විනීතා එම් ගමගේ
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුව පිළිබඳව ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට සමුද්‍රිය දුෂණ වැළක්වීමේ අධිකාරිය පියවර ගෙන ඇත.
එසේ නඩු පැවරීම සඳහා අද (10) වෙරළ තීරයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගත් බවත් අද මුහුදේ තෙල් කාන්දුව සිදුවූ නැවෙන් හා වෙනත් දුටු සාක්ෂි ලබා ගැනීමට නියමිත බවත් සමුද්‍රීය දුෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
දික් ඕවිට සිට උස්වැටකෙයියාව වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීමේ පාරිසරික මෙහෙයුම සමුද්‍රීය දුෂණ වැළැක්වීමේ අධිකාරියේ විශේෂඥ උපදෙස් මත මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.
පෙරේදා රාත්‍රියේ දී නෞකාවකින් කලූ තෙල් ගොඩ බාමින් සිටියදී මුතුරාජවෙල බෝයේ නලයක මෙම කාන්දුවීම හටගෙන තිබු අතර කාන්දු වු තෙල් මුහුදට එක් වෙමින් පැවතිණි.
ඈත මුහුදේ තිබු තෙල් වියෝජනය වීම සඳහා රසායනික ඉසීම පෙරේදා සිදුකළ බවත් මේ වනවිට වෙරළ තීරයට ගොඩ ගසන තෙල් තට්ටු හා වෙරළාසන්නයේ තෙල් තට්ටු ඉවත් කරමින් සිටින බවත් කී ප්‍රදීප් කුමාර මහතා මෙම තෙල් ඉතා ඝණකමින් වැඩි බවත් විෂ සහිත බැවින් සීරුවෙන් ඉවත් කළ යුතු බවත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පරිසරයට හානිකර වන මෙම තෙල් තට්ටු ඉක්මනින් ඉවත් කර පරිසරයට වන හානිය වැළැක්වීමට කටයුතු කරන බව ද හෙතෙම තවදුරටත් දියා සිටියේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු