සති හතක් මුළුල්ලේ පැවැති ඉන්දියාවේ 17 වැනි මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවැනි ධූර කාලය සඳහා අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළ වී ඇත.
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රතිඵල ගණන් කිරීම ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිතය.
අවසන් වරට 2014 වසරේ පැවැති මහ මැතිවරණයේදී අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය උත්තර ප්‍රාන්තයේ ආසන 80න් 71ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙවර එහි යම් පසුබැසීමක් සිදුව ඇතැයි අනාවැකි පළ වී තිබේ. කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂයේ උතුරේ සහ බටහිර බල කඳවුරු තම ශක්තිය තවදුරටත් තහවුරු කරගෙන ඇතැයි ද බටහිර බෙංගාලයේදී සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් තමන් සතු කරගෙන ඇතැයි ද දැනට පළ වී ඇති අනාවැකිවලින් කියැවේ.
එසේ වුවත් ඉන්දියාවේ දකුණු පෙදෙසේ ප්‍රාන්තවලින් කර්නාටක ප්‍රාන්තය හැරෙන්නට අනෙක් ප්රාන්තවලදී භාරතීය ජනතා පක්ෂය ප්‍රතිවාදීන්ට පසුපසින් සිටින බව පැවසේ.
භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කොංග්‍රසය 2014 වසරේදී ඓතිහාසික පරාජයකට මුහුණ දුන්නේය. කෙසේ නමුත් මෙවර කොංග්‍රසය සහ ඔවුන්ගේ මිත්‍ර පක්ෂ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ආසන 543කින් සමන්විත ලෝක් සභාවේ බහුතරය බලය දිනාගැනීමට නම් ආසන 272 වැඩි සංඛ්‍යාවක් දිනා ගත යුතුය. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුතු කොංග්රස් පක්ෂය මෙවර ආසන 272න් අඩකට ආසන්න සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි දැනට අනාවැකි පළ වී ඇත.
භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුතු ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ආසන 242ත් 365ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි ද කොංග්‍රසය ප්රමුඛ එක්සත් ප්රගතිශීලි සන්ධානය ආසන 77ත් 164ත් අතර සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි පැවසේ.
ඉහත කී සන්ධාන දෙකෙන් එකකට හෝ සම්බන්ධ නැති සමාජ්වාදි පක්ෂය, බහුජන සමාජ් පක්ෂය සහ රාශ්ත්‍රීය ලෝක් දාල් යන පක්ෂ ආසන 69ත් 125ත් සංඛ්‍යාවක් දිනාගනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
කෙසේ නමුත් මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළ වූ අනාවැකි වැරැදුණු දීර්ඝ ඉතිහාසයක් ඉන්දියාව සතුව ඇත.
වර්තමානය වනවිට මහජන මතය සම්බන්ධයෙන් සහ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් පළ වූ අනාවැකිවල විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබේ.
පසුගිය සතියේ අවසන් වූ ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය, 2016 වසරේ පැවැති ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණය සහ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම පිළිබඳව කෙරුණු මත විමසීම්, අනාවැකි පළ කිරීම් සියල්ල වැරැදුණි.
ද හින්දු ඇසුරිනි
055
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෝදි දෙවන ධූර කාලයට පත්වනු ඇතැයි අනාවැකි
sirimal Monday, 20 May 2019 12:44 PM
අපි නම් හිතුවේ මෝදි නිකම්ම මෝදු වෙලා යයි කියලයි.
janahitha Monday, 20 May 2019 01:56 PM
අපේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.
vidya Monday, 20 May 2019 07:07 PM
මෙතුමා දිනුවත් පැරදුනත් හොරෙක්, තක්කඩියෙක්, පාර්ලිමේන්තුවේ වාචාල කතා කියන කෙනෙක් නෙමේ. වැදගත් නායකයෙක්.