(රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති.
සුපුරුදු පරිදි මාදැල ඇදීම සිදු වුවද එලන ලද මා දැල අදින ලද අවස්ථාවේදී වෙනදා සිටි පිරිසට මා දැල ඇදීමට අසීරු වී ඇති අතර තවත් බොහෝ පිරිසකගේ සහය ඇතිව මාදැල ඇදීම සිදුකළ අතරම එහිදි පරා මාළු රංචුවක් තම මා දැලට හසුව තිබූ බව ධීවරයෝ කියති.
මාදැලෙන් හසුවූ බොහෝ පරා මාළුන් කිලෝ එකකට වැඩි බරකින් යුක්ත වූ අතරම එම මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට ආසන්න වේ.
හසු වූ පරා මාළුන් තොග මිලකට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතරම අවුරුදු අවසන් වී ධීවර කර්මාන්තය ආරම්භ වීමත් සමඟ මෙවැනි මාළු අස්වැන්නක් ලැබීම පිළිබඳව සියළුම ධීවරයින් මහත් සතුටින් සිටින බවයි.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනයේ මාදැලකට රුපියල් කෝටියකට අධික පරා ඉල්ලමක්
Kalum Wednesday, 18 April 2018 06:21 AM
මේ ආත්මේ ඉල්ලම... ලබන ආත්මේ පල්ලම... මෙවැනි පුවත්වලට ආකර්ශනීය මාතෘකා දාන උදවියටද මෙහි පාපයෙන් කොටසක් හිමිවනු ඇත. දුර බලන්න ළඟ නොබලන්න.
අනුර පැස්කුවල් Wednesday, 18 April 2018 10:13 AM
නොදන්න, නොතේරෙන මරණින් මතු ආත්මයක් ගැන වදවෙන්න කලින්, මේ ආත්මේ බඩගින්න නිවාගෙන ඉඳිමු. තමන් හිතින් මවා ගත් මරණින් මතු ජීවිතේ ගැන අනික් අයට අවවාද දෙන ගමන් හිතින් මවාගත් දෙවියන් වහන්සේ ගැන හිනාවෙන පුදුම ආගමක්...
amaraFriday, 20 April 2018 11:47 AM
මාලු කකා ඩිස්ලයික් දාපු අයට හොඳක් නම් වෙන්න එපා
JayaWednesday, 18 April 2018 11:14 AM
දැන් කැලුම් මස්, මාළු කන්නේ නැද්ද? කනවද ?
sanjeevaFriday, 20 April 2018 08:23 AM
ධීවර කර්මාන්තය වහාම තහනම් කරනු!! ඒ වෙනුවට කුකුල් කොටු ...නෑ නෑ වැරදුණා... මොනවත් නොකර ඉඳිමු.
de silva berlin Wednesday, 18 April 2018 06:28 AM
එකවර මාලු එළවලු ලොකු අස්වනු ලැබුණාම ඒවා කල්තියා ගැනීමට ශීතාගාර පහසුකම් සහ රටපුරා ජීවත්වන පාරිභෝගිකයාට බෙදාහැරීමේ පහසුකම් සලසාදීම වැනි දේවල් දියුණුකර, උතුරේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට උතුරේ ද්‍රවිඩ දේශපාලකයන් කටයුතු කරන බවක් නොපෙනේ... ඔවුන්ට උදවු කිරීමට උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන සහ බටහිර රටවලින් මෙවැනි ව්‍යාපෘති සඳහා උදව් ඉල්ලුවොත් අනිවාර්යයෙන් උදව් ලැබෙනු ඇත. නමුත් ඔවුන්ද කරන්නේ වතුකරයේ තොන්ඩමන්ලා දශක කිහිපයක සිට කරන ආකාරයේ දේශපාලනයකි. කරුණාකර හමුදාව හෝ රජය මැදිහත් වී උතුරේ ද්‍රවිඩ ජනතාව විසින් නිෂ්පාදනය කරන කෘෂි සහ ධීවර නිෂ්පාදන අතරමැදි ග්රහණයෙන් ගලවා රටපුරා සාධාරණ මිලකට අලෙවි කිරීමට කටයුතු යොදන්න. එවිට උතුරේත්, දකුණේත් ජනතාවට විශාල සහනයක් ලැබෙන අතර හමුදාවට උතුරේ ජනතාවගේ හොඳ හිත දිනාගෙන ඔවුන්ට උපකාර කල හැකිය.
