රොමේෂ් මධුෂංඛ
යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය පවසයි.
කෝපායි පොලිස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත්පැන් පානය කර පහර දී ගැනීමක් සිදුව ඇති අතර අදාළ නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් පසුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජිප් රථයෙන් අදාළ ස්ථානයට ගොස් ඇත.
පහරදී ගැනීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තත්වය පාලනය කර කෝලාහල සිදු කළ තිදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතරතුර කෝලාහල සිදුකළ බීමත් තවත් පුද්ගලයකු විසින් පොලිස් නිලධාරීන් පැමිණි ජිප් රථය රැගෙන පලා ගොස් ඇත.
එහිදී පොලිස් නිලධාරීන් ජිප් රථය පසුපස ලුහුබැඳ ඇති අතර ජිප් රථය පැහැරගෙන කිලෝමීටර් 09 ක් පමණ ධාවනය කර යාපනයේ වැලි ගොඩ දමන ස්ථානයක් වූ කට්ටායි නැමති ප්‍රදේශයේ ජිප් රථය දමා සැකකරු පලා ගොස් තිබේ.
පසුව අද අළුයම 5ට පමණ කෝපායි පොලිස් නිලධාරීන් විසින් ජිප් රථය පැහැරගත් බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමඟ අත්අඩංගුවට ගත් සිව් දෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිටි බවටද කෝපායි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය වැඩිදුරටත් කීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහැර ගත් සිව් දෙනකු අත්අඩංගුවට
tikiri Wednesday, 12 September 2018 09:54 AM
පොඩි ළමයි බීලා කරන වැඩ. ඕවා පලකරන්න අවශ්‍ය නැහැ...