IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යළි ඇමැතිධූර ලබා ගැනීමට මුස්ලිම් මන්ත‍්‍රීවරු තීරණය කරති

(නාලක සංජීව දහනායක)

අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා ලංකාදීපයට පැවැසීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ බවත් කී මන්ත‍්‍රීවරයා මේ වනවිට එම කාලය ඉක්ම ගොස් ඇති බවත් අදාළ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකිවූ බවත් කීය.

එමෙන්ම පාස්කු ඉරුදින ප‍්‍රහාරයට බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවැත ඇමතිධූර ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පැවැසීය.

මෙම තීරණය පිළිබඳව තමන් මේ වනවිට අගමැතිවරයාට දැනුම් දී බවත් එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා කී බවද ඒ.එච්.එම් ෆවුසි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.   



අදහස් (23)

යළි ඇමැතිධූර ලබා ගැනීමට මුස්ලිම් මන්ත‍්‍රීවරු තීරණය කරති

රවින් Thursday, 11 July 2019 04:45 PM

අපිට හා රටට ආදරේට වෙන්න ඇති.

:       37       266

chandima Thursday, 11 July 2019 04:55 PM

මේ මැති ඇමතිකම් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි විශ්‍රාම වැටුප් ලබන තනතුරක්. ඒ කියන්නේ ජනතා නියෝජිත තනතුරකට වැඩ වැටුප් ලබන රැකියාවක්. එකපාරක් ඉල්ලා අස්වුනාට පස්සේ අපි ආපහු එනවා කියල නිකන්ම ඇවිත් වැඩ භාරගන්න බැහැනේ. එහෙම එන්න නම් ආයෙත් පත්වීමක් ලබාගන්න වෙනවා. ඒ වෙනුවට කෙනෙක් පත් කරලා නම් ජනතාවගේ කැමැත්ත ලබා ගන්නත් වෙනවා. මේගොල්ලන්ට එහෙම යන්නයි එන්නයි පුලුවනිනම් හිතුනු හිතුනු වෙලාවට අනික් රජයේ සේවකයින්ටත් ඒ වරප්‍රසාද ලැබිය යුතුයි. රජයේ විශ්‍රාම වැටුප් ලබන මේ පිරිසටත් ආයතන සංග්‍රහය වලංගු විය යුතුයි. දෙන්න එපා ඒ තනතුරු එන එන වෙලාවට.

:       15       401

Perera Friday, 12 July 2019 08:04 AM

මන්ත්‍රී කමයි ඇමැතිකමයි දෙකක්. ඇමති ධූරයක් දැරිය හැක්කේ මන්ත්‍රීවරයෙකුට පැමණි. මොවුන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී නැත. විශ්‍රාම වැටුපට අවශ්‍ය මන්ත්‍රී ධූරයේ සිටීම පමණි. ඇමතිද නැතිද යන්න ඊට අදාළ නැත.

:       0       0

wasala Mudiyanselage Thursday, 11 July 2019 10:17 PM

මේක නම් හරිම විහිළුවක්. මෙච්චර ලොකු ප්‍රශ්නයක් මාසයකින් විසදලා ඉවරයි. කෝ ඒ වාර්තාව. ඒක මහජනයාට ඉදිරිපත් කරලා මහජන මතයක් ගොඩනගන්න ඒ චෝදනා තියන අය නිරදෝෂයි කියලා. තවම කිසිම සාර්ථක තොරතුරක් අපි දන්නේ නැහැ මේක කොහොමද උනේ කියලා. එහෙමනම් කොහොමද කියන්නේ මේකට යම් විදියකින් සම්බන්ද වුන කට්ටිය සම්බන්ද නැහැ කියල. ලංකා ඉතිහාසයේ තියනවද 300 ක නෙවේ එක මිනිස් ඝාතනයකට සම්බන්දයෙන් කෙලින් හෝ අනියම් විදියට සැක කරන කිසිම කෙනෙක් මාසයකින් පරීක්ෂණ ඉවර කරලා නිදහස් කරයි කියල. අර 2000ක් මුස්ලිම් අයගෙන් කොච්චර දෙනෙක් නිදහස් කලාද ඒ වගේ? අපිට දැන් මේක නෛතිකව විසදා ගන්නව මිසක් ඔය කොමිසම් වලින් විසදන්න බැහැ. ඇමතිවරුන්ට ඕන ඕන වෙලාවලට යන්න එන්න අපේ පාර්ලිමේන්තුව අම්බලමක්ද? මේ ප්‍රශ්නය ලාංකිකයන් ඔලුවට අරගෙන ඉදිරියේදී වැඩ කලේ නැත්නම් මේ අවනිතියෙන් මුළු රටම විනාශ වෙනවා.

:       0       11

Bandara Thursday, 11 July 2019 11:33 PM

මම හරි බයේ හිටියේ ආයේ භාර ගන්නේ නැති වෙයි කියල

:       1       0

saman Friday, 12 July 2019 01:49 AM

ඔන්න බළලා මල්ලෙන් පැන්නා.

