IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ


 
(දයාරත්න ඇඹෝගම)

 
මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.


අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ යාන් ඔය ජලාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමින්ය.


වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා එහිදී මෙසේ ද පැවසීය.


යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර  අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට  ප්‍රධාන වේල්ලේ වැඩ අවසන් වෙමින් යනවා.මේ මාසය අවසන් වන විට වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යාන් ඔයේ අලුතින් ගම්මාන 4 ක් නිර්මාණය වෙනවා.ඒ සියලු ගම්මාන පහසුකම් සහිත ගම්මාන ලෙස ජනතාවට භාර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. 


විශේෂයෙන්ම ගම්මානයට අවශ්‍යය කරන පාසලක්, පෙර පාසලක්, ප්‍රජා ශාලාවක්, ග්‍රාම නිලධාරී ඇතුළු නිළධාරීන් වෙනුවෙන් කාර්යාල, අංග සම්පූර්ණ මාර්ග පද්ධතියක්, සෑම නිවසකටම ජලය ලබාගත හැකි ලෙස ජල ටැංකියක්, ලිං කීපයක්, විදුලිය ඇතුළු අංග සම්පූර්ණ ගම්මානයක තමයි අලුතින් පදිංචි කරන සියලු දෙනා පදිංචි කරන්න බලාපොරොත්තු වෙන්නේ.


මේ වන විට ඉඩම් පවරා ගැනීමේ මූලික කටයුතු සිදු කරලා තියෙනවා. තක්සේරු දෙපාර්තමේන්තුව ඒවා තක්සේරු කිරීම සිදු කරනවා. තක්සේරු කිරීම් අවසන් වූ වහාම වන්දි මුදල් ලබා දීම සිදු කරනවා යැයි පැවසීය.



අදහස් (5)

යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ

සතයපාල Monday, 10 September 2018 06:19 AM

රටේ සමස්ථ ජනතාවගෙන් සීයයට දහයකටත් අඩු ප්‍රතිශතයකට ප්‍රතිලාභ අත්වන හා රටේ සමස්ථ ජනතාව මතම ණය බර පැටවෙන අධිවේගි මාර්ග වලට හෝ ගූවන් යානා ගොඩ නොබස්වන ගුවන් තොටුපොළ නැව් නොඑන වරායවල් ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිඩාංගණ හෝ දෙමාපියණ් වෙනුවෙන් ස්මාරක ඉදි කරනවාට වැඩිය ජාතියටම බත සැපයිය හෑකි රට ස්වයංපෝෂිත කල හැකි හා රටේ බහුතරයේ රැකී රක්ෂා ප්‍රශ්ණය විසදීමට ඉවහල් වන ස්වාධින රටක් හා නිවහල් ජාතියක් නිර්මාණය කිරිමට අවශය වීර්යය ධෛර්ය සපයන මෙවැනි සංවර්ධන වයාපෘති රටට ආශිර්වාදයක් වගේම වාසනාවක් වනු ඇත.

:       438       617

ruwan Monday, 10 September 2018 06:19 AM

දැන් දැන් තමයි මේ ආණ්ඩුවේ වැඩ ජනතාව අතරට යන්නේ .

:       76       315

Hafeel Monday, 10 September 2018 07:45 AM

ඇමතිතුමා, මේකත් අර මොරගහකන්ද වගේ සිව් වතාවක් විවෘත කරනවද?

:       15       71

MENDIS Monday, 10 September 2018 08:11 AM

රුවන්, දැන් තමයි මේ ආණ්ඩුවේ වැඩ ජනතාව අතරට යන්නේ... ඒ අතරින් ගිහිල්ලා දැන් හිරිවැටිලා තියෙන්නේ... හිරිය තියෙද්දී තව ටිකක් අතරින් යවන්න... එතකොට රිදෙන්නේ නැහැ නේද රුවන්...!!!

:       1       163

Raveendra Monday, 10 September 2018 10:20 AM

හොඳ දෙයක්... මෙය කඩිනමින් නිම කිරීමට සැමටම ශක්තිය ලැබේවා..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 170 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 357 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 436 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 471 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 147 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1669 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site