IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශ්‍රවේන්ද්‍රට

(ඉන්දිකා රාමනායක)

 
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇති බව යුද හමුදාව කියයි.  
            
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද  (9) මෙම පත්වීම සිදුකර ඇත.  
           
බදවා ගැනීමේ පාඨාමාලා අංක 19  යටතේ 1984 මාර්තු මස 05  වැනි දින  යුද හමුදාවට එක්ව ඇති ඒ මහතා 1985 නොවැම්බර් මස 16 දින අධිකාරියට පත්ව ඇත.                                                            
ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී 58 වැනි සේනාංකයට අණදෙමින් ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂීය මෙහෙයක් ඉටුකළ දක්ෂ නිලධාරියෙකි.    
                                            
 ඒ මහතා වීරවික්‍රම විභූෂණය, රණවික්‍රම,  රණශූර,  උත්තම සේවා ඇතුලු පදක්කම් රැසකින් ද පිදුම් ලබා ඇත. 



අදහස් (45)

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශ්‍රවේන්ද්‍රට

p.d goonawardena Wednesday, 09 January 2019 11:41 AM

සුබ පැතුම්...!!!

:       29       375

Ranga Wednesday, 09 January 2019 11:47 AM

සුදුස්සාට සුදුසු තැන...!

:       11       317

Darshana Wednesday, 09 January 2019 11:52 AM

මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ආඩම්බරයකි.. ඔහු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකි...

:       191       410

RaveendraWednesday, 09 January 2019 12:40 PM

Darshana මයා වෙත, අප නම් හදවතින්ම ආඩම්බරවන්නේ "මෙම නිලදරුවා ලංකා මාතාවගේ " ආදරණිය ලක්දරුවෙක් බැවිනි. අප විශ්වාස කරනවා මාතලේ ඉන්දියාවට අයිති බිමක් නොව ලක්මවගේ නිවසේම කොටසක් බවට.

:       13       495

NihalWednesday, 09 January 2019 01:08 PM

ඔබ ඇතුළු හමුදාවේ සියලුම දෙනා ජාතික වීරයන්..

:       33       227

DarshanaThursday, 10 January 2019 04:35 AM

රවීන්ද්‍ර මහතාට, මාතලේ, ඉන්දියාවේ කොටසක් කියා හෝ ඒ බව ඇගවෙන දෙයක් හෝ පවසා නැත. මහත්මයාට කරුණු අවබෝධ කර ගැනීමේ දුර්වලතාවක් තියෙන බව පෙනේ ....

:       2       33

RaveendraThursday, 10 January 2019 06:53 AM

දර්ශන මයා වෙත, මෙම රණවිරුවා යාපනේ මධ්‍ය මහා විද්‍යාලයේ හෝ හැදුණාවැව මධ්‍ය මහා විද්‍යාලේ හෝ කොළඹ 7 විද්‍යාලයක ඉගෙනුම ලැබු ඔහු ලක්මවගේ එඩිතර අවංක නිලදරුවෙක් බැවින් ලක්වැසියන් අප ආඩම්බර වන්නෙමු. ඔහු ඔබ ගිය පාසලට සමහරවි ඉගෙනුමට සදහා ගියත් ඔබට ඒ පිලිබදව අමුතු විශේෂයක් පමණක් ඇති නමුත් මෙම විරුවාගේ නම රන් අකුරෙන් ලක්මවගේ හදවතේ ලියවී ඇති බැවින් ඔහු මුළු රටටම ආඩම්බරයකි. එමෙන්ම රට නිදහස් කර ගැනීමට සහභාගි වු සියලුම රණවිරුවන් ලක්මවගේ හදවතේ රන් අකුරින් ලියවී ඇතිබව දන්වන්නෙමු.

:       0       0

RaveendraThursday, 10 January 2019 07:56 AM

දර්ශන මයා වෙත, ඔබගේ අදහසින් ගම්‍ය වන්නේ පාසල පිලිබදව උදම් ඇනීමට උත්සහ කිරීමක් නොවේද? අපට නම් මෙවන් අවංක නිර්භීත රණවිරුවන් ඉගෙනගත්තේ රත්තොට , හෝ ගම්මඩුව හෝ ලග්ගල පල්ලේගම හෝ කොළඹ පාසලක ද යන්න අදාලම නැත. මොහු ලක්මවගේ අවංක දරුවෙකු බැවින් ඒ පිළිබඳව ආඩම්බර වන්නෙමු. එමෙන්ම ඔබට අපගේ අදහස් ද තේරුම් ගැනීමට නොහැකි වීම පිලිබදවත් කනගාටු වන්නෙමු.

