IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි


( ඉන්දිකා රාමනායක)
 
පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර  තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය  මහජන  සහය පතයි.

පිළියන්දල , මඩපාත, අලූබෝගහවත්තේ  අංක ,66 නිවසේ පදිංචි ප‍්‍රත‍්‍රමතන්ත‍්‍රිගේ දෝන නිශාදි ධනුෂ්කා නැමැති ජාතික හැදුනුම්පත (827253464) දරණ සැකකාරි මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම සැකකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටියදී 2017,2018 යන වසර වල බැංකුවේ ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලියක් ලබාදෙන බව පවසමින්  කාන්තාවන් ඇතුලූ පුද්ගලයින්  පස් දෙනකුගේ මුදල් ලබාගෙන ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ තැන්පතු සහතික නිකුත් කර ඇති බව  වංචා විමර්ශන  කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් ලක්ෂ 10, 25, 40, 45, 50, වශයෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සැකකාරිය මෙම ව්‍යාජ   තැන්පතු නිකුත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ඒකකය 3 සහ 7 වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව  එම නිලධාරියා කීය.

ඒකක 3 බාර ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය සහ ඒකක 7 බාර ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව කොළඹ කොටුව,අලූත්කඩේ,මාලිගාකන්ද,මොරටුව යන මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වන බවද වංචා විමර්ශන අංශය සඳහන් කරයි.

පහත  ඡායාරූපයෙන්  සිටින මෙම සැකකාරි සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්  කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ-0112673593,ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශ - 0112673571,කොළඹ වංචා විමර්ශන අංශය - 0112673590, අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

ඡායාරූප සැපයුම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය



අදහස් (24)

මුදල් වංචා කළ කත සොයන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Chaandani Friday, 20 April 2018 11:07 AM

මුදල් දුන් උදවිය ජීවිතේට බැංකුවකට නොගිය උදවිය විය යුතුයි. නැති නම් අදාළ ස්ථිර තැන්පත් සහතික වල පොලිය එකතු වෙන විට බැංකුවෙන් ලියුමක් එවන බව දැනගෙන සිට නැහැ වගේ... වෙනත් කටයුත්තකට බැංකුවට ගිය විටදිවත් මේ තැන්පත් මුදල් ගැන බැංකු නිලධාරින් සමග සාකච්ඡා කර නැද්ද? මේ තැනැත්තිය එකත් එකටම දැන් පිටරටකට පැන ගෙන ඇති.

:       0       205

godamunnaFriday, 20 April 2018 11:44 AM

අපේ රටේ එහෙම අය ඉන්නවා.. සාක්ෂරතාව ඉහල වුණාට මෝඩකමත් ඒ වගේම ඉහළයි.

:       0       202

rama Friday, 20 April 2018 11:34 AM

ඔක්කොම ගනුදෙනු වැඩ කරලා තියෙන්නේ ගෙදර ඉඳලාමයි. හරිම ශෝක් නේ...

:       0       102

naradha Friday, 20 April 2018 11:48 AM

මේ තරම් මෝඩ මිනිසුන් ලංකාවේ සිටිනවා යැයි ඇසීම, රටම ලැජ්ජා විය යුතු කරුණක්...

:       8       203

Sugandhi Friday, 20 April 2018 12:36 PM

මට හරියටම විශ්වාස නැහැ. නමුත් මේ වගේ කෙනෙක් ලන්ඩන් පන්සලක හිටියා වගේ මතකයි.

:       104       32

මංජුල Friday, 20 April 2018 02:07 PM

අවිශ්වාස කරන්න තරම් හේතුවක් නැහැ සුගන්ධි, ආරක්ෂාවට පිරිත් නූලක් බැඳ ගන්න පන්සල පැත්තේ යන්න ඇති...

