IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මොරගහකන්ද රක්ෂිතයට ගිනිතැබීමෙන් පැළ 26,000 ක් විනාශයි

(ඉන්දික අරුණ කුමාර)
 
පවත්නා වියළි කාලගුණයත් සමඟ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මොරගකන්ද ආශ්‍රිත රක්ෂිත  කැලෑ ගිනි තැබීම් ඉහළ ගොස් තිබේ.

මේ වන විටත් නාඋල කිරිවානාසල්ලිය කන්ද, මොරගහකන්ද ජලාශ රක්ෂිතය, දෙකේ කව කරවිලහේන ප්‍රදේශය ආදී ප්‍රදේශ රැසක ගිනිගැනීම් සිදුව ඇති බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියේය.
 
ගිනි ගැනීම් හේතුවෙන් මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ අලුතින් වගා කර ඇති වන වගාවෙන් පැළ 26,000 පමණ මේ වන විට විනාශ වී ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි.

 එහි මහජන සම්බන්ධතා නිලධාරි පි.ජි. දයානන්ද මහතා කියා සිටියේ මොරගහකන්ද නැරඹිම සදහා පැමිණෙන පිරිස් අතරින් කිසියම් කණ්ඩායමක් මෙම ගිනි තැබිම් සිදුකර ඇති බවයි. වසරක් පාසා ඉවක් බවක් නොමැතිව සිදුකරන වනාන්තර ගිනි තැබීම් හේතුවෙන් මේ වන වන විටත් දිය උල්පත් සිදී යෑම්,ජෛව විවිධත්වයට බලපෑම් මේන්ම දුර්ලභ සත්ව විශේෂ වදවීම් වැනි ගැටළු රැසක් මේ වන විට සිදුව ඇතැයි දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.

 



අදහස් (3)

මොරගහකන්ද රක්ෂිතයට ගිනිතැබීමෙන් පැළ 26,000 ක් විනාශයි

රජින්ද Sunday, 21 July 2019 05:41 AM

මේ අමනුෂ්‍යයින්ට අවම වසර 10කට නොඅඩු සිර දඩුවමක් හෝ ඔවුන්ගේ වියදමෙන් හා ශ්‍රමයෙන් ඒ විනාශ කළ භූමි ප්‍රදේශ පුරා නැවත ගස් සිටුවීම සිදු කල යුතුයි. බඩගින්නට අල්ලපු වත්තේ අඹ කඩපු මනුස්සයෙක්ට ක්‍රියාත්මක කරන නීතිය මේ පාපතරයින්ට වහා ක්‍රියාත්මක කල යුතුයි.

:       0       104

සනත් වීරකෝන් Sunday, 21 July 2019 05:58 AM

මේ මෝඩ මිනිස්සු කරන්නෙ අපි හැමෝගෙම ගෙවල්වලට ගිනි තියනව වගේ අහස පොලොව නුහුලන මහා අපරාධයක්.

:       0       88

shan Sunday, 21 July 2019 07:43 AM

තව ගිනි තියපල්ලා උඹලට උඹලගේ දරුවනට අනාගතේ වහ තමා බොන්න වෙන්නේ රටේ නායකයෝ ඉන්න බුරුවො වගේ නිලධාරීන්ට එහා උන් හොයන්නේ කොහෙන්ද මඩිය පුරෝ ගන්නේ කියල මේ වනාතර අවට ඉන්න ජනතාව නොදැන මේ කිසිම දෙයක් කරන්න බැහැ මේ ගිනි තැබීම් කරන්න මේ අවට ඉන්න ජනතාවමයි උන්ගේ පෞද්ගලික උවමනාවන් සඳහා තමා මේ ගිනිතියන්නේ සමහර උන් දඩයක් කරන්න තව උන් හේන් කොටන්න මුන් ජලපෝෂක ගිනිතියල හේන් කොටලා වැස්ස නැතුව හෙන පලු උනාම රජයෙන් වන්දි ඉල්ලා පාරේ කෑගහනවා ලංකාවේ ලැවුගිනි ඇතිවෙන්නේ නැහැ මේවා කරලා ගොවිතැන් පාලු උනා කියල මේ වැසි වනාන්තර හෝ ජලාශ වල ජාල පෝෂක වලට ගිනි තැබීම වෙනුවෙන් අවට ඉන්න ජනතාව වහාම අත්අඩංගුවට ගැණිය යුතුය...... නැතිනම් මේ ප්‍රදේශ වලින් කිලෝමේටර් බාගයක් දුරට සියලු සිවිල් ජනතාව ඉවත් කරලා හමුදා ආරක්ෂාව යොදවන්න ඕනේ මේක දැන් සෙල්ලමක් වෙලා ඒක ඒක උන්ට ඕනේ ඕනේ වෙලාවට රටේ වනාතර ගිනි තියන්නයි විනාශ කරන්නයි පටන් අරන්න රටේ පාලකයෝ මීහරක් වාගේ බලා ඉන්නවා ඡන්දෙ නැති වෙයි කියල

:       15       414

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 11 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 36 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 175 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 138 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 572 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 455 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site