:       0       0

බන්ඩාර Wednesday, 09 January 2019 12:22 PM

රටේ නම බටහිර දියුණු ජාතින් ඉදිරියේ තවතවත් හෑල්ලු වෙන වැඩ මෙව්වා..

:       4014       1072

RaveendraWednesday, 09 January 2019 01:32 PM

බණ්ඩාර මයා වෙත, ඔබගේ අදහස් අවංකවම අපහට තේරුම් ගැනීමට නොහැකි බැවින් එය සරලව සඳහන් කරන්නේ නම් වඩාත් යෝග්‍ය වන්නේය. අවංකව රටේ ආරක්ෂාව වෙනුවෙන් සේවය කළ රණවිරුවන්ට ඒ ඒ අදාළ පහසුකම් හෝ නිලතල ලබාදීම කෙසේ අනිත් රටවල් ඉදිරියේ අප හෑල්ලු වන්නේද? ඔබේ අදහස් අනුව නම් " අපගේ මාතෘභූමිය පාවාදුන් සහ මේ මොහොතේත් පාවාදෙන පාදඩයින්" බටහිර රටවල් ඉදිරියේ වීරයන් වන බව නොවේද? ඔබට හැකිනම් ටිකකලට පෙර පැමිණ " bloody sunday " නමැති චිත්‍රපටිය නරඹන්න.. එවිට බටහිර රටක නියම ප්‍රතිරූපය "එම රටවල්වලට ගැති නමුත් තම මව්බිමට ද්‍රෝහිවන වහලුන්ට" හොඳ පාඩමක් ඉගෙනීමට හැකිවනු ඇත.

:       142       2215

BamunuarachchiFriday, 11 January 2019 11:23 AM

මෙයාට මොන "බ්ලඩි සන්ඩේ" ද? ඔබලාට තේරෙන්නේ නැද්ද...? සිංහල නමකින් ලියන කොටිහපුයියෙක් බව?

:       0       89

Hafeel Wednesday, 09 January 2019 01:57 PM

කොහොමද එහෙම වෙන්නේ? රට හෑල්ලු වෙන්නේ රටේ සිදුවෙන දූෂණ, අපරාධ නිසා... මේක හරි පත්වීමක්.

:       44       623

සමන්තWednesday, 09 January 2019 04:52 PM

මම බණ්ඩාරගේ අදහස සමග මුලුමනින්ම එකඟ වෙනවා. එහෙම කරන්නේ මට රට පුද්ගලයෙක්ට වඩා වටින නිසා.

:       1       0

chandimaWednesday, 09 January 2019 10:09 PM

නම හෑල්ලුවට පත් වුණාට මොකද හම නොගිහින්? මේ යක්කු නම ආරක්ෂා කරගන්න දෙකට නැමිලා පශ්චාත් භාගේ වුනත් ඔය කියන බටහිර දියුණු රටවල් වලට පූජා කරයි.

:       0       63

NalakaWednesday, 09 January 2019 10:13 PM

ඔබ හරි... මොහුට තියන යුද අපරාධ නඩු තවම අහනවා නේද උසාවිවල...? ඒ වගේම මොහුට ඉහළින් 5ක් ඉඳිද්දී 2020 ජනාධිපතිවරණය ඉලක්ක කළ ආණ්ඩුකාර පත්වීම් වගේම දේශපාලන පත්වීමක් මේක. මේකේ දාලා තියන කමෙන්ට් දැක්කම පව් කියලා හිතෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ දැනීම ගැන. ගූගල් කරලා අනික් ඒවා හොයන්න නම් අංක එක....

:       58       0

උන්නත් දාහයි මැරුණත් දාහයි Thursday, 10 January 2019 06:39 PM

බටහිර ඉන්නේ දියුණු ජාතීන්ද..? එහෙම නැතිනම් රටවල් බෙදන්නට උල්පන්දම්දෙන ම්ලේච්චයෝද මහත්තයෝ..? ඔයත් කාගේදෝ ජරාවක් කාලාවගෙයි...

