IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා ශානිගෙන් පෙත්සමක්

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා වශයෙන් සිටියදී ඉකුත් ජනාධිපතිවරණ සමයේදී  තමන්ව වැඩ තහනමට ලක් කරමින් ජාතික පොලිස් කොමිසම නිකුත් කළ ලිපියෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සදහන් කරමින් තමාව යළිත් රහස්  පොලිස් අධ්‍යක්ෂක ධූරයේ පිහිටුවන ලෙසත්, තමන්ට සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික පොලිස් කොමිසම, එහි සභාපති හා සාමාජිකයන්, මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සාමාජිකයන් ඇතුළු 17 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.



අදහස් (9)

යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලා ශානිගෙන් පෙත්සමක්

Bandu Wednesday, 15 July 2020 11:03 AM

අර හඬපට ඇහුවාම මෙයා සේවයේ පිහිටුවනවා තියා රටේ තියාගන්න එකටත් අපි ලැජ්ජා වෙන්න ඕනෑ...

:       303       256

athula Wednesday, 15 July 2020 11:22 AM

අපේ රටේ පාලනය ගැන තවත් අටුවා ටීකා මොකටද..? මෙතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ඉතාම දක්ෂ, අවංක නිලධාරියෙක් බව නොදන්නා කෙනෙක් නොමැත.. හොරුන් රජවූ රටක මෙවන් වටිනා නිලධාරින්ට අත්වන ඉරණම ගැන කුමන කතාද..? මෑතකදී විශ්‍රාම ගිය හිටපු නියෝජ්‍ය පොලිස්පති එම්.අාර්. ලතීෆ් මහතාද 2014 මේ වගේම ඉරණමකට මුහුණ දුන්නු නීතිය අකුරටම ඉෂ්ට කරලා තියෙන්නේ...

:       168       57

අතුලWednesday, 15 July 2020 11:54 AM

එතකොට අර සිල්වෙස්ටර් අපෝන්සු මහත්මයා ඉදිරිපත් කරපු හඬපට වල තිබුණු එ්වා ගැන ඔබතුමා මොකද කියන්නේ?

:       0       6

Kuma Wednesday, 15 July 2020 12:12 PM

ආයෙත් අහලා.. හඬපට වලින් එ්ක ඔප්පු වෙනවා.

:       0       2

අතුලWednesday, 15 July 2020 01:28 PM

රංජන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා "මහින්ද මහත්තයගේ හඬ පට 6ක් තියෙනවා කිව්ව විතරයි" එතැනින් එහාට මීක් නැහැ. ෂානි අබේසේකර මහත්තයාගෙත් අඩු පාඩු තියෙනවා "අවංකවම අපේ වගේම". ඒත් කවදාවත් හොරකම් නොකරපු, පගාව නොගත්තු (පගා ගනිපු විනිසුරුවරයෙකුගෙත් වැඩ තහනම් කළා ලඟදී) දක්ෂ ඒ වගේම "රටකට පොලිසියකට අත්‍යවශම නිලධාරියෙක්" එතුමන්ට සාධාරණය ඉටුවිය යුතුයි.

:       0       62

raheem Wednesday, 15 July 2020 12:40 PM

දක්ෂ වැඩකාරයෙක් තමයි. ඒත් අර කාගෙද ගෙදර වළං හෝදන්න ගිය එක තමයි වැරැද්ද..

:       0       23

Bamunuarachchi Thursday, 16 July 2020 09:57 AM

එතකොට රන්ජන්ගේ ගෙදර වළං හෝදන්නේ කවුද?

:       0       0

අතුලThursday, 16 July 2020 12:40 PM

මම නම් අදටත් වලං, පිඟන් සෝදනවා. ඒක මට ලැජ්ජාවක් නොවෙයි. රංජන්ගේ ගෙදර වුණත්, වෙන කෙනෙකුගෙ ගෙදර වුණත්, එහෙම් කරන්න වුණොත් කරනවා. ඒත් "ශානි මහත්මයා කරපු වැඩ කොටස, වළං හෝදනවා තරම් ලේසි නැහැ" අතිශය අමාරුයි.

:       0       0

BamunuarachchiFriday, 17 July 2020 01:45 AM

එහෙනම් දෙන්නාම රංජන්ගේ ගෙදර වළං හෝදන්නකෝ... කාගෙවත් ගෙදරක වළං සේදීම ඔබට අරුමයක් නොවුණාට රජයේ උසස් නිලධාරියෙක් නළුවෙකුගේ හෝ දේශපාලකයෙකුගේ ගෙදර වළං සේදීමට යාම සමාජය අනුමත නොකරන නිසයි එය උපහාසයකට ලක්කර ප්‍රසිද්ධියේ පලවුණේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 39 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 272 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 103 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 112 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 314 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2760 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1544 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site