:       1       0

jayath Friday, 12 July 2019 03:15 AM

ඒ නාඩගමත් ඉවරයි ! හූ හූ හූ ( මේ හූ කියාගත්තේ මටම හොඳෙයි)

:       1       0

BamunuarachchiSaturday, 13 July 2019 02:02 AM

නරකද උදේ නැගිට්ට ගමන් උඩ බලාගෙන කෙලගහ ගත්තොත්...?

:       0       0

Nuwan Friday, 12 July 2019 06:38 AM

කරගෙන ආපු මෙහෙයුම් නතර කරන්න මේගොල්ලෝ ගහපු වැඩක් තමා ඕක. ආරක්ෂක අංශ කරගෙන ආපු ගැම්ම එහෙන් පිටින්ම මේගොල්ලෝ නැවැත්තුවා. පස්සේ ටිකක් කල් ගිහින් ජනතාව ඉල්ලුව කියලා ආයෙත් තනතුරු ගන්නවා. කොහොමද ටිකිරි මොළේ?

:       1       1

Anura Friday, 12 July 2019 07:08 AM

ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ

:       1       14

BamunuarachchiSaturday, 13 July 2019 02:04 AM

උන්ටද නැතිනම් ඇමතිකම් ගන්න කියන මහා චීවර ධාරීන්ටද?

:       0       0

Gune Friday, 12 July 2019 08:16 AM

දැන් තරු පෙනිලා ඉන්නේ

:       1       0

tikiri Friday, 12 July 2019 08:27 AM

නටපු නාඩගමකුත් නැත බෙරේ පලුවකුත් නැත .

:       1       1

sisira Friday, 12 July 2019 08:27 AM

කොහොමද රංගනය දිග හැරෙන හැටි

:       1       0

maraya Friday, 12 July 2019 09:49 AM

මුළු ලංකාවේම ජනතාව බලා සිටි. අපි දැවැන්ත මෙහෙයුමක් දියත් කර එක පක්ෂයකට පමණක් මෙවර ඡන්ද එකතු කර දෙමු. ඔබ සැමට පාර්ලිමේන්තුවේ කිසිම හඬක් ඉතුරු නොවනු ඇත.

:       1       0

Gonta Friday, 12 July 2019 11:06 AM

සාදුකාරයක් දෙන්න පින්වතුනි..

:       2       14

sirimal Friday, 12 July 2019 12:21 PM

මේ ගොල්ලෝ කවද්ද විපක්ෂේ හිටියේ? ඔය පම්පෝරි ගහන කවුරු බලයට ආවත් එකයි. ලබන ජනාධිපති වරණයට ඉස්ලාම් කෙනෙකුත් ඉදිරිපත් වෙනවා කියලයි දැන් කියන්නේ...

:       1       60

Bamunuarachchi Friday, 12 July 2019 05:34 PM

මහනාහිමිවරුන්ට වටලප්පන් වල රස දන්නා නිසා මොවුන්ව ඇමැතිකම්වල තියන්න ඕනෙලු.

:       4       0

BamunuarachchiSaturday, 13 July 2019 05:07 AM

මේ ගොල්ලෝ කියනවා අර තුන් නිකායේ ගොයියෝ කියන හින්දාලු ඇමතිකම් ගන්නේ... නැතිනම් ඇමැති කම් තඹ සතේකට මායිම් කරන්නේ නැතිලු. තුන් නිකාය දන්නවා රට ගෙනියන්න සිංහලයෙක් නොමැති බව... අතීතයේ සිංහල රට, ජාතිය, ආගම රැක්ක භික්ෂූන් වහන්සේලාට සංසන්දනය කරනවිට මේ තුන්නිකායේ ඉන්නේ මොක්කුද කියා සිතෙනවා....

:       0       0

nali Friday, 12 July 2019 06:24 PM

දැන් කැමරා ගත කරන්නේ රජයේම තිරනාටකයි .

:       0       0

Bamunuarachchi Saturday, 13 July 2019 01:59 AM

නැතිනම් මොන බම්බුවකටද බණ කියනකොට සිංහලයා ප්‍රෞඩ ජාතියක් කියා බෙරිහන් දිදී... මුසල්මානුවන්ට රටේ පාලනයට එකතුවන්න කියන්නේ... ඔවුන්ගේ ජනතාව නියෝජනය කරන්න ඔවුන්ගේ මන්ත්‍රියෝ හිටියාවේ.. නමුත් රටේ පාලනයට මොවුන් අවශ්‍ය නැත.

:       0       0

Chanak los angeles Saturday, 13 July 2019 04:47 AM

එක එක හාල්පාරුවෝ මේ මුස්ලිම් මැතිඇමතිවරුන්ට දෝෂාරෝපණය කළාට ආණ්ඩුව හතර අතේ විවේචනය කරන සාටකතුමා කිසිම දොසක් අද වෙනතුරු කියලා නැහැ නේද? ඇයි ඒ?

:       0       0

Bamunuarachchi Saturday, 13 July 2019 05:24 AM

දැන් මොවුන් යන යකා කොරහා බිඳගෙන යන්න යාවි... මේ අමාත්‍යාංශවල ඉන්නා සිංහලයිනේ.... ඇතුලේ වෙන්නේ මොකක්ද කියා පුවත්පත්වලට හා සමාජ වෙබ් අඩවිවල දමාපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 341 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 990 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2559 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2813 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 828 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 326 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1675 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site