:       0       51

Raveendra Wednesday, 09 January 2019 12:24 PM

නිර්භීත, අවංක, විරෝදාර නිලදරුවාට අපගේ සුබ පැතුම්...!!!

:       198       711

Don kal Wednesday, 09 January 2019 12:32 PM

ඉතාමත් හොඳ පුවතක්...

:       8       246

Prabha Wednesday, 09 January 2019 12:46 PM

අපේ සිරිසේන මහත්තයා ජාත්‍යන්තරයට බය නැහැ වගේ...

:       68       305

PA - RA Wednesday, 09 January 2019 01:06 PM

ප්‍රායෝගික දැනීමක් ඇති හොඳ නිලධාරියෙකි. හොඳටම සුදුසුකම් ඇත. පන්දම් ඕනෑම නැත...

:       12       422

nihal Wednesday, 09 January 2019 01:44 PM

මෑත යුගයේ රජයේ නිලධාරීන් පත්කිරීම් අතුරෙන් විශිෂ්ටම පත්කිරීමක්... ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි, ඔබට තෙරුවන් සරණින් සුබ අනාගතයක්...!!!

:       12       422

නිහාල් Wednesday, 09 January 2019 01:49 PM

මොහු යුද හමුදාපති වුනොත් හමුදාවට සාම සාධක මෙහෙයුම් සදහා පවා යන්න වෙන එකක් නැහැ. මේකේ බරපතලකම ජනාධිපතිවරයා තේරුම් ගෙන, වත්මන් යුද හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබාදිය යුතුයි.

:       1233       97

රංග Wednesday, 09 January 2019 01:52 PM

වත්මන් හමුදාපතිට තවත් සේවා දිගුවක් ලබාදීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. නැත්තම් මෙම යුද අපරාධ චෝදනා එල්ල වී ඇති තැනැත්තා හමුදාපති වී, අපගේ සෙබළුන්ට පුහුණුවකටවත් විදෙස් රටක වීසා නොලැබීමේ දැඩි අවදානමක් ඇත...

:       1008       492

ගල්කටස් Wednesday, 09 January 2019 02:17 PM

වැඩි දවසක් යන එකක්... මෙතුමාටත් පරගැති අාණ්ඩුවේ සහයෙන් යුද අපරාධ චෝදනා කරාවි... සම්පන්දන් අැතුලු නඩය සහ ඩයස්පොරාවෙ අගමැති අැතුලු පිරිස..

:       134       499

ලේක්කෝ ගලබඩ Wednesday, 09 January 2019 02:48 PM

ජයවේවා....!!!!

:       0       254

සල්ගාදු Monday, 14 January 2019 03:51 AM

ගලබඩ, ඔයා තවමත් ඉතාලියේද වැඩ? එහෙම නැතිනම් බදුල්ලට ආවද..?

:       0       0

fonseka Wednesday, 09 January 2019 03:25 PM

එළ කොල්ලෙක්... අපේ ශවේන්ද්‍ර මල්ලි...

:       7       293

siri Wednesday, 09 January 2019 03:32 PM

හැම කෙනාගේම ගැලවිජ්ජාව බවට පත් කරගෙන ඇති "රණවිරුවන් දන්ගෙඩියට දක්කනවෝ" නාටකය පටන්ගන්න රංගභූමිය සකස් කරන්න පටන් අරගෙන වගෙයි පෙනෙන්නේ.

:       311       394

karthini Wednesday, 09 January 2019 03:34 PM

සිල්වා වැඩකරුවෙක් කල ෙෆාන්සේකා !

:       555       578

BamunuarachchiFriday, 11 January 2019 11:27 AM

ෆොන්සේකා වැඩකරුවෙක් කළ රාජපක්ෂලා. රාජපක්ෂලා නැතිනම් ෆොන්සේකා නිකම්ම තමයි.

:       0       43

pjSaturday, 12 January 2019 02:44 AM

මහරජ රජවීමට පෙර අතීතයේදී ඔයාලගේ අල්ලපු ගෙදර නේද හිටියේ? සමහර විට ඔයා දන්නේ නැතුව ඇති.

