IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරගහකන්ද හතර සැරයක් විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ජනාධිපතිවරයා මොරගහකන්ද ව්‍යාපෘතිය සිව් වතාවක් විවෘත කිරීම ගැන විගණන විමර්ශනයක් පවත්වන්නැයි විගණකාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

රත්නායක මහතා මේ බව පැවැසුවේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

බිමල් රත්නායක මහතා මෙසේද කීය.

   ‘‘ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උත්සව වලට ලොකු මුදලක් නාස්ති වෙනවා.රාජ්‍ය උත්සව වලට කරන අනවශ්‍ය වියදම් ගැන විගණකාධිපතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තුව රැස්කරන්න දිනකට වැය කරන මුදල ගැනත් ඔහු ප්‍රකාශයක් කළ යුතුයි. ඒ ගැන තිබෙන සංඛ්‍යා ලේඛන පරස්පරයි.

මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න කලින් ඒ ව්‍යාපෘති ගැන විගණනයක් කළ යුතුයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් දූෂිත නිලධාරීන් ඉන්නවා.වයඹ පළාතේ දුෂණයක් ගැන මා පැමිණිල්ලක් කළා. ඒ පළාතේ විගණන ප්‍රධානීන් කිහිපදෙනෙකු කළේ දූෂිතයින් සෙවීම නොව පැමිණිල්ල කරපු අය පිටුපස පැන්නීමයි.‘‘



අදහස් (9)

මොරගහකන්ද හතර සැරයක් විවෘත කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Thilina Friday, 07 September 2018 04:58 PM

මේ ගැන ලංකාදීප වෙබ් අඩවියේ මම මුලින්ම අදහස් පල කරද්දී යහපාලන හෙංචයියෝ කොච්චර කෑ ගැහුවද..? තව මේක ඉවර නැහැ.. ආපහු මේක විවෘත කරනවා. බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා සරල ගමයා රටම ඇන්දුවා.

:       589       579

MarajaaSunday, 09 September 2018 12:41 AM

මට මතක නැහැ.... හොඳයි විවෘත කරපු එක නරකද?

:       0       0

සනත් Friday, 07 September 2018 07:42 PM

හිටපු ජනාධිපති අධ්වෙගීමාර්ග අඩියෙන් අඩිය විවෘත කරනකොට වරාය ජැකාල නටවල දෙතුන්පාර විවෘත කරනකොට අරලිය ගහ මන්දිරයේ පන්හයදාහකට දන්සැල් දෙනකොට මෙයාල මීක් නැතුව හිටිය.

:       1820       2227

BamunuarachchiSaturday, 08 September 2018 07:07 AM

පිස්සු කරන්න එපා හලෝ... 2005 සිට 20014 වනවිට හිටපු ජනාධිපති යුද්ධය ඉවර කිරීමත් සමග ව්‍යාපෘති 10ක් පමණ නිමකළා. කුහකවෙන්න එපා.

:       1521       1409

RaveendraSaturday, 08 September 2018 08:14 AM

පෙර හරකා හිටගෙන වැසිකිලි ගිය නිසා දැන් හරකා දුව දුව වැසිකිලි යාම හොදයි යන්නද ඔබ පවසන්නේ ??

:       97       94

ManojSaturday, 08 September 2018 09:37 AM

ඒකනේ සනත් මහත්තයෝ අපේ එ අය එපා කියල යහපලනය ගෙනවාා සනත් කිනන්නේ එ අය එහෙම කරපු නිසා මේ අයත් එහෙම කරන්න එක සාදාරනයි කියලද

:       94       169

සනත්Saturday, 08 September 2018 08:32 PM

අහන දකින හැමෝම කියන්නේ මේ ආණ්ඩුව කිසිම වැඩක් කරන්නෙත් නැහැ. පරණ ලොක්කවගේ අත් දෙක උස්සලා අපිට ආතල් එකක් දෙන්නෙත් නැහැ කියලයි. ඒ නිසා මෙයලටත් මිනිස්සුන්ගෙ හිත පිනවන්න පොඩි සෝබන පාරක් දාන්න හිතෙන්න ඇති. මාත් මොරගහකන්ද ජලාශය බලන්න ගියා. ඒක හරිම විශ්මිතයි ආකර්ෂණීයයි.

:       209       504

DarshanaSunday, 09 September 2018 07:04 AM

සම්පුර්ණ මාර්ගයම විවෘත කරනවා මිසක් අපි නම් දැක්කේ නැ අඩියෙන් අඩිය විවෘත කරනවා. කොහොම උනත් වෙන මොකුත් විවෘත කරන්න දෙයක් නැති නිසා කලින් ආණ්ඩුවෙන් පටන් ගත්ත මේක හරි විවෘත කර කර ඉදියි...

:       0       54

Bamunuarachchi Friday, 07 September 2018 10:58 PM

මොරගහකන්ද හතරසැරයක් විවුර්ත කරලා අර 62 ට කියනවා අපි ව්‍යාපෘති 4 කලා කියලා. කාටද ආඩම්බර?

:       1619       1910

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 24 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 92 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 131 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 287 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 652 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 839 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site