IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ - පුටින්

මොස්කව්හිදීය/ඩැමැස්කස්හිදීය (රොයිටර්)
 
බටහිර රටවල් නැවත වරක් සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් ගෝලීය අර්බුදයක් ඇතිවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. 

 
ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට තවදුරටත් පීඩනයක් එල්ල කරමින් නව ආර්ථික සම්බාධක පනවන බවට නිවේදනය කර තිබෙන මොහොතක රුසියා ජනාධිපතිවරයා මෙලෙස අනතුරු අඟවා තිබේ. 
 
රුසියානු ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමඟ දුරකතන සංවාදය යෙදීමෙන් අනතුරුව ක්‍රෙම්ලීනය පුටින් ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඒ බව සඳහන් කර තිබේ.
 
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එල්ල කරන ප්‍රහාරයෙන් සත් අවුරුදු සිවිල් යුද්ධයකින් පීඩා විඳින සිරියාවට සාමය සහ දේශපාලනික විසඳුමක් ගෙන ඒමට තිබූ අවස්ථාවට හානි සිදු වූ බව නායකයන් දෙදෙනාම ප්‍රකාශ කර ඇතැයි ද ක්‍රෙම්ලීනය සඳහන් කළේය. 
 
“බටහිර රටවල් එල්ල කරන ප්‍රහාරයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය වෙනවා. ඔවුන් නැවත නැවත එලෙස ප්‍රහාර එල්ල කළහොත් ජාත්‍යන්තර සමබඳතා දැඩි අර්බුදයකට යනවා.” යැයි පුටින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇතැයි ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.  
 
055



අදහස් (14)

යළි සිරියාවට ගැහුවොත් ගෝලීය අර්බුදයක් අතළඟ - පුටින්

නිමල් Monday, 16 April 2018 01:57 PM

රුසියාව ජෝජියාවට ගහලා ඒකේ කොටසක් යටත් කරගන්න කොට හොඳයි, යුක්රේනයේ බෙදුම්වාදීන්ට උදව් කරලා ඒකේ කෑල්ලක් යටත් කරගන්න කොට ඒකත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකුලයි. බටහිර රටක් ඒ දෙයම කලොත් ඒක වැරදි. ඔක්කොම බලවත් රටවල් එකයි. තමන්ගේ වාසියට මිනි මරනකොට හොඳයි. අනුන් මිනි මරනකොට වැරදියි.

:       2345       2545

GihanTuesday, 17 April 2018 02:51 AM

ජෝර්ජියාවයි, යුක්රේනයයි කියන්නේ කලින් රුසියානු සමුහාණ්ඩුවේ කොටස්...

:       0       0

සතයපාල Monday, 16 April 2018 02:25 PM

පුටින් ට්‍රම්ප්ව ඇමරිකාවේ ඡනාධිපති කරලා අද ඉල්ලගෙන කනවා වගේ. ට්‍රම්ප් කාවවත් විශ්වාස කරන්නේ නැති කාටවත් විශ්වාස කරන්න බැරි අරුම පුදුම දේශපාලකයෙක්...

:       207       221

කුමාර් (ගල්ෆ්) Monday, 16 April 2018 04:31 PM

මෙයා ලැජ්ජාවට කට මැත දොඩවනවා.

:       0       0

emerson Monday, 16 April 2018 06:18 PM

මේ රටවල් දෙකේ ආර්ථික ශක්තිය අහසට පොලොව වගේ . රටේ ජනතාවට කන්න දෙන්න බැරුව ලෝකෙට ගහන්න හදනවා රුසියාවට කරන්න පුළුවන් දෙයක් නැහැ.

:       0       0

rocky Tuesday, 17 April 2018 01:25 AM

ට්‍රම්ප්ව මෙල්ල කරන්ට පුටින්ට බැහැ.