:       0       0

BamunuarachchiSaturday, 12 January 2019 04:55 AM

ඇයි මම හිටියේ ඔයාලගේ අල්ලපු ගෙදරනේ? ඔබ නොදන්නවාට ගෙදර අය දන්නවා.

:       0       52

BamunuarachchiSaturday, 12 January 2019 05:01 AM

ගොබ්බ කතා කියන්න එපා හලෝ... රනිල් කාලෙත් ෆොන්සේකා හමුදාවේ සිටියා එතකොට ෆොන්සේකාගේ නමවත් ඔහේ දැනගෙන හිටියාද? රාජපක්ෂලා ෆොන්සේකාව හමුදාපති කලේ නැත්නම් ෆොන්සේකා නිකම්ම නිකම් නේද? ෆොන්සේකාටත් අමතක ඒ අතීතය ඔහේ වගේ කෙනෙකුට කොහේ මතක තියේවිද? අඩු ගනනේ ඔහේගේ අම්මා, තාත්තා මතකද?

:       1       153

Gamlnl gajaslnghe Wednesday, 09 January 2019 03:37 PM

රණ විරුවාෙණනි, ඔබට සුබපැතුම් !!!

:       80       620

victor Diganatanne Wednesday, 09 January 2019 04:50 PM

ශවේන්ද්‍ර සිල්වා ඉතා හොඳ විනයගරුක නිලධාරියෙක්. ඔහු අතින් සිදුවී ඇති වරදවල් ඉතා සුළු හා නොසැලකිය හැකි මට්ටමේ ඒවා. ඔහු කනිෂ්ට නිලධාරීන්ට හොඳ ආදර්ශයක් වෙන බව ඉතා පැහැදිලියි.

:       0       1

chandima Wednesday, 09 January 2019 05:08 PM

ඉක්මනටම ඒ තනතුර දුන්නු එක හොඳයි.

:       0       1

Nalaka Wednesday, 09 January 2019 10:06 PM

ජනාධිපතිවරණයෙන් බැරි වුනොත් හමුදා ආණ්ඩුවක් හරි හදයි 2020. සිරිසේන ඒක හදයිද? ගෝඨා හදයිද කියන එක කාලය විසඳයි.

:       0       1

ලුම්බිණි Wednesday, 09 January 2019 11:12 PM

මෙතුමාට විරුද්ධව චෝදනා තිබෙනවා නේද? එම චෝදනා සොයා නොබලා මෙසේ පත් කිරීම හරිද?

:       54       0

rocky Thursday, 10 January 2019 01:58 AM

මේ තනතුර ලැබීමට වඩාත්ම සුදුස්සා මොහුද ? මෙය අපේ රටේ හමුදා පාලනයක් ඇති කිරීමේ තවත් සැලසුමක් වෙන්න බැරිද?

:       104       3

gayan Thursday, 10 January 2019 03:32 AM

බණ්ඩාර මහතා ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්න එපා. ඔබ සිංහලයෙක් නේද ලජ්ජා වෙන්න ඕනි එතුමා වගේ විශිෂ්ට රණවිරුවෙකුට ඔහොම කීවට.

:       5       110

ජයසිංහ Thursday, 10 January 2019 05:15 AM

ඔබ තුමාට අපගේ උපහාරය

:       3       12

A.M.G.Atthanayake Thursday, 10 January 2019 06:11 AM

ජනාධිපති තුමාගේ ඉතා හොද තීරණයක්. ශ්‍රවේන්ද්‍ර ඔබගේ නිර්බිත කමටත් නිවැරදි නායකත්වයත් අපි ඔබට ආචාර කරමු.

:       4       17

Rata Perata Thursday, 10 January 2019 07:17 AM

ජනපති පත් කළා නම් මේක හරි තීරණයක් වෙන්න බෑ. අපි දැක්කනේ එයාගේ වැඩ පහුගිය දවස්වල...

:       0       0

Bandara Thursday, 10 January 2019 07:58 AM

මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මෙතුමා යුධ වීරයෙක්. එහෙම අයට දැන් කොහොමද සුදුසු ස්ථානයක් ලැබෙන්නේ.

:       0       0

Ananda Friday, 11 January 2019 03:21 AM

අපගේ උත්තමාචාරය !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 15 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 71 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 483 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 415 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 140 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1497 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site