:       307       279

nihal chandrasekera Friday, 20 April 2018 01:40 PM

අපේ මිනිස්සු තවමත් මොන්ටිසෝරි වැඩ කරන්නේ ඔච්චර පත්තරවල ටීවීවල කොච්චර දැනුවත් කළත් වැඩක් නැහැ. සල්ලි තණ්හාව තියෙනකම් අහක ඉන්න අයට හම්බකරගන්න මෝඩ මිනිස්සු පෝලිමේ යනවා.

:       0       55

බද්රානි Friday, 20 April 2018 01:54 PM

ලංකාව කියන්නේ ප්‍රභූ දේශපාලකයාගේ පටන් මහපාරේ සිටින හිඟන්නා දක්වා, හොර තක්කඩින්ගෙන් පිරිණු දූපතක්. මේ දූපතේ සිටින වැසියන් ඒ බව අවබෝධ කරගෙන කටයුතු කළොත් ඇතිවන ගැටළු අවම කර ගත හැකියි. ඉක්මණින් පොහොසත් වෙලා මැරුණාම රැගෙන යන්න. පෙරුම් පුරාගෙන පොදි බඳින තණ්හාවෙන් පිරුණු අය, අනුන් අන්දවන ඇඳුම් උජාරුවට ඇඳ ගත්තට කාටවත් කල හැකි දෙයක් නැහැ. රටේ පවතින ඇත්ත ඇහෙද්දී, භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ, දේස ප්‍රේමේ ඔලුවට ගහලා, පුහු මාන්නයක් ඇතිකරගෙන, සත්‍යයට පිටුපානකොට, රට තුල පවතින සරල යතාර්ථය නොපෙනීම සාමාන්‍ය දෙයක්...

:       3       1242

RaveendraFriday, 20 April 2018 03:54 PM

බද්රානි මිය වෙත, ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු.

:       2       55

Sunil Friday, 20 April 2018 06:23 PM

100% ක් ඔබතුමිය සමග අපිත් එකග වෙමු.

:       0       21

පුජාපිටියේ සමිත හිමි Friday, 20 April 2018 06:27 PM

මමත් ඔබතුමියගේ මතය අනුමත කරනවා.

:       0       9

අනිල් R...Friday, 20 April 2018 11:24 PM

එතකොට බද්රානියි, රවින්ද්‍රයි කියන්නේ දේශ ප්‍රේමේ නිසාද මේ වංචාවල් සිදුවෙන්නේ ? එහෙමනම් 1940- 50 ගණන්වල හිටපු මිනිස්සු මීට වඩා නරක වෙන්න එපාය ? මටනම් හිතෙන්නේ අද ලංකාවේ ටෙලි නාට්‍ය, ටියුෂන් වසංගතය සහ හැම දේටම දේශපාලනය මතුකරන පුරුද්ද නිසා තමයි පරම්පරාවල් මන්දබුද්ධිකයෝ වෙන්නේ.

:       10       4

RavendraSaturday, 21 April 2018 03:34 PM

අනිල් R මය වෙත ඔබගේ අදහස් වලට ගරු කරන අතර ඔබවිසින් බද්රානි මහත්මිය සදහන් කල කරුණු නිසිලෙස තේරුම් ගත්තේද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් අද මේ මොහොත වනවිට දේශප්‍රේමින් ලෙස රගපාන වැඩි පිරිසක් දේශද්‍රෝහීන් බව නොරහසකි. එය අපට මෙන් ඔබටද වැටහෙනු ඇතැයි අපගේ හැගීමය. තවද ඔබ විසින් සදහන් කල " අද ලංකාවේ ටෙලි නාට්‍ය, ටියුෂන් වසංගතය සහ හැම දේටම දේශපාලනය මතුකරන පුරුද්ද" යන අදහස 100% නිවැරදිය.

:       1       7

තිලක් Saturday, 21 April 2018 05:06 AM

මසුරන් කියමන, බොරුව, රැවටීම, මුලාව, වංචාව, විලාසිතාව, කුහකකම, රජ කරන සමාජයක... යථාර්ථවාදී මිනිසුන්ට තැනක් නැත. උපෙක්ෂාවෙන් බලා සිටිමු.

