා වුන යුද හමුදාපති වැඩ කරන හැටි බලලා ඉගෙන ගන්න...

:       251       169

Kumara Saturday, 28 March 2020 04:06 PM

කුඩුකාරයෝ එල්ලලා මරනකොට දුක හිතෙනවා. රණවිරුවෙක් නිදහස් කළාම ඒක වැරදියි කියනවා. අපේ රටෙ දේ අපි බලන්නම්...

:       128       526

Ratne Saturday, 28 March 2020 04:34 PM

ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් සමූල ඝාතනය කරන විට මරනින්දේ සිටි ඇතැම් ජාතිවාදී කණ්ඩායම් සහ මෙවැනි සංවිධාන ත්‍රස්තවාදය අවසන් කිරීමට දිවි හිමියෙන් කටයුතු කරන ලද අය සඳහා වෛරී ලෙස කටයුතු කිරීම කණගාටුදායකය. එවැනි සංවිධාන වල පැවැත්ම පවතින්නේ රටවල් වල යුද්ධ පවතිනතාක් බැවින් ක්ෂමා සංවිධානය දුක් වීමට හේතුව සිතා ගත හැකිය. මෙවැනි ආයතන කොරෝනා වෛරසය මෙන්ම තවත් වසංගතයකි.

:       153       519

de silva Saturday, 28 March 2020 05:12 PM

එතකොට අර යටත් වුන පොලිස් නිලධාරියෝ 600ක් මරල සමුහ මිනිවලේ දමපු මිනිස්සු ගැන කවුද හෙවුවේ ?

:       61       478

mangala Saturday, 28 March 2020 05:29 PM

LTTE කාරයින්ට නිදහස දෙනකොට කට වහගෙන හිටියා...

:       4       127

වීරවිජේු Saturday, 28 March 2020 05:30 PM

ඇමරිකාව ගෝඩ් බ්ලෙස් කියාගෙන මිනීමරන එක හරිම සාධාරණ ඇති.

:       32       180

Sira Saturday, 28 March 2020 05:33 PM

අනේ මෙ ක්ෂමාව... කරුණාකරලා යන්න නිකන් වද නොදී... සිරියාවෙ, ලිබියාවෙ, ඉරාකයෙ, දහස් ගණන් මැරෙනවා. ඒවට මොකද වෙන්නේ...? බම්බුව තමයි.

:       28       168

vipula Saturday, 28 March 2020 05:48 PM

කොටි බෝම්බ අමතක වී ගිය සිංහලයන් රටේ සිටීම ගැන හරිම පුදුමයි.

:       240       175

Mahee Saturday, 28 March 2020 06:04 PM

අපේ රටේ නීතිය හසුරුවන්නේ දේශපාලනය විසින්. මේ නඩුව අවුරුදු 13 ක් තිස්සේ ඇදගෙන ගියේ කාගේ උවමනාවටද? කමක් නැහැ කියමුකෝ... අන්තිමට විශේෂ මහාධිකරණයකින් තීන්දුව දීලා, ශ්‍රේෂ්ටාධිකරණයේ විනිසුරුවරුන් 5 දෙනෙකු විසින්ම ඒකමතිකව සම්මත කල නඩු තීන්දුවකිනුයි මේ තැනැත්තා වරදකරු වුනේ. වින්දිතයන් අතර අවුරුදු 5 ක දරුවෙකුත් ඉන්නවා. අපේ මිනිස්සුන්ට රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස වටහා ගන්න උවමනාවක් නැහැ. මේ අපරාධයත් ජනාධිපති සමාවත් දෙකම ගෞරවනීය යුද හමුදාවට බරපතල කලුපැල්ලමක්. නමුත් අපේ අන්ධයින්ට එක තේරුම් ගන්න උවමනාවක් හෝ හැකියාවක් නැහැ.

:       653       864

samanthaSaturday, 28 March 2020 07:36 PM

මහත්තයෝ කැබතිගොල්ලෑවේ තාත්ත අර පොඩි ලමයව වඩාගෙන ඉන්න ෆොටෝ එක දැක්කේ නැත්නම් ගූගල් එකෙන් බලන්න. ඒවා ගැන කතාවක් නැද්ද?