Udaya Wednesday, 18 April 2018 06:32 AM
මිනිස්සුන්ට නම් සතුටුයි. ඒත් මැරුනු මාළුවන්ට මොකද වෙන්නේ?
Mahee Wednesday, 18 April 2018 06:59 AM
චෙන්නායි ඉන්දියන් කාරයෝ ඇවිල්ලා සූරා ගන්න කලින් අපේ මිනිස්සුන්ට මේ මාළු අස්වැන්න ලැබීම අහන්නත් සතුටු දෙයක්... හැබැයි, දැන් ඉතින් මුදලාලිලා අපේ මාළු කන්න සුදානම් වෙයි.
Suranga Wednesday, 18 April 2018 07:04 AM
අනේ වාසනාවන්....
ranjith Wednesday, 18 April 2018 08:27 AM
කිලෝ 10,000 ඇත්ත වුනත් කෝටි එක හමාර පිළිගන්න බෑ. ඇයි රුපියල් 1500ට පරා මාළු කිලෝව කොළඹවත් විකිනෙන්නේ නැත. මේ මාළුවලට වැඩිම වුනොත් කිලෝවට රු400 ක් දාලා අයිතිකාරයට ලැබෙයි. කොලඹදී රුපියල් 650ට තොග අලෙවිවෙයි. පාරිභෝගිකයාට අඩුම වශයෙන් රුපියල් 750-900 ක් අතර මිලක් ගෙවන්න වෙයි.
MO77 Wednesday, 18 April 2018 09:33 AM
මේකෙන් පෙන්නන්නේ රොමේෂ් මධුෂංඛගේ ගණිත දැනුමයි.
රවින් Wednesday, 18 April 2018 10:07 AM
රට පුරාවටම වැඩිපුර දේවලින් හොඳ අස්වනු ලැබෙනවා. නමුත් බොහොම දේශහිතෛශී ජනතා හිතෛශී දේශපාලකයෝයි පුටු රත්කරන උදවියයි පොඩ්ඩක්වත් හිතුවද ගොවි ජනතාවගේ හෝ ධීවර ජනතාවගේ මෙම අස්වනු කල්තබා ගැනීමේ ගබඩා පහසුකම් ගැන... ප්‍රවාහන පහසුකම් ගැන... හොඳ මිලක් ඔවුනට ලබා ගන්න විදියක් ගැන... ඔක්කොන්ගේම බොරු පුරාජේරු තමයි.
prabash Wednesday, 18 April 2018 10:10 AM
මාලු කෑම නවත්තලා එළවලු, පලතුරු කාපල්ලා නිරෝගී වෙන්න ඕනෑ නම්. කෙනෙකුගේ ජීවිතය තව කෙනෙකුගේ ආහාරයක් වෙන එක ගැන සතුටුද? එකෙක් මරන් කාලා, තව එකෙක් බඩ කට පුරවාගෙන ඇති වැඩක් තියෙනවද? මේක හරිම පව් වැඩක්...
de silva Wednesday, 18 April 2018 11:51 AM
ගොවි පරිසරයක හැදුනු වැඩුණු ධිවර කර්මාන්තය ගැන කිසිම අත්දැකීමක් නොමැති මහින්ද අමරවීර ධිවර ඇමති, ඉතින් කොහොමද ලංකාවේ ධීවර කර්මාන්තය දියුණුවෙන්නේ ? ලංකාවේ ධිවරයත් පරිභෝගිකයත් යන දෙදෙනාම අමාරුවේ. ආණ්ඩුවේ අනිත් ඇමැතිකමුත් බොහොමයක් බෙදලා දීලා තිබෙන්නේ පුද්ගලයාගේ දැනුම පළපුරුද්ද ගැන සලකලා බලලා නොවේ, ඉතින් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක, ජිවන බර ඉහල යන එක , මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙලා පොහොට්ටුවට කතිරේ ගහන එක පුදුමයක් නොවේ
chandareThursday, 19 April 2018 03:23 AM
සහතික ඇත්ත. එත්, ඉන්න සියලුම මැති ඇමතිවරු පත් කරලා යවන්නේ කවුද? බැණ, බැණ ආපහු උන්ටම ඡන්දෙ දෙන්නේ කවුද?
sampath Thursday, 19 April 2018 04:39 AM
බෙහෙතකට මේ මාළු නෑ. කොළඹ...