:       0       19

Rane Friday, 20 April 2018 03:22 PM

අල්ලලා දුන්නොත් දෙන තෑගි හැබෑටම මොනවාද ආ ..?

:       0       23

,dammi Saturday, 21 April 2018 03:46 AM

මහජනතාවට පොලිසියෙන් පඩි ගෙවනවද?

:       0       0

hesa Saturday, 21 April 2018 05:23 AM

දේශපාලනය ගැන නම් මහා ලොකුවට කතා කරනවා. මේ වගේ දේවල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. රුපියල් 100 ක් තැන්පත් හෝ ආපසු ගන්න බැංකුවට යන අය මේවා කරන්නේ හොර රහසේ අහල පහළ අය දැන ගනීවි කියලා... ඔන්න වෙච්ච දේ වැඩි තණ්හාව නිසා. පව් වැඩේට.

:       0       14

hesa Saturday, 21 April 2018 05:26 AM

අනික දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීම අනිවාර්යයෙන් සිදුවෙනවා.

:       1       11

amila Saturday, 21 April 2018 05:35 AM

සල්ලි දුන්න අයට ගහන්න හොයනවා... කට්ටියක් මේ අය හොරු බෝ කරනවා. තොත්ත බබාලා...

:       0       9

mohomad Saturday, 21 April 2018 05:38 AM

රනේ අල්ලලා දුන්නොත් අමුඩේ දෙනවා ඔයාට මුහුණටම ගහන්න.

:       0       8

DR Laxman Saturday, 21 April 2018 05:44 AM

මේ ආකාරයටම කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය ඉල්ලා නොසිටින්නේ මන්ද? අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් තියනවා. කෙනෙකුගේ ලිපිනය, පින්තුරය, ජාතික හැඳුනුම්පත් අංකය මෙලෙස වරදකරුවෙකු වීමට ප්‍රථම ප්‍රසිද්ධියට පත් කිරීම කෙතරම් සදාචාරද යන්න සොයා බැලිය යුතු වෙනවා. ස්ථාවර තැන්පතුවලට බැංකුවකට ගොස් මුදල් තැන්පත් කිරීමේදී අනිවාර්යයෙන්ම තහවුරු කරන ලද රිසිට්පතක් තැන්පතු සහතික නිකුත් කිරීමට ප්‍රථම ලැබෙන බව ඉතාම ලද බොළඳ අයෙකු පවා දන්නවා. මෙය බැංකුවේ ඉතාම දුර්වල කළමනාකරණ අඩුපාඩුවක් මෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ දැමීමක්. බැංකුවේ නම සඳහන් නොවීම තුල මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව පැහැදිලි වෙනවා.

:       4       229

dmmi Tuesday, 24 April 2018 05:45 AM

උදව් කරන අපිට පොලිසියෙන් පඩි ගෙවනවද.?

:       0       0

අමරපාල Tuesday, 24 April 2018 09:59 AM

මේ වගේ ලස්සන, හොද තැනක ජොබ් එකක් කරන ගෑණු කෙනෙක් මොකට හොරාකෑවද මන්දා. ඉස්සර මිනිස්සු හොරකම් කරේ බඩ ගින්නට කොස් ගෙඩියක්, කෙහෙල් ගෙඩියක්, ගමේ කඩෙන් බනිස් ගෙඩියක් වගේ නමුත් දැන් ඒකට මේ ලොකු තැන් වල ජොබ් කරන, හොද පෙනුමට ඉන්න මිනිස්සුමයි හොරකම් කරන්නේ.

:       0       0

suni Wednesday, 25 April 2018 10:35 AM

එ්කනේ කියන්නේ අපි හරි වෙනස් ජාතියක් කියලා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 13 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 192 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 210 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 517 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 356 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 863 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site