:       1       0

මුණසිංහSunday, 29 March 2020 01:36 AM

හිත හොදටම උණුවෙලා. එල්ටීටීඊ කාරයො නිදහස් කරනකොට ඔයා කොහෙද හිටියේ. ඒක හරිද? අවු. 5 විතරක් නොවෙයි බඩේ ඉන්න දරුව බඩ කපල එළියට අරගෙන මරපු ජාතියක් උන්. උන්ව වෙඩිතියලා මරණ එක වැරැදිදි? ඔයා කතා කරන්නේ එවැනි කණ්ඩායමක පැත්ත අරගෙන. ලැඡ්ඡා නැත්ද?

:       1       0

samanthaSunday, 29 March 2020 05:28 AM

ඔය තීන්දුව දුන්නේ අර රන්ජන්ගේ හඩපටවල ඉන්නේ තත්වයේ විනිසුරුතුමන්ලද? මොකද ඔයාගේ කලේ නඩුවල තීන්දු තීරණ ගත්තේ රන්ජට ඕන විදියටනේ...

:       1       0

Pradeep Saturday, 28 March 2020 06:08 PM

කොටි ත්‍රස්තවාදීන් අහිංසක සිවිල් වැසියන් සහ ස්වාමින් වහන්සේලා අමුඅමුවේ ඝාතනය කරන විට අමන ක්ෂමා සංවිධානය දැන් එනවා මානව හිමිකම් ගැන කතාකරන්න.

:       39       250

Bandara Saturday, 28 March 2020 06:36 PM

ඔයාලා කණගාටු වෙන්න. අපිට නම් කියන්න බැරිතරම් සතුටුයි....

:       327       290

beau Saturday, 28 March 2020 08:32 PM

අපට ඔය බටහිර ආණ්ඩුවල වහලෙක් සේ වැඩ කරන්න බැහැ. ගිහින් තමන්ගේ වැඩක් බලාගන්න.

:       0       0

minipe Saturday, 28 March 2020 09:23 PM

ජනපති හමුදාවේ හිත දිනාගන්න කල වැඩක්.

:       0       1

banda Saturday, 28 March 2020 10:30 PM

උසාවියෙන් වරද කරු කරපු කෙනෙක් කොහොමද නිදහස් කරන්නේ , වහාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට විරුද්ධව කටයුතු කරන්න ඕන

:       0       1

සමන්ත Sunday, 29 March 2020 12:28 AM

මම මේ කියන්නේ මේ සිද්ධිය මොකක්ද කියලවත් නොදැන අමුඩේ ගහගෙන කඩේ යන්න හදන ගොබ්බයන්ට. මේක වුනේ 2000 වසරේදී චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්න කාලේ. එතකොට ආරක්ෂක ඇමති වෙලා හිටියේ අනුරුද්ධ රත්වත්තේ මැතිතුමා. ඔහුවත්, චන්ද්රිකාවත් යුද්ධ කලාට, මෙම වැඩවලට කැමති වුනේ නැත්තේම හොඳ පසුබිමක් තිබුණු මිනිස්සු නිසා වෙන්න ඇති. ඒ කලේ මේක ආරංචි වුනු ගමන් පරීක්ෂණ පටන් ගත්තේ හමුදාවෙන්මයි. මිලිටරි පොලිසිය සාක්ෂි එකතු කරලා සිවිල් පොලිසිය සමග එකතු වෙලා නඩුව ඉස්සරහට ගෙනිච්චේ. ඒකට හේතුව මේ අසරණ මිනිස්සු අට දෙනා අතරට අවුරුදු පහේ සහ 13 ළමයි පවා හිටියා. ඒ සියලු දෙනාම තමන්ගේ පරණ ගෙවතුවලට ගිහින් හිටියේ කෑමට යමක් හොයාගෙන එන්න. ඒ හැමෝටම හේතුවක් නැතුව ගහලා, උගුරු දණ්ඩ කපලා වැසිකිළි වලක දාලා, පස්සේ ඈතක වල දමා තියෙද්දී ඇසින් දුටු සාක්ෂි නිසා හොයාගත්තා. ඒවා ගැන පාපොච්චාරණය කරලා , පිලි අරගෙන වල දමා තිබු සිරුරු හොයලා දුන්නෙත් මේ කෙනාමයි.

:       0       0

Raveendra Sunday, 29 March 2020 03:54 AM

මේක පුදුම වැඩක්නේ මරාගෙන මැරෙන කොටි නිදහස් කරපු වෙලේ මේ කවුරුත් ම්ම්... කිව්වේ නැහැ දැන් මේ කෑගහන්නේ මොකද.... ?

:       7       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 643 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 241 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 300 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 276 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 472 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4018 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site