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:48 AM

හරියට හරි පුටින් මහතා කලොත් අන්න වැඩේ. ඔබලා සමග චීනය, ඉරානය සහ උතුරු කොරියාව එකතුවන බව අනිවාර්යයි. ඇමරිකාවට රුසියාව 2025 දක්වා සපයන්න පොරොන්දු වී ඇති R - 180 රොකට් එන්ජින් සැපයීමත් නවතිනවාද? ලෝකයේ හොඳම රොකට් එන්ජින් නිපදවීම රුසියාවේ බව අපි දන්නවා ඒවා ඇමරිකාව මිලට ගන්න බවත් අපි දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්නවානම් අන්තර්ජාලයට ගොස් කියවන්න

:       0       0

Bamunuarachchi Tuesday, 17 April 2018 01:50 AM

ගෝලීය අර්බුදයක් කියන කොට මාර සතුටක් එනවා.

:       0       0

Nandaka Tuesday, 17 April 2018 06:12 AM

ඇයි අපේ ට්‍රම්ප්..සිරිපාල... කාවවත් විශ්වාස කරන්නේ නැති කාටවත් විශ්වාස කරන්න බැරි අරුම පුදුම දේශපාලකයෙක්...!!

:       0       1

asad Tuesday, 17 April 2018 08:17 AM

රුසියාව සහ ඇමරිකාව යුදමය වශයෙන් බලවත් රටවල් දෙකක්. හැබැයි ලෝකයේ බලවතා වීමට එය ප්‍රමාණවත් නොවේ. ආර්ථික වශයෙන් බලවත් වුවහොත් පමණයි ලෝක බලවතා වීමට හැක්කේ...ගල්ෆ් කලාපය(මුස්ලිම් රටවල්) තමයි මුදල්මය වශයෙන් බලවත් වන්නේ ලෝකයේ. එම රටවල්වල පාලන තන්ත්‍රය අවුල් කරමින් තමන් විසින්ම නිර්මාණය කරන ත්‍රස්තවාදී කණ්ඩායම් යොදා ලෝකෙට වැරදි රූපයක් පෙන්වීම තුළින් එම රටවල්වල පාලනය තමන්ට නතු පාලකයන් පත් කිරීමට මේ බලවත් රටවල් දෙකම උත්සාහ කරමින් සිටිනවා.

:       0       0

truth Tuesday, 17 April 2018 10:41 AM

මේ අය කුළල් කාගෙන තවත් කට්ටිය කට වැඩේ කරන්න දීලා යයි. බොරුනම් බලන්න. මොකද ? ඔය දොඩවන අර්බුධයට මේ අයත් අයිති නිසා

:       0       0

rocky Tuesday, 17 April 2018 01:06 PM

ලෝකෙට ලොක්කා වෙන්න පුටින්ටත් ඕන වෙලා වගෙයි! බය වෙන්න එපා ට්‍රම්ප් මහත්තයෝ, රුසියාවටත් උණ ගැනෙන්න ගහන්න.. ඉශ්‍රායෙල් සපෝර්ට් එකත් තියනවනේ...

:       95       1

Bamunuarachchi Thursday, 19 April 2018 07:57 AM

පුටින්ව වරද්ද ගත්තොත් ඔය කොයි ලොක්කාටත් වරදිනවා

:       0       0

Bamunuarachchi Thursday, 19 April 2018 10:45 AM

ගෝලීය අර්බුදයක් කියනකොටම මාර ජොලියක් හිතට එනවා. ට්‍රම්ප් මහතා ඔබට ඊශ්‍රායල් සපෝට් එක තිබෙනවා කව්දෝ කියනවා ඇසුනා. එයාට මතක් කොරන්න කැමතී රුසියාවට සපෝට් කරන්න උතුරු කොරියාව, චීනය, ඉරානය එළිපිටම ලෑස්තියි. චීනෙන් ඇමරිකාවට හම්බවෙන්නේ ආර්ථික ඇටැක් එකක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 177 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 35 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1260 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2803 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3292 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1570